ඩීප් රූටඩ් ට්‍රී | |
---|---|
![]() ඩීප් රූටඩ් ට්‍රී සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | ට්‍රී විත් ඩීප් රූට්ස් |
ප්‍රභේදය | කාලාන්තර නාට්‍ය අභිරහස් ප්‍රේම කථා |
මත පදනම්ව | ලී ජං-මියුංගේ ඩීප් රූටඩ් ට්‍රී ඇසුරෙන් |
රචනය කලේ | කිම් යොං-හ්යුන් පාක් සං-යොන් |
අධ්‍යක්ෂණය කලේ | ජං තේ-යූ |
රඟපෑම | ජං හ්යුක් හන් සුක්-ක්යු ෂින් සේ-ක්යුං |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 24 |
නිෂ්පාදනය | |
ස්ථානය(න්) | කොරියාව |
ධාවන කාලය | බදාදා සහ බ්‍රහස්පතින්දා 21:55ට (KST) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝල් විකාශන පද්ධතිය |
මුල් ධාවනය | 5 ඔක්තෝබර් 2011 | – 22 දෙසැම්බර් 2011
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | ප්‍රොටෙක්ට් ද බොස් |
අනුගමනය වනුයේ | ට්ක් කෙයා ඔෆ් අස්, කැප්ටන් |
සබැඳි දර්ශන | සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
ඩීප් රූටඩ් ට්‍රී | |
හංගුල් | 뿌리 깊은 나무 |
---|---|
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Ppuri gipeun namu |
මැකූන්–රයිෂවර් | Ppuri kip'ŭn namu |
ඩීප් රූටඩ් ට්‍රී (කොරියානු: 뿌리 깊은 나무; ප්‍රරෝ: පුරි ගිප්යුන් නාමු) යනු 2011දී විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. ජං හ්යුක්, ෂින් සේ-ක්යුං සහ හන් සකු-ක්යු විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ එම නමින්ම යුත් ලී ජුං-මියුංගේ නවකථාවයි. SBS නාළිකාව ඔස්සේ 2011 දෙසැම්බර් 22 දින විකාශය ඇරඹි මෙම කතාමාලාව බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල 21:55ට විකාශය වූයේ කථාංග 24කින් යුක්තව ය.
ගැඹුරු මුල් ඇති ගස් නොනැමෙන බවට වූ යොංබියොචොංගා පද්‍යය ඇසුරෙන් නාමය යෙදුණු මෙම කතාමාලාව මගින්, සේජොං රජු (හන් සුක්-ක්යු විසින් නිරූපණය කරයි; වසර 16ක සිනමා දිවියෙන් පසු ඔහුගේ රූපවාහිනී ආගමනය මින් සනිටුහන් කෙරිණි) විසින් කොරියානු ලේඛන බස සම්පාදනය කරන අතරතුර, ග්යොංබොක් මාලිගයේ ජිප්හ්යොන්ජොන් විද්වතුන් ඝාතනයට වගකිව යුත්තන් පිළිබඳ විමර්ශනයෙහි යෙදෙන රාජකීය ආරක්ෂකයකු (ජං හ්යුක් විසින් නිරූපණය කරයි) පිළිබඳ කථාපුවතක් නිරූපණය වේ.[1][2]
සිය රාජ්‍ය සමයේ මුල් කාලයේ, සේජොං රජු සිය කෲර පියා වූ තේජොං රජුගෙන් සිය ඥාතීන් සහ ඔවුන්ගේ වහලුන් රැක ගැනීමට උත්සාහ දැරීමේ දී අනතුරකින් ඔවුන් ජීවිතක්ෂයට පත් වෙයි. මෙහිදී දොල්-බොක් සහ ඔහුගේ මිතුරා වන දම් නැමැති තරුණ වහලුන් දෙදෙනා දිවි රැකගන්නා අතර මේ බව කිසිවකු දැන නොගනී. රජුට දෝෂාරෝපණය එල්ල කරන දොල්-බොක් සිය ප්‍රියයන් මැරූ රජුගෙන් පලිගන්නට අදහස් කරයි. ඔහු වසර ගණනාවක් දක්ෂ සෙබලකු ලෙස පුහුණු වේ. මේ අතර දම් මාලිග ස්ත්‍රියක් බවට පත්ව සෝ-යි (ෂින් සේ-ක්යුං) යනුවෙන් හැඳින්වෙන අතර, සෙසු වහලුන් මරාදැමීමේ අවස්ථාවේ තමන් නිහඬව සිටීම පිළිබඳ ඇය පසුතැවෙන්නී ය.
