නාමරූප යනු පාලි හා සංස්කෘත භාෂා එක්වීමෙන් තැනුනු නම හා ස්වභාවය යන අර්ථ දෙන වචනයකි.
බුද්ධ ධර්මයේ දැක්වෙන නාමරූපය
1 අවිද්‍යාව
2 හට ගැනීම (නිර්මාණය)
3 සිහිය
4 සිත හා කය
5 සංඥා සය
6 ස්පර්ශය
7 දැනීම
8 තණ්හාව
9 දැඩිව ග්‍රහණය
10 භවය
11 උපත
12 මහළු වීම හා මරණය
පටිච්ච සමුප්පාදය
බුද්ධ ධර්මයේදී නාමරූප යන්නෙන් අදහස් වන්නේ මනුෂ්‍යයා තැනී ඇති කොටස් දෙකවන නාම හෙවත් චිත්ත (මානසික) කොටස් හා භෞතික කය හෙවත් රූපයයි. බුදුදහමේ දී නාම හා රූප අන්‍යොනයව බැඳී තිබෙන අතර වෙන් කිරීම අපහසුය. නාමරූප එක්වීමෙන් මනුෂ්‍යයා නිර්මාණ වේ.
මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම
නාමරූපය පිළිබඳ බුද්ධ දේශනාව
මහණෙනි, නාමරූපය යනු කුමක්ද? ස්පර්ශය, දැනීම, අරමුණ හා අවධානය යන සියල්ල නාම රූපයයි. පඨවි, අපෝ, තේජෝ, වායු යන සතර මහා භූත හා සතර මහා භූත මත රඳාපවතින සියලුම දේ රූපයයි. මෙම කරුණු දෙක එකතුවීමෙන් නාමරූප තැනේ. නාමරූප පටිච්ච සමුප්පාදයේ කොටසකි.