තලෙයිමන්නාරම | |
---|---|
ගම්මානය | |
![]() තලෙයිමන්නාරම ජැටිය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු පළාත |
දිස්ත්‍රික්කය | මන්නාරම |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | මන්නාරම |
තලෙයිමන්නාරම ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපතේ වයඹ දිග කොටසේ වෙරළබඩව පිහිටා තිබෙන ජනාවාසයකි.
පැන්නුම් පාළම මගින් සමස්ථ දිවයින මන්නාරම් දූපත සමග සම්බන්ධ කරමින් පවතින, මන්නාරම නගරය ඔස්සේ වැටී ඇති A14 මහා මාර්ගය හරහා තලෙයිමන්නාරම වෙත පිවිසිය හැකිවේ.
1964 වසරේ දෙසැම්බරයෙහි බලපෑ දරුණු සුළි කුණාටුවකින් හානියට පත්වන තුරු, නොගැඹුරු පෝක් සමුද්‍ර සන්ධිය හරහා ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත පාරු සේවයක් ක්‍රියාත්මකව තිබූ අතර, තලෙයිමන්නාරම එහිදී එක් නැවතුම්පළක් ලෙස ක්‍රියා කරන ලදී. මෙම පාරු සේවය ඉන්දු- ලංකා දුම්රිය සේවයන්ගේ කොටසක් ලෙස ක්‍රියාත්මකව පැවැති අතර, පාරුව ඔස්සේ මගීන් තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ රාමේෂ්වරම් දූපතේ ධනුෂ්කෝඩි දක්වා රැගෙන යන ලදී. ශ්‍රී ලංකා රජයේ දුම්රිය සේවයට අයත් දුම්රිය ස්ථානය මගින් ජැටියෙහි මෙහෙයවීම් සිදු කරන ලදී.
තලෙයිමන්නාරම ඉන්දියාවේ ධනුෂ්කෝඩි සිට සැතපුම් 18 ක් පමණ දුරින් පිහිටයි. දෙරට අතර භූ තීරුවක් ලෙස ක්‍රියාකරන වැලි වැටිය නැතහොත් ආදම්ගේ පාලම, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින එකම නොගැඹුරු භූ සම්බන්ධතාවය ලෙස හැඳින්වෙයි.