Deepal Silva
| |
---|---|
දීපාල් සිල්වා
| |
Born | Pinkanda, Dodanduwa, Sri Lanka
| November 20, 1967
Died | 14 January 2017 | (aged 49)
Nationality | Sri Lankan |
Other names | Podi Lamaya |
Alma mater | St. Sebastian's College, Moratuwa |
Occupation(s) | Playback Singer, Actor |
Spouse | Kusum de Silva |
දීපාල් සිල්වා (1967 නොවැම්බර් 20 – 2017 ජනවාරි 14) ශ්‍රී ලාංකික පසුබිම් ගායකයෙක් සහ නළුවෙකි.[1][2]
දීපාල් සිල්වා 1967 නොවැම්බර් 20 වැනිදා දොඩන්දූව පිංකන්දේදී උපත ලැබීය. ඔහුගේ පියා කේ. පී. සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික ඖෂධ නිලධාරියෙකි. ඔහුගේ මව ලීලා සිල්වා හිටපු වෛද්‍ය හෙදියක්.[3] කුසුම් ද සිල්වා සමඟ විවාහ වූ ඔහු කිරිබත්ගොඩ මාකොළ ප්‍රදේශයේ පදිංචිව සිටියේය.[4] ඔහු පිංවත්ත ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයට ඇතුලත් විය. ඔහු සිය උසස් පෙළ අවසන් කළේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙනි.[3]
සංගීත ක්‍ෂේත්‍රයේ රඟ දැක්වීමට පෙර, සිල්වා බොහෝ අවස්ථාවලදී සහාය නළුවෙකු ලෙස රංග නාට්‍යවල නිරත විය. සිල්වා 1990 සිට පොඩි ළමයා වේදිකා නාමයෙන් රංගනය ආරම්භ කළේය.[5] දීපාල් ක්‍රිකට් රසිකයෙක් විය, ක්‍රිකට් තරග පැවැත්වෙන දිනයන්හි වෘත්තීය රාජකාරි භාර ගැනීම ප්‍රතික්ෂේප කලේය.[6] ඔහු එළිමහන් සංගීත වැඩසටහන්වල අඛණ්ඩ රංගන ශිල්පියෙක් විය. විකට නළු නිහාල් සිල්වා මිය ගිය පසු සිල්වා ඔහුගේ වේදිකා නාට්‍යය සාජන්ට් නල්ලතම්බි රඟ දැක්වීමට පටන් ගත්තේය.
නමුත් එළිමහන් සංගීත වැඩසටහන්වල කාර්යබහුලත්වයත් එක්ක ඔහු නාට්‍යවලින් ඉවත් වෙන්න තීරණය කලේය. වසර 15කට පසු ඔහු සිය පළමු වේදිකා නාට්‍යය ආරම්භ කළේ සිකුරුටි සින්නතම්බි නමිනි. 2015 වසරේ ඔහුගේ උපන්දිනය වෙනුවෙන් මුහුරත් උත්සවය පැවැත්වූ අතර, වසර එකහමාරක සිට ප්‍රදර්ශනය තිරගත කිරීම් 50කට ළඟා විය.[3]
ඔහු 2017 ජනවාරි 14 වන දින රාගම රෝහලේ (උතුරු කොළඹ ශික්ෂණ රෝහල) වයස අවුරුදු 50 දී මිය ගියේය.[7][8][9]