ද ඉම්පීරියල් ඩොක්ට්‍රස් | |
---|---|
ප්‍රභේදය | ඓතිහාසික ප්‍රබන්ධ වෛද්‍ය ප්‍රේම වෘත්තාන්ත |
රචනය කලේ | චෑං වෙයි |
අධ්‍යක්ෂණය කලේ | ලී ක්වොක් ලප් |
රඟපෑම | සිසිලියා ලියු වොලස් හුඕ හුවාං ෂුවාන් |
ඇරඹුම් තේමාව | Heavy Rain is Coming - ලාලා හ්සු විසිනි. |
අවසන් තේමාව | Until That Day - සාරා ලියු විසිනි. |
සම්භව රට | චීනය |
භාෂාව(න්) | මැන්ඩරින් |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 50 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | කැරන් ට්සෝයි |
ස්ථානය(න්) | චීනය |
ධාවන කාලය | මිනිත්තු 42 |
නිෂ්පාදන සමාගම | නිව් ක්ලැසික්ස් මීඩියා ටැන්ග්රේන් මීඩියා |
බෙදාහරින්නා | නිව් ක්ලැසික්ස් මීඩියා |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | JSTV, ඩ්‍රැගන් ටීවී |
මුල් ධාවනය | පෙබරවාරි 13, 2016 | – මාර්තු 9, 2016
ද ඉම්පීරියල් ඩොක්ට්‍රස් (චීන: 女医·明妃传) යනු 2016 චීන රූපවාහිනී කතාමාලාවකි. මේ සඳහා පාදක වී ඇත්තේ චීනයේ මිං රාජවංශයේ වෛද්‍යවරියක වූ ටෑන් යුන්ෂියෑන්ගේ කථා පුවතයි. සිසිලියා ලියු විසින් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි. 2016 පෙබරවාරි 13 සිට මාර්තු 9 දක්වා සෑම දිනකම ප.ව. 7.30ට ජියාංසු ටීවී සහ ඩ්‍රැගන් ටීවී නාළිකා ඔස්සේ මෙම කතාමාලාව විකාශය විය.[1][2]
මිං රාජවංශයේ යිංෂොං අධිරාජයාගේ සමයයෙහි ටෑන් යුන්ෂියෑන් (සිසිලියා ලියු) වෛද්‍ය පෙළපතකින් පැවත එන්නියකි. ඇගේ පවුල පරම්පරා ගණනාවක් තිස්සේ මාලිග වෛද්‍යවරුන් ලෙස කටයුතු කොට තිබේ. කෙසේනමුත්, වෛද්‍යවරියනට වෛද්‍යකර්මය තහනම් කෙරුණේ බොහෝ දෙනකු එය අවභාවිත කිරීම නිසායි. එසේවුව ද, යුන්ෂියෑන් වෛද්‍යකර්මය ඉගෙනීමට ඉටාගන්නා අතර, ඇය රහසේම වෛද්‍යය ඉගෙන ගනියි. ඇගේ බලවත් උනන්දුව සහ ධෛර්යය හේතුවෙන් යුන්ෂියෑන් විවිධ බාධක ජයගැනීමට සමත් වේ. කෙසේ හෝ ධුරයෙන් උසස්වීම් ලබන ඇය මිං රාජවංශයේ වඩාත් ප්‍රකට වෛද්‍යවරිය බවට පත්වේ. මෙම ගමන් මාර්ගයේ දී ඇය සිහසුන උදෙසා සතුරන් වී සිටින රාජකීය සොයුරන් දෙදෙනකු වන චූ ක්විචෙන් (වොලස් හුඕ) සහ චූ ක්වියු (හුවාං ෂුවාන්) අතර ප්‍රේමයේ සිරවෙයි.
මෙම මාලා නාට්‍යයේ ප්‍රධාන චරතය වන ටෑන් යුන්ෂියෑන් සුප්‍රකට වෛද්‍ය පවුලකින් පැවත ආ සැබෑ තැනැත්තියකි. ඉතිහාසයේ සිටි අතලොස්සක් වූ වෛද්‍යවරියන්ගෙන් අයෙකි, ඇය. ඇය සිය මරණයට පෙර "වෛද්‍යවරියකගේ කියමන්" ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කළ අතර, එය පරම්පරා ගණනාවක් පුරා පරිහරණය විය. කෙසේනමුත්, ටෑන් යුන්ෂියෑන් සහ අධිරාජවරුන් දෙදෙනා අතර මෙහි දක්වා ඇති ප්‍රේම වෘත්තාන්තය සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධ එකකි. සැබැවින්ම ටෑන් යුන්ෂියෑන් සමග චූ ක්විචෙන් සහ චූ ක්වියු එකම කාලයේ ජීවත්වී නොමැත. එසේම ස්වාභාවිකව ඇයට චෙංතොං අධිරාජයාගේ මාලිගයේ සේවය කිරීමට නොහැකි වනු ඇත.[3] කථාවේ එන චරිතය සැබැවින්ම ටෑන් යුන්ෂියෑන් සහ ඓතිහාසික හැං අධිරාජිනියගේ සංකලනයකි.