රජුව ඝාතනය කිරීමේ අරමුණින් දොල්-බොක් නැවත මාලිගයට පැමිණෙන්නේ කං චේ-යූන් (ජං හ්යුක්) යන නාමයෙනි. නමුත් ගරුකළ යුත්තන්ගේ ශාලාවේ විද්වතුන් කිහිප දෙනකුගේ ඝාතනයන්ගේ අභිරහස් පිළිබඳසෙවීමට ඔහුට භාර වේ. මෙම මරණ සිදුකොට ඇත්තේ "සැඟවුණු මුල" නැමැති රහස් සංවිධානයක් විසින් වන අතර මෙය නිර්මාණය කරතිබුණේ වසර ගණනාවකට පෙර ජොං දෝ-ජොන්ගේ අනුගාමිකයන් විසිනි. ඔවුන්ගේ අරමුණ වූයේ රජුට වඩා වැඩි බලයක් අමාත්‍යවරුනට ලබාදීමයි. තේජොං රජු විසින් ජොං දෝ-ජොන්ගේ බෑනා වූ ජොං ගි-ජූන් හැර ඔහුගේ පවුලේ සියලු දෙනාම මරා දමා තිබිණි. ජොං ගි-ජූන් මේ වන විට සැඟවුණු මුලේ නායකයා බවට පත්ව සිටියි. ඔහු වෙස්වලා ගෙන සේජොං රජු අසලින් රැඳී සිටින බව කිසිවකු දැනසිටියේ නැත.
සෝ-යිගේ උපකාර ඇතිව රජු සහ ගරුකළ යුත්තන්ගේ ශාලාවේ විද්වතුන් වසර ගණනාවක් පුරා රහස් ව්‍යාපෘතියක නියැළී සිටිති. මෙය කොරියානු වර්ණමාලාව නිර්මාණය කිරීම සඳහායි. සැඟවුණු මුල පසුපස හඹා යන අතරතුර කං චේ-යූන් සහ සෝ-යි එකිනෙකා හඳුනාගනිති. චේ-යූන් හට සරල වර්ණමාලාව පෙන්වන සෝ-යි එමගින් සාමාන්‍ය ජනයාට ලැබෙන බලය පිළිබඳ පැහැදිළි කරයි. අනතුරුව චේ-යූන් රජුව ඝාතනය කරනු වෙනුවට රජු සමග කටයුතු කිරීමට තීරණය කරයි.
කෙසේනමුත්, ජොං ගි-ජූන් විශ්වාස කරන්නේ නව අක්ෂර මාලාව කොන්ෆියුසියානු ක්‍රමයට තර්ජනයක් බවයි. ඒ නිසා හැකි සෑම උත්සාහයක්ම යොදා එය නතර කරවීමට ඔහු තැත් කරයි. ඔහු රජුගේ පුත්‍රයාව ඝාතනය කරයි. නමුත් ඉන් රජු වඩාත් දිරිමත් වෙයි. රජුගේ දැඩි උත්සාහය ව්‍යර්ථ කරවීමට ජොං කටයුතු කරයි. වර්ණමාලාව පිළිබඳ පොදුවේ ප්‍රකාශයට පත්කරන දිනයේ සැඟවුණු මුලේ සාමාජිකයන් විසින් සෝ-යි සහ චේ-යූන්ට දැඩිව හානි කරති. කෙසේනමුත් ඔවුන්ගේ නොපසුබට පරිත්‍යාගයන් හමුවේ මෙම කටයුත්ත සාර්ථක වන අතර සාමාන්‍ය ජනයා හංගුල් අක්ෂර මාලාව ප්‍රයෝජනයට ගන්නට පුරුදු වෙති.
ජං හ්යුක්, කං චේ-යූන්/දොල්-බොක් ලෙස
හන් සුක්-ක්යු, සේජොං රජු ලෙස
ෂින් සේ-ක්යුං, සෝ-යි/දම් ලෙස
කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | |||
---|---|---|---|---|---|
TNmS ඇගයීම්[3] | AGB නීල්සන්[4] | ||||
දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර පෙදෙස | දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර පෙදෙස | ||
1 | 5 ඔක්තෝබර් 2011 | 9.2% | 11.0% | 9.5% | 11.1% |
2 | 6 ඔක්තෝබර් 2011 | 8.2% | 9.8% | 9.8% | 10.6% |
3 | 12 ඔක්තෝබර් 2011 | 16.4% | 18.7% | 18.2% | 20.7% |
4 | 13 ඔක්තෝබර් 2011 | 18.8% | 22.6% | 19.1% | 21.8% |
5 | 19 ඔක්තෝබර් 2011 | 17.7% | 20.6% | 18.3% | 20.5% |
6 | 20 ඔක්තෝබර් 2011 | 18.3% | 20.8% | 18.6% | 19.1% |
7 | 26 ඔක්තෝබර් 2011 | 17.9% | 21.0% | 18.9% | 20.1% |
8 | 27 ඔක්තෝබර් 2011 | 18.3% | 20.5% | 19.2% | 20.5% |
9 | 2 නොවැම්බර් 2011 | 17.3% | 19.2% | 17.4% | 18.9% |
10 | 3 නොවැම්බර් 2011 | 18.5% | 20.7% | 20.2% | 22.1% |
11 | 9 නොවැම්බර් 2011 | 17.9% | 20.3% | 19.1% | 20.4% |
12 | 10 නොවැම්බර් 2011 | 18.9% | 20.9% | 19.9% | 21.3% |
13 | 16 නොවැම්බර් 2011 | 18.7% | 21.4% | 19.4% | 20.9% |
14 | 17 නොවැම්බර් 2011 | 19.0% | 21.6% | 20.5% | 22.0% |
15 | 23 නොවැම්බර් 2011 | 17.8% | 20.6% | 20.1% | 21.1% |
16 | 24 නොවැම්බර් 2011 | 19.9% | 21.9% | 21.1% | 22.3% |
17 | 30 නොවැම්බර් 2011 | 18.8% | 20.7% | 21.0% | 22.0% |
18 | 1 දෙසැම්බර් 2011 | 18.6% | 21.4% | 20.8% | 22.2% |
19 | 7 දෙසැම්බර් 2011 | 20.1% | 23.1% | 21.6% | 23.0% |
20 | 8 දෙසැම්බර් 2011 | 20.2% | 23.5% | 21.7% | 23.0% |
21 | 14 දෙසැම්බර් 2011 | 19.7% | 22.3% | 21.9% | 23.3% |
22 | 15 දෙසැම්බර් 2011 | 19.3% | 22.1% | 22.7% | 24.7% |
23 | 21 දෙසැම්බර් 2011 | 19.7% | 22.5% | 21.4% | 23.2% |
24 | 22 දෙසැම්බර් 2011 | 23.6% | 27.5% | 25.4% | 27.3% |
සාමාන්‍යය | 18.0% | 20.6% | 19.4% | 20.9% |
ප්රභවය: AGB නීල්සන් කොරියා සංරක්ෂණය කළ පිටපත 2013-12-26 at the Wayback Machine
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2011 | ප්‍රධාන ත්‍යාගය (දේසං) | හන් සුක්-ක්යු | දිනාගති | |
හොඳම නාට්‍යය | ඩීප් රූටඩ් ට්‍රී | දිනාගති | ||
විශිෂ්ටතම සම්මානය, විශේෂ නාට්‍යයක නළුවා | හන් සුක්-ක්යු | නිර්දේශිත | ||
විශිෂ්ට සම්මානය, විශේෂ නාට්‍යයක නිළිය | ෂින් සේ-ක්යුං | දිනාගති | ||
විශේෂ සම්මානය, විශේෂ නාට්‍යයක නළුවා | චෝ ජින්-වූං | නිර්දේශිත | ||
විශේෂ සම්මානය, විශේෂ නාට්‍යයක නිළිය | සොං ඔක්-සූක් | දිනාගති | ||
නිෂ්පාදකවරයාගේ තේරීම සම්මානය | සොං ජූං-කි | දිනාගති | ||
ඉහළම තරු 10 | හන් සුක්-ක්යු | දිනාගති | ||
ජං හ්යුක් | දිනාගති | |||
2012 | 20'ස් පිරිමි නාට්‍ය තරුව | සොං ජූං-කි | නිර්දේශිත | |
20'ස් කාන්තා නාට්‍ය තරුව | ෂින් සේ-ක්යුං | නිර්දේශිත | ||
ප්‍රධාන ත්‍යාගය | ඩීප් රූටඩ් ට්‍රී | දිනාගති | ||
හොඳම තිරරචකයා | කිම් යොං-හ්යුන්, පාක් සං-යොන් | නිර්දේශිත | ||
කැපීපෙනෙන කොරියානු නාට්‍යය | ඩීප් රූටඩ් ට්‍රී | නිර්දේශිත | ||
කැපීපෙනෙන කොරියානු නිළිය | ෂින් සේ-ක්යුං | නිර්දේශිත | ||
රූපවාහිනී සඳහා ප්‍රධාන ත්‍යාගය (දේසං) | ඩීප් රූටඩ් ට්‍රී | දිනාගති | ||
හොඳම රූපවාහිනී නාට්‍යය | ඩීප් රූටඩ් ට්‍රී | නිර්දේශිත | ||
හොඳම නළුවා (රූපවාහිනී) | හන් සුක්-ක්යු | නිර්දේශිත | ||
හොඳම අධ්‍යක්ෂක (රූපවාහිනී) | ජං තේ-යූ | නිර්දේශිත | ||
හොඳම තිර රචනය (රූපවාහිනී) | කිම් යොං-හ්යුන්, පාක් සං-යොන් | දිනාගති | ||
ප්‍රධාන ත්‍යාගය (දේසං) | හන් සුක්-ක්යු | නිර්දේශිත | ||
හොඳම අධ්‍යක්ෂක | ජං තේ-යූ | දිනාගති | ||
විශිෂ්ට සම්මානය, නළුවා | යූන් ජේ-මූන් | නිර්දේශිත | ||
විශිෂ්ටතම සම්මානය, නළුවා | හන් සුක්-ක්යු | නිර්දේශිත |
ජපානය තුළ KNTV නාළිකාව ඔස්සේ 2012 ජූලි 24 සිට සැප්තැම්බර් 17 දක්වා මෙම කතාමාලාව විකාශය විය.[5] ඉන්පසුව මෙහි නැවත විකාශයක් භෞමික ජාලයක් වූ ටීවී ටෝකියෝ ඔස්සේ ද විකාශ්‍ය විය.[6]
තායිලන්තයේ චැනල් 7 නාළිකාව ඔස්සේ සඳුදා සිහ බ්‍රහස්පතින්දා දක්වා පෙ.ව. 2.10ට මෙම කතාමාලාව විකාශය අරඹන ලද්දේ 2016 ජනවාරි 14 සිට ය.[7]
සැබෑ දිවියේ පිය පුතු දෙපළක් වන බෙක් යූන්-සික් සහ බෙක් සෝ-බින් මෙම කතාමාලාව තුළ චරිත නිරූපණය කරති.