ද කිං'ස් ඩ්‍රීම් | |
---|---|
![]() ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | The Great King's Dream Dream of the Emperor Dream of the King |
රචනය කලේ | යූ දොං-යූන් කිම් සොන්-දොක් |
අධ්‍යක්ෂණය කලේ | ෂින් චං-සොක් කිම් සං-හ්වි |
රඟපෑම | චෝයි සූ-ජොං කිම් යු-සොක් පාක් ජූ-මි හොං ඉයුන්-හී ලී යොං-ආ |
ඇරඹුම් තේමාව | "The Heart's Road" - ජෙසිකා ජුං විසිනි[1][2][3] |
සම්භව රට | දකුණු කොරියාව |
කථාංග ගණන | 70 + විශේෂ කථාංග 5 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | හන් ජූන්-සෝ |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
ධාවන කාලය | සෙනසුරාදා සහ ඉරිදා දිනවල 21:40ට (KST) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කොරියානු විකාශන පද්ධතිය |
මුල් ධාවනය | සැප්තැම්බර් 8, 2012 | – ජුනි 9, 2013
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | Gwanggaeto, The Great Conqueror |
අනුගමනය වනුයේ | Jeong Do-jeon |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
ද කිං'ස් ඩ්‍රීම් | |
හංගුල් | 대왕의 꿈 |
---|---|
හන්ජා | 大王의 꿈 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Daewang-ui Kkum |
මැකූන්–රයිෂවර් | Taewang'ŭi Kkum |
![]() |
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
ද කිං'ස් ඩ්‍රීම් (කොරියානු: 대왕의 꿈; ප්‍රරෝ: දේවං-උයි කුම්) නැතහොත් ඩ්‍රීම් ඔෆ් ද එම්පරර් හෙවත් ද ග්‍රේට් කිං'ස් ඩ්‍රීම් හා ඩ්‍රීම් ඔෆ් ද කිං යන නාමයන්ගෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. දකුණු කොරියාවේ KBS1 නාළිකාව ඔස්සේ විකාශය ආරම්භ වූ මෙය 2012 සැප්තැම්බර් 8 සිට 2013 ජූනි 9 වන දින දක්වා විකාශය කෙරුණේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ය. මෙය එරට වේලාවෙන් 21:40ට කථාංග 70කින් යුක්තව විකාශය විය.
ෂින් චං-සොක් සහ කිම් සං-හ්වි විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම රූපවාහිනී කතාමාලාව යූ දොං-යූන් සහ කිම් සොන්-දොක් යන කතුවරුන්ගේ රචනාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ චෝයි සූ-ජොං, කිම් යු-සොක්, පාක් ජූ-මි, හොං ඉයුන්-හී සහ ලී යොං-ආ යන නළු නිළි පිරිස විසිනි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ හන් ජූන්-සෝ විසිනි.
කිම් චුන්චු යනු සිල්ලා රාජධානියේ ජින්ජි රජුගේ මුණුපුරායි. ඔහුගේ මුත්තණුවන් වන ජින්ජි රජුව සිහසුනෙන් නෙරපීමත් සමග, චුන්චු හට සිල්ලාවේ සිහසුනට උරුමකරුවකු වීමේ අවස්ථාව ගිලිහී යයි. ඔහුට පසුව කිම් යුෂින් නැමැත්තකු මුණ ගැසේ. ඔවුහු දෙදෙනා හොඳ මිතුරන් බවට පත් වෙති. පසුව චුන්චු සිල්ලාවේ 29වන පාලකයා වන මුයොල් රජු ලෙස සිහසුනට පත් වේ. ඔහු කොරියානු අර්ධද්වීපයේ පැවති පුරාතන තුන් රාජධානි වන ගොගුර්යෝ, බෙක්ජේ සහ සිල්ලා යන රාජධානි එක්සත් කරයි. කිම් යුෂින් පසුව කොරියානු ඉතිහාසයේ විසූ ශ්‍රේෂ්ඨතම සෙන්පතීන්ගෙන් අයකු බවට පත් වේ.[4]
මෙම කතාමාලාව සිල්ලාවේ ජින්ජි රජ (ක්‍රි.ව. 576 - 579), සිල්ලාවේ ජින්ප්යොං රජ (579 – 632), සිල්ලාහි සොන්දොක් රැජින (632 – 647), සිල්ලාහි ජින්දොක් රැජින (647 – 654) සහ සිල්ලාවේ මුයොල් (654 – 661) යන රජවරුන්ගේ සහ රැජිනියන්ගේ රාජ්‍ය සමයයන් තුළින් ඉදිරියට ගලා යයි.
ජින්ජි රජුව සිහසුනෙන් නෙරපා දැමුණේ මිෂිල් බිසව විසින් මෙහෙයවූ කුමන්ත්‍රණයක් මගිනි. අනතුරුව ජින්ප්යොං රජු සිල්ලාවේ සිහසුනට පත් විය. ජින්ප්යොං රජුට පුතුන් නොසිටි බැවින් සිය දියණිය වූ සොන්දොක්ව සිය උරුමකරු ලෙස තෝරා ගන්නා ලදී. මෙය පෙරනොවූ විරූ අත්දැකීමක් වුව ද, එමගින් සිල්ලාවේ ජනයා එතරම් පුදුමයට පත් නොවී ය. එයට හේතුව එම යුගයේ මව්බිසෝවරුන් සහ අනුරාජිනියන් වැනි කාන්තාවන් රාජ්‍ය උපදේශිකාවන් ලෙස කටයුතු කර තිබීම නිසායි. - මීට අමතරව ජින්ප්යොං සිහසුනට පැමිණියේ ද මීෂිල් බිසව විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයක් මගිනි. මෙකල රාජධානිය පුරා කාන්තාවන් පවුල්වල ප්‍රධානීන් වූ අතර පීතෘවංශීය මෙන්ම මාතෘවංශීය ප්‍රවේණි ක්‍රම ද පැවතිණි. සිල්ලාව තුළ, කාන්තාවන්ගේ තත්ත්වය සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතිණි. සොන්දොක්ගේ සාර්ථක රාජ්‍ය සමය සිල්ලාවේ තවත් රාජ්‍යාධිකාරී රැජිනියන් දෙදෙනකු සඳහා පූර්වාදර්ශයක් විය.
රැජින බවට පත්වීමට ප්‍රථම සොන්දොක්, දියොක්මාන් කුමරිය (හන්ජා: 德曼) ලෙස හැඳින්විණි. සම්ගුක් සගි අනුව, ඇය සිල්ලාහි ජින්ප්යොං රජුගේ පළමු දියණිය වෙයි. නමුත් වෙනත් ඓතිහාසික වාර්තා අනුව, ඇය ජින්ප්යොං රජුගේ දියණියන් අතුරින් දෙවැන්නායි. ඇය ඇගේ වැඩිමහල් සොයුරිය වූ චොන්මියොං කුමරියට වඩා බෙහෙවින් බාල ය. ඇයගේ බෑනා සහ චොන්මියොං කුමරියගේ පුත්‍රයා පසුකලෙක සිල්ලාහි මුයොල් ලෙස රාජ්‍යත්වයට පත් විය. සොන්දොක්ගේ අනෙක් සොයුරිය වූ සොන්හ්වා කුමරිය පසුකලෙක බෙක්ජේහි මු සමග විවාහ වී බෙක්ජේහි උයිජාගේ මව බවට පත් වූවා ය. නමුත් සොන්හ්වාගේ පැවැත්ම මතභේදාත්මක ය. එයට හේතුව 2009දී හමු වූ සාක්ෂියකට අනුව උයිජා රජුගේ මව ඓතිහාසික වාර්තාවල සඳහන් පරිදි සොන්හ්වා කුමරිය නොව සාතෙක් රැජින බව සඳහන් වේ.
සොන්දොක් රැජිනගේ මරණින් පසු සිල්ලා රාජධානියේ සිහසුනට පත් ජින්දොක් රැජින සිල්ලාවේ දෙවන රාජ්‍ය කරන රැජිනිය වූවා ය. සිල්ලාවේ අනන්‍ය කුල ක්‍රමයේ ඉහළම කුලය වූ සොංගොල් කුලයේ අවසන් රාජ්‍ය පාලකයා වූයේ ද ඇයයි. ඇග් සැබෑ නාමය ස්‍යුංමන් යන්නයි. ඇගේ පියා වූ කිම් ගුක්බන්, ජින්ප්යොං රජුගේ බාලම සොහොයුරා වූ අතර, ඇගේ මව වොල්ම්යොං ආර්යාව නම් වූවා ය. ඇගේ සත් අවුරුදු රාජ්‍ය පාලන සමය තුළ, ජින්දොක් රැජින ප්‍රධාන වශයෙන්ම සිය අවධානය යොමුකළේ රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවයි. කිම් යුෂින් නැමැති සෙන්පතියාගේ ආධාර ඇතිව ඇය සිල්ලා රාජ්‍යයේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට සමත් වූ අතර, ටෑං චීනය සමග ඇගේ රාජධානියේ සම්බන්ධතා ද වැඩි දියුණු කිරීමට උත්සාහ ගත්තා ය. මෙම උත්සාහයන් පසුකලෙක තුන් රාජධානි (සිල්ලා, බෙක්ජේ, සහ ගොගුර්යෝ) එක්සත් කිරීමට පදනම දැමූයේ යැයි කීම අසත්‍යයක් නොවේ.