තලවාකැලේ | |
---|---|
නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත |
දිස්ත්‍රික්කය | නුවර එළිය දිස්ත්‍රික්කය |
වේලා කලාප | +5.30 |
තලවාකැලේ යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. තලවාකැලේ-ලිදුල නගර සභාව මගින් පාලනය සිදු කරයි. මුහුදු මට්ටමේ සිට අඩි 3,932 ක් උසින් කොළඹ නුවර එළිය A7 මාර්ගය ආශ්‍රිතව තලවාකැලේ නගරය පිහිටා ඇත.
වාර්ෂික උෂ්ණත්වය 18°C පමණ වේ.
නගරයේ සම්පූර්ණ ජනගහනය ( වර්ෂ 2001 දි ) 3,458 ක් විය. ජනගහනයෙන් බහුතරය ඉන්දියානු දෙමළ වන අතර සැළකිය යුතු සිංහල ජනතාවක්ද වාසය කරයි.