දේව් | |
---|---|
ප්‍රභේදය | අපරාධ නාට්‍ය අබිරහස් ත්‍රාසකය |
ප්‍රවර්ධනය කලේ | බී. ආර්. ශරන් අර්ෂද් සයිද් දේබොජිත් දාස් අග්‍රිම් ජෝෂි |
අධ්‍යක්ෂණය කලේ | නිසාර් පර්වේස් ආලින්ද් ශ්‍රීවාස්තව |
රඟපෑම | ආශිෂ් චෞධරි සුමෝනා චක්‍රවර්තී අමිත් දෝලාවත් පූජා බැනර්ජී ජයිශ්‍රී අරෝරා |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 14 (2017 සැප්තැම්බර් 17)[1] |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | නිසාර් පර්වේස් ආලින්ද් ශ්‍රීවාස්තව |
ධාවන කාලය | මිනිත්තු 50 |
නිෂ්පාදන සමාගම | පෙනින්සියුලා පික්චර්ස් |
බෙදාහරින්නා | වයාකොම් 18 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කලර්ස් ටීවී |
මුල් ධාවනය | 5 අගෝස්තු 2017 | – වර්තමානය
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
දේව්[2] යනු පෙනින්සියුලා පික්චර්ස් විසින් නිෂ්පාදනය කරන ලද ඉන්දියානු සන්දේහ නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි. මෙහි කථාපුවත් සඳහා සංකල්පය ගොඩනගා ඇත්තේ සැබෑ සිදුවීම් ආශ්‍රයෙන් වන අතර, දේව් බර්මන් නම් රහස් පරීක්ෂකයාගේ ලෝකයට ගැළපෙන පරිදි එය ප්‍රබ්නධිත කොට ඇත. සීමිත කතාමාලාවක් වන මෙය කථාංග 26 කින් සමන්විත වන අතර, 2017 අගෝස්තු 5 දින කලර්ස් ටීවී ඔස්සේ එය විකාශය ඇරඹී ය.
දේව් මගින් නිරූපණය වන්නේ විවිධ චිත්තාවේග සහ විවෘත සිදුවීම් මධ්‍යයේ දේව් ආනන්ද් බර්මන් (ආශිෂ් චෞධරි) නම් රහස් පරීක්ෂකයා කටයුතු කරන ආකාරයයි. සිය බිරිය වූ මහේක්ගේ (පූජා බැනර්ජී) අකල් වියෝවෙන් පසු, දේව් තනිකඩ දිවියක් ගතකරන්නේ මධුබාලා නම් බළල් සුරතලා ද සමගිනි. ඉන්ස්පෙක්ටර් අමෝද් නර්වේකාර් (අමිත් දෝලාවත්) සමග සමීපව කටයුතු කරයි. ඔහු සිතන්නේ ඔහුගේ බිරිඳගේ මරණය පිටුපස සිටින මොළකරු දේව් කියා ය. සාමාන්‍ය ලෙස කටයුතු කිරීමට තැත් කළ ද, දේව් සිය නිවෙස් හිමිකාරිණිය වන සෝහ්රා ආපා හෙවත් සෝහ්රා රිස්වි (ජයිශ්‍රී අරෝරා) කෙරෙහි සමීප වන්නේ ඇය සිය පුත්‍රයකු මෙන් ඔහුට සලකන නිසායි. භයානක මීරා (සුමෝනා චක්‍රවර්තී) මුණගැසීමෙන් පසු, ඔහුගේ දිවිය වෙනස් මගක් කරා යොමු වේ.[3]
මෙම වැඩසටහන මුලින් නම්කොට තිබුණේ දේව් ආනන්ද් ලෙස ය. කෙසේනමුත්, සුප්‍රකට නළු දේව් ආනන්ද්ගේ පවුල විසින් නිෂ්පාදකයිනට නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුව, ඔවුහු වැඩසටහනේ නම වෙනස් කිරීමට තීරණය කළහ.[4]
දේව් විචාරකයන් වෙතින් මිශ්‍ර ප්‍රතිචාර ලබා ඇත. මෙයට තරු 5න් 3ක් ලබාදෙන බොලිවුඩ් ලයිෆ්හි ශ්‍රීජු සුධාකරන් පවසා ඇත්තේ, "ඉන්දියානු රූපවාහිනිය නැන්දම්මා-ලේලි වෘත්තාන්ත, නාගිනියන් සහ ළමුන් වැඩිහිටියන්ට විවාහ කරදෙන අවස්ථා සමග කටයුතු කරන විට, ඉන්දියානු රූපවාහිනියේ මියයමින් පවතින රහස් පරීක්ෂක කතා ගණයේ දේව් වැනි රූපවාහිනී වැඩසටහන් නිතරම පිළිගැනීමට සූදානම් ය. පළමු කථාංගයම රසවත් ජවනිකා රැසකින් සමන්විත ය. නිසැකවම ආශිෂ් චෞධරි මෙම චරිතය සඳහා උචිත ය. එයට අවස්ථාවක් ලබාදෙන්න!" [5]