මායාවරුන්ගේ ලෝකය | |
---|---|
![]() තේමාපාඨය | |
මෙලෙසද හැඳින්වේ | The Holy Pearl (පූජනීය මුතු ඇටය) 女媧傳說之靈珠 |
ප්‍රභේදය | ක්‍රියාදාම නාට්‍ය චීන මිථ්‍යා කථා |
රචනය කලේ | රුමිකෝ තකහෂි (සඳහනක් නැත) |
අධ්‍යක්ෂණය කලේ | කායි ජිං ෂෙං |
රඟපෑම | ගිපියන් චුංග් පුර්බා ර්ජියාල් පැට්‍රික් ටෑම් ගුවෝ ෂෙන් නි |
ඇරඹුම් තේමාව | අයි දාවෝ වන් න්‍යාන් (爱到万年), පුර්බා ර්ජියාල් සහ ලියු ටිං යු විසිනි |
අවසන් තේමාව | අයි දාවෝ වන් න්‍යාන් (爱到万年)ථ පුර්බා ර්ජියාල් සහ ලියු ටිං යු විසිනි |
සම්භව රට | චීනය |
භාෂාව(න්) | චීන |
කථාංග ගණන | 32 (VCD/DVD සංස්කරණය) 36 (විකාශය වූ සංස්කරණය) |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | චෙන් මෙයි ලින් |
නිෂ්පාදක(යෝ) | ෂූ ලි |
ස්ථානය(න්) | චීනය |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ZJSTV |
මුල් ධාවනය | 2011 – අවසානය |
ද හෝලි පර්ල් | |||||||
ගොනුව:Mayawarunge Lokaya-poster.jpg ප්‍රවර්ධන පෝස්ටරයක් | |||||||
සම්ප්‍රදායික චීන | 女媧傳說之靈珠 | ||||||
---|---|---|---|---|---|---|---|
සරලීකෘත චීන අක්ෂර | 女娲传说之灵珠 | ||||||
|
මායාවරුන්ගේ ලෝකය යනු 2011දී විකාශය වූ චීන රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ගිලියන් චුංග් පුරාවිද්‍යාඥයකුගේ දියණියකගේ චරිතය නිරූපණය කරයි. ඇය කාලයේ ආපස්සට ගමන් කරනඅතර එහි දී ඇය සටන්කාමී පූජකවරියකගේ නැවත උපතක් බව පැහැදිළි වෙයි. ඇය මිනිස්-මකර දෙමුහුම් ජීවියකු සමග එක් වී බිඳුණු මායා බඳුනක් නැවත සෑදීමට උත්සාහ ගනියි. මෙම කතාමාලාව රුමිකෝ තකහෂිගේ ජනප්‍රිය ජපන් චිත්‍රකථා මාලාවක් වන ඉනු යෂා හි නිලනොවන අනුවර්තනයක් ලෙස සැලකෙයි.[1][2][3]
වසර ගණනාවකට පෙර ටෙංෂේ දෙවගනගේ මිනිම් ස්වරූපයක් වූ මෝ යින්, සිය සොයුරිය වූ ෂියෑන් යුඒගේ ජනප්‍රියත්වය සහ රජු ඇයට පුදකළ ආදරය පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් පෙළුණා ය. මෝ යින් අසුර අධිපතියකු වූ ෂි යූ මිං සමග එක් වී සිය සොයුරිය මැරවීමට උත්සාහ දරයි. මේ නිසා සුර, මිනිස් සහ අසුර ලොව අතර සමතුලිතතාව බිඳී අසුරයන්ට වැඩි බලයක් හිමි වේ.
වර්තමානයේ ෂියෑන් යුඒගේ නැවත උපත වන දිං යාඕ ඉතිහාසය හදාරන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. පුරාවිද්‍යාඥයකු වූ සිය පියාට උපකාර කරන අතරතුර නව-ග්‍රහ චක්‍රය ක්‍රියාත්මක වී ඇය වසර 3,500ක් ඈතඅතීතයේ වූ නාන්යුඒවෙත ඇදී යයි.
වරක් ඇය සහ ෂියෑන් යුඒ අතර සමානකම දැක නාන් යුඒහි රජු ඇය සමග විවාහ වීමට සැරසෙයි. මේ අතර යක්ෂයන්පාලනය කළ හැකි මායා බඳුන සොයා පැමිණෙන අසුරයින් දිං යාඕ පසුපස හඹා එන අතර දිං යාඕ මාලිගයෙන් පලා යයි. ඇය සොහොන්ගැබක සැගවෙන අතර එහි දී ඇයට සිරකරන ලද අර්ධ රාක්ෂයකු වූ වෙන් තියෑන් හමු වෙයි. ඇය ඔහුව නිදහස් කරන අතර ඔහු ඇයව ආරක්ෂා කරයි. මෙවිට දිං යාඕ සතුව තිබූ කුඩා මැටි රුවකින් හදිසියේම මායා බඳුන මතු වෙයි.
අවාසනාවට දිං යාඕ අතින් මායා බඳුන බිදෙයි. මේ නිසා මිනිස් ලොව මැවූ න්‍යූවා දෙවගනගේ පූජනීය මුතු සොයාගෙන වෙන් තියෑන් සමග එක්ව මායා බඳුන නැවත පිළිසකර කිරීමට ඇයට සිදු වෙයි.
රට | මාධ්‍ය ජාල(ය) | විකාශය ආරම්භය | තේමාව |
---|---|---|---|
![]() |
ජාතික රූපවාහිනිය | ජූලි 2013, නැවත විකාශය 2015 | මායාවරුන්ගේ ලෝකය |
![]() |
Channel 7 | අගෝස්තු 2013, නැවත විකාශය 2015 | อภินิหารดาบมังกรสะท้านพิภพ (අපිනිහන් දාර්බ් මුංකෝර්න් සතාන් පිපොබ්[4]) |
{{cite web}}
: |author=
has numeric name (help)