![]() Entrance to the Navarangahala | |
Location in greater Colombo | |
ස්ථානය | Colombo, Sri Lanka |
---|---|
ඛණ්ඩාංක | 6°54′15″N 79°51′35″E / 6.90417°N 79.85972°Eඛණ්ඩාංක: 6°54′15″N 79°51′35″E / 6.90417°N 79.85972°E |
හිමිකරු | Royal College Colombo |
නඩත්තුකරු | Government of Ceylon |
වර්ගය | Theatre (Tropical modernism) |
Genre(s) | Music, Concerts, Theatre, Dance |
ගොඩනැගීම | |
ඉදිකිරීම | 1966 |
විවෘත කිරීම | 1969 |
Structural engineer | 4 Field Engineer Regiment, SLE |
නවරඟහල යනු කොළඹ පිහිටා ඇති ලංකාවේ ප්‍රධාන ම ජාතික නාට්‍ය ශාලාවක් වේ.
1966 හා 1969 අතර කාලයේ දී ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ 4 ෆීල්ඩ් ඉංජිනේරු රෙජිමේන්තුව විසින් රාජකීය ප්‍රාථමික විදුහල් ශාලාව ලෙස ඉදි කරන ලදී. නාට්‍ය ශාස්ත්‍රයට අනුකූල ව විවෘත ශබ්දාගාර ආකෘතියට අනුව දේශීය නාට්‍ය හා සංගීතය එළි දැක්වීම උදෙසා ම එය නිමැවුණි. මේ සඳහා ආධාර රජයෙන් මෙන්ම හිතවත් ජනතාවගෙන් ද ලැබුණි. විවෘත රඟමඬල කිහිපයක් හැර, දේශීය කලාව උදෙසා සැකසූ ගෘහස්ත රඟහලක් මෙය නිමවන්නට පෙර නො තිබුණී. රාජකීය මූලික පාසල සමඟ රාජකීය විද්‍යාලයේ සංකලනයත් සමඟ 1977 උඳුවප් මස සිට නවරඟහල රාජකීය විද්‍යාලයේ කොටසක් බවට පත් විය.
1972 වෙසක් මස 22වැනි දා එවකට සිරිලක පාර්ලිමේන්තුව නවරඟහලේ දී රැස් වී ජනරජ ව්‍යවස්ථාව අවසන් හා අනුමත කර ගැන්ම මඟින්, ශ්‍රී ලංකා ජනරජයේ සම්ප්‍රාප්තියට මඟ පෑදූහ.