නාට්‍යය රචනයේ දී, තිර රචක චෑං වෙයි වෛද්‍ය පාරිභාෂික වදන් සහ ඖෂධ පිළිබඳ වෘත්තීය චීන වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබාගෙන ඇත.[4] චරිතයට සූදානම් වීමේ දී ප්‍රධාන නිළි සිසිලියා ලියු සම්ප්‍රදායික වෛද්‍යවරයකු සමග චීන වෛද්‍ය විද්‍යාවේ මූලික කරුණු සහ ප්‍රතිකාර ක්‍රම (කටු චිකිත්සාව, නාඩි බැලීම සහ සම්බාහන ක්‍රමවේද වැනි) පිළිබඳ පුහුණු වූ බැව් පැවසේ.
අංකය. | ගීතය | ගී පදවැල | සංගීතය | ගායකයා | කාලය |
---|---|---|---|---|---|
1. | "Heavy Rain is Coming (大雨将至)" (ආරම්භක තේමා ගීතය) | ලාලා හ්සු | |||
2. | "Typhoid Fever (傷寒)" (සමාප්ති තේමා ගීතය) | GJ | |||
3. | "Before Forgotten (遺忘之前)" | ලාලා හ්සු | |||
4. | "Until That Day (直到那一天)" | ලියු ෂිජුන් |
මෙම කතාමාලාව ප්‍රේක්ෂකයන් වෙතින් යහපත් ප්‍රතිචාර හිමි කරගත් අතර, චීනයේ වඩාත් ජනප්‍රිය රූපවාහිනී නාට්‍ය සටහන් අතර බයිදු සටහන්වල ප්‍රථම ස්ථානයේ පැවතිණි. මෙය එහි එන විචිත වස්ත්‍ර, සම්ප්‍රදායික චීන වෛද්‍යකර්මය සහ ප්‍රධාන නළු නිළියන්ගේ රංගනය හේතුවෙන් අවධානයට පාත්‍ර විය.[2] මෙම කතාමාලාව සුවිශේෂී වූයේ චීන ඉතිහාසයේ ගෞරවයට පාත්‍ර වූ කාන්තා චරිතයක් නිරූපණය නිසායි.[5]
මෙම කතාමාලාව ආර්ථිකව ද සාර්ථක විය. ඩ්‍රැගන් ටීවී සහ ජියෑංසු ටීවී යන දෙකෙහිම 1.2ක සාමාන්‍ය ඇගයුමක් ලබාගනිමින් ජාතික ඇගයුම් සටහනෙහි පළමු ස්ථානයේ පසු විය. වසරේ ඉහළම ඇගයුමක් ලත් නාට්‍ය අතුරින් එකක් වූ මෙය හුවාඩිංහි රූපවාහිනී කතාමාලා සඳහා සතුටුදායකම සමීක්ෂණ 100 අතර #9 ස්ථානයේ පසු විය.[6][7]
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | නාමයෝජිතයා | ප්‍රතිඵලය | ආශ්‍රේ. |
---|---|---|---|---|---|
2016 | 1වන චීන රූපවාහිනී නාට්‍ය ගුණාත්මක උළෙල | වඩාත් බලපෑම් සහගත නිළිය | සිසිලියා ලියු | දිනාගති | |
වඩාත් බලපෑම් සහගත නළුවා | වොලස් හුඕ (එසේම Love Me, If You Dare වෙනුවෙන්) | දිනාගති | |||
ජනප්‍රියම නළුවා | දිනාගති | ||||
2017 | 2වන චීන රූපවාහිනී නාට්‍ය ගුණාත්මක උළෙල | වසරේ ගුණාත්මක නාට්‍යය | දිනාගති | [8] | |
ප්‍රේක්ෂකයන්ගේ ප්‍රියතම රූපවාහිනී කතාමාලාව (ඩ්‍රැගන් ටීවී) | දිනාගති | ||||
22වන හුවාඩිං සම්මාන | හොඳම නිළිය | සිසිලියා ලියු | නිර්දේශිත | [9] | |
ඉහළම නාට්‍ය 10 | දිනාගති |
සැකිල්ල:Jiangsu Television Happy Theatre සැකිල්ල:Dragon Television Dream Drama