දන්තුරේ සටන 1594 | |||||||
---|---|---|---|---|---|---|---|
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
|
![]() | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
පේරෝ ලෝපෙස් ද සූසා † ෆ්‍රැන්සිස්කෝ ද සිල්වා ඩී. ගැස්ටාවෝ කූටිඤ්ඤෝ † ෆ්‍රැන්සිස්කෝ ද බ්‍රිටෝ † ජයවීර බණ්ඩාර මුදලි † |
පළමුවන විමලධර්මසූරිය රජ ඒකනායක මුදලි කැප්පෙටිපොළ දිසාව මඩුගල්ලේ දිසාව පිලිමතලාවේ දිසාව | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
On 5 ජූලි 1594
8 ඔක්තෝබර්,1594 වන විට
|
5 ජූලි 1594 10,000–20,000 මිනිසුන් [8] (estimates range up to 40,000)[9] | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
අතළොස්සක් වූ පෘතුගීසින් හා ලස්කිරිඤ්ඤයන් පිරිසක් නැවත කොළඹට පලා ගියහ ; 93ක් පෘතුගීසින් අල්ලාගන්නා ලදී; ලස්කිරිඤ්ඤයන් බහුතරය යුද්ධය අතහැර පලා ගියහ.; හමුදාවේ ඉතිරිය ජීවිතක්ෂයට පත් විය [10] | නිවැරදි සංඛ්‍යා නොදනී |
දන්තුරේ සටන ලෙස හැඳින්වෙන්නේ පෘතුගීසින් හා ලංකාවේ මහනුවර රාජධානිය අතර 1594 දී ඇති වූ සටන් සමුදායකි. එය සිංහල-පෘතුගීසි යුද්ධයේ කොටසක් විය. දන්තුරේ සටන පෘතුගීසි ආක්‍රමණයට විරුද්ධව දේශීය නැගීසිටීමේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සලකනු ලැබේ. ලොව පළමු වතාවට එකල ප්‍රබල ජාතියක් වූ පෘතුගීසින්ගේ හමුදාවක් සිංහල හමුදාව හමුවේ සම්පූර්ණයෙන්ම පරාජයට පත්ව විනාශ වූ අතර එය ඔවුන් මුළු දිවයිනම ජයගැනීමට ඉතා ආසන්නව සිටි ශක්තිමත් අවස්ථාවක සිදුවීමද විශේෂත්වයකි.[11]
ආණ්ඩුකාර පේරෝ ලෝපේස් ද සූසා විසින් මෙහෙයවනු ලැබූ 20,000 ක ප්‍රබල පෘතුගීසි හමුදාවක් විසින් 1594 ජූලි 5 වනදා මහනුවර ආක්‍රමණය කරන ලදී. ඉන් මාස 3කට පසු සිංහලයන්ගේ ගරිල්ලා සටන් සහ සිය හමුදා සෙබලුන්ගේ යුද්ධය අතරහැර පලායාමෙන් අනතුරුව ප්‍රමාණයෙන් අඩුවී ඉතුරු වී සිටි පෘතුගීසි හමුදාව දන්තුරේ සටනේදී විමලධර්මසූරිය රජු විසින් මෙහෙයවන ලද මහනුවර සිංහල සේනාව විසින් සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී. මෙම ජයග්‍රහණයත් සමඟ මහනුවර රාජධානිය යුදමය ශක්තිය අතින් ඉස්මතු වූ අතර එය පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආක්‍රමණ වලට මුහුණ දෙමින් 1815 උඩරට ගිවිසුමෙන් රට බාර දෙන අවස්ථාව දක්වා සිය ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සමත් විය. [12]
1581 දී සිදු වූ මායාදුන්නේ රජුගේ අභාවය වන විට සීතාවක රාජධානිය ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශ සියල්ලම පාහේ පාලනය කළ අතර බටහිර වෙරළේ සුළු බිම් ප්‍රදේශයක් පමණක් ඔවුන්ගේ පාලනයෙක් ගිලිහී තිබුණි. එය පෘතුගීසින්ගේ රැකවරණය යටතේ දොන් ජුවාන් ධර්මපාල නම් නාමික රජු විසින් පාලනය කරන ලදී. මායාදුන්නේ රජුගේ අභාවයෙන් පසුව ඔහුගේ පුත් ටිකිරි බණ්ඩාර කුමරු පළමුවන රාජසිංහ ලෙස සීතාවක රාජධානියේ කිරුළ හිමි කර ගත්තේය. ඔහු සීතාවක රාජසිංහ ලෙසද හැඳින්වේ.
මෙම ආක්‍රමණය කොළඹ කොටුවේ කපිතාන් වූ ෆ්‍රැන්සිස්කෝ ද සිල්වා විසින් සැලසුම් කරන ලදී. ඔහුගේ මුල් සැලසුම වූයේ සිය සේනාව සමඟ මහනුවරට ඇතුළුවී දෝන කතිරිනා කුමරිය බලයේ පිහිටුවීමයි. මහනුවර ආරක්ෂාව තර කිරීමෙන් අනතුරුව ඇය ලවා ප්‍රතිරාජයෙකු ලෙස පෘතුගීසි රජු යටතේ මහනුවර රාජධානිය පාලනය කරවීම ඔවුන්ගේ අභිප්‍රාය විය.
දන්තුරේ සටන අවසාන වීමෙන් පසුව විමලධර්මසූරිය රජු දෝන කතරිනා කුමරිය (කුසුමාසන දේවිය) සමඟ දින 110ක් පුරා පැවැති උත්සවයකින් [උපහරණ ඇවැසිය] විවාහ වූයේය. ඔහු සටනේදී විශිෂ්ට දස්කම් දැක්වූ රණවිරුවන්ට ඉඩම්, සහ තනතුරු ලබා දීමට ඒ හා සිදු කළේය. එමෙන්ම රජු විසින් බලන දුර්ගයේ නව බලකොටු 3ක් ඉදිකිරීමට කටයුතු යොදන ලද අතර ඒවායේ ඵලදායීතාවය 1602 බලන සටනේදී මහෝපකාරී විය.[13]
පෘතුගීසි හමුදාවේ විනාශයත් සමඟ පහතරට වැසියන් ඔවුන්ගේ පාලනයට එරෙහිව අරගල කිරීමට පටන් ගත් අතර දොන් ජෙරනිමෝ ද අසවේදු විසින් අතිරේක බල ඇණි සමඟ ලංකාවට පැමිණ 1596 වන විට එම අරගල ක්‍රමයෙන් මැඩපවත්වන ලදී.
{{cite book}}
: Missing or empty |title=
(help){{cite book}}
: Missing or empty |title=
(help)