නාසිවාදයෙහි ප්‍රතිවිපාක

නාසිවාදය සහ නාසි ජර්මනියෙහි ක්‍රියාවන් විසින් දෙවන ලෝක යුද්ධයට පෙර, එය අතරතුර සහ ඉන් පසුව, බොහෝ රටවල්, ප්‍රජාවන් සහ ජනයා මත බලපෑම් ඇති කළේය. නාසි දෘෂ්ටිවාදය විසින් උපමානව ලෙසින් සැලකුණු මානව කාණ්ඩ කිහිපයක් මූලෝත්පාඨනය කිරීමට නාසි ජර්මනියෙහි ප්‍රයත්නය, බ්‍රිතාන්‍යය, සෝවියට් සංගමය, සහ එක්සත් ජනපදය විසින් නායකත්වය සැපයුණු යුද්ධකාල මිත්‍රපක්ෂයෙහි ඒකාබද්ධ ප්‍රයත්නය වෙතින් අත්‍යන්තයෙහිදී නතර කෙරිණි.

යුදෙව් ජනයා

[සංස්කරණය]
"මෙම සංකේතය පළඳින කවරෙකු හෝ අපගේ ජනතාවෙකුගේ සතුරෙකි" – පහෝල ඩ වොහ, 1942 ජූලි 1


1939 වසර වන විට ලෝකයෙහි සිටි මිපියන 18 ක් පුමාණයක යුදෙව්වන් අතරින්, තුනෙන් එකකට වඩා පුමාණයක් මහා යුදෙව් සංහාරය තුලදී මරා දමන ලදි. [1] [2] යුරෝපියානු යුදෙව් සංස්කෘතියෙහි හදබිම වූ පෝලන්තයෙහි ජීවත්වූ මිලියන තුනක යුදෙව් ජනයා අතරින්, නොනැසී ඉතිරිවූයේ 60,000 ට අඩු සංඛ්‍යාවක් පමණි. නැගෙනහිර සහ මධ්‍යම යුරෝපයෙහි ඉතිරි යුදෙව්වන්ගෙන් බොහෝ දෙනා සරණාගතයන් වූයේ, සෝවියට් රූකඩ රාජ්‍යයන් වූ හෝ ඔවුන් නාසිවරුන්ට පාවාදුන් හෝ රටවල් වෙතට යළි පැමිණීමට නොහැකි හෝ අකමැති හෝ වූ නිසාවෙනි.

පෝලන්තය

[සංස්කරණය]
දෙවන ලෝක යුද්ධය අතරතුර වෝර්සෝ නගරයෙහි ගොඩනැගිලි අතරින් 85% ක් ජර්මානු හමුදා විසින් විනාශ කරන ලදි.

නාසිවරුන්ගේ අභිප්‍රාය වූයේ පෝලන්ත ජාතිය සම්පූර්ණයෙන් විනාශකිරීමය. 1941 වසරෙහිදී, නාසි නායකත්වය තීරණය කළේ වසර 10 සිට 20 දක්වා කාලයක් තුලදී පෝලන්තය වාර්ගික පෝලන්ත ජාතිකයන් වෙතින් සම්පූර්ණයෙන් විශුද්ධ කර ජර්මානු ජානපදිකයන් එහි පදිංචි කරවා, ජර්මානුවන්ගේ ලේබන්ස්රෝම් ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවය. [3] අධිවාසයෙහි ආරම්භයෙහි පටන්ම, ජර්මනියෙහි ප්‍රතිපත්තිය වූයේ පෝලන්ත දේශභූමිය කොල්ලකා සූරාකෑමට ලක්කොට, එය " උන්ටර්මෙන්චන් " ලෙසින් මූලෝත්පාටනය කල යුතුව ඇති පෝලන්ත ජාතිකයන් සඳහා යෝධ වධහිංසන සිර කඳවුරු බවට පත් කිරීමයි. [3] කොල්ලකෑමෙහි සහ සූරාකෑමෙහි ප්‍රතිපත්තිය නිසා පෝලන්ත කර්මාන්ත, කෘෂිකර්මය, යටිතල ව්‍යූහය සහ සංස්කෘතික වැදගත් ස්ථාන යන දේවල් හට අදාලව ද්‍රව්‍යමය හානි සිදුවූ අතර, ජර්මානුවන් විසින් සිදු කළ හානිය පමණක් දළ වශයෙන් €525 බිලියන හෝ $640 බිලියන ලෙසින් ඇස්තමේන්තුගත කර ඇත.[4] ඉතිරි පොලන්ත කර්මාන්ත බොහෝ ලෙසින් විනෘශ කර දමා හෝ යුද්ධයට පසු සෝවියට් බලකායන් විසින් රුසියාවට රැගෙන යන හෝ ලදි.

1947 වසරෙහිදී පිළියෙල කළ යුද්ධයෙහි හානි පිළිබඳ පෝලන්ත රජයේ නිල වාර්තාව අනුව 27,007,000 ක වාර්ගික පෝලන්ත ජාතිකයන් සහ යුදෙව්වන් පමණක් අතරින් 6,028,000 ප්‍රමාණයක යුද්ධ අන්තරාපාත්‍රයන් ප්‍රමාණයක් දක්වා තිබුණි. දේශපාලන හේතූන් නිසා, සෝවියට් සංගමයට සිදුවූ හානිද සහ යුක්‍රේනියානු සහ බෙලරුසියානු සම්භවයක් සහිත වූ පෝලන්ත පුරවැසියන්හට සිදුවූ හානි මෙම වාර්තාවට ඇතුළත් වී නොතිබුණි.

පෝලන්තයෙහි නැගෙනහිර මායිම, සෑහෙන ප්‍රමාණයකට බටහිර දෙසට කර්සන් මායිම දක්වා ගෙන යන ලදි. මෙය නිසා වූ භූමි ප්‍රදේශ හානිය 188,000 කිමී2 (පූර්වයෙහිදී 5.3 මිලියන වාර්ගික පෝලන්ත ජාතිකයන් වාසය කළ [5]) හානිපූරණය කිරීම සඳහා ඕවර්–නයිස මායිම වෙතින් නැගෙනහිර දෙසට 111,000 කිමී2 පූර්ව ජර්මානු භූමි ප්‍රදේශයක් එක් කළ යුතු විය (පූර්වයෙහි 11.4 මිලියන වාර්ගික ජර්මානුවෝ වාසය කළ[6]). ජර්මනිය විසින් පෝලන්ත දරුවන් පැහැර ගෙනයාම ද සිදුවූ අතර, මෙහිදී ජර්මානු රුධිරය සහිතවූ යැයි විශ්වාස කෙරුණු දරුවන් රැගෙන යන ලදි; 20,000ක් පමණ[7] පෝලන්ත දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් වෙතින් රැගෙන යන ලදි. මෙසේ පැහැර ගෙන යන ලද දරුවන්ගෙන් 10–15% පමණක් යළි නිවෙස් බලා පැමිණියහ. [8] පෝලන්ත ජාතික ප්‍රභූන් මහත් විනාශයට පමුණුවන ලද අතර අඩකට වඩා ප්‍රමාණයක් පෝලන්ත බුද්ධිමතුන් මරා දැමිණි. සමහරක් වෘත්තීන්හී සාමාජිකයන් 20–50% මරා දැමිණි, නිදසුනක් වශයෙන් පෝලන්ත නීතිඥයන් අතරින් 58%, වෛද්‍යවරුන් අතරින් 38% සහ විශ්වවිද්‍යාල සේවකයන් අතරින් 28% ක් යන ප්‍රමාණයක් නාසිවරුන් විසින් මූලෝත්පාටනය කෙරිණි. පෝලන්ත අගනගරය වෝර්සෝ, ජර්මානු හමුදා විසින් පොළවට සමතලා කෙරුණු අතර එහි අනෙකුත් පැරණි සහ අළුතින් සංස්ථාපිත නගරය නටබුන් වී තිබුණු (නිද. ව්රොස්ලො) හෝ සෝවියට් සංගමයට අයිති වීම නිසා අහිමි වී ගොස් හෝ (නිද. ලුවෝෆ්) තිබුණි. මෙයට අමතරව, පෝලන්තය, සෝවියට් පරිවාර රාජ්‍යයක් බවට පත්වූ අතර, 1989 වසර දක්වා සෝවියට්-පාලිත කොමියුනිස්ට් රජයක් යටතේ පැවතිණි. 1991 වසරෙහිදී සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව, 1993 වසර දක්වාම රුසියානු හමුදා පෝලන්තයෙන් ඉවත්කරගැනුම නොකෙරිණි.

මෙයද බලන්න

[සංස්කරණය]

මධ්‍යම යුරෝපය

[සංස්කරණය]

යුද්ධයෙහි සහ සෝවියට් අධිවාසයෙහි ප්‍රතිඵලයක් ලෙසින්, මධ්‍යම යුරෝපියානු රටවල් "සