ඩෙසර්ට් ෆ්ලවර්: ද එක්ස්ට්‍රාඕර්ඩිනරි ජර්නි ඔෆ් අ ඩෙසර්ට් නෝමැඩ් යනුවෙන් හැඳින්වෙන්නේ වාරිස් ඩයිරී සහ කැත්ලීන් මිලර් විසින් රචිත ස්වයංචරිතාපදාන ග්‍රන්ථයකි.[1] 1998දී ප්‍රකාශිත මෙය සෝමාලි නිරූපිකාවක වන වාරිස් ඩයිරීගේ දිවිය අලලා නිර්මාණය වූවකි.
2009දී, මෙම ග්‍රන්ථය ඇසුරෙන් එම නමම යටතේ චිත්‍රපටයක් නිර්මාණය විය. පීටර් හර්මාන් සහ බෙන්ජමින් හර්මාන් විසින් නිෂ්පාදිත මෙහි වාරිස්ගේ චරිතය නිරූපණය කරන ලද්දේ ඉතියෝපියානු සුපිරි නිරූපිකා ලියා කෙබෙඩේ විසිනි.[2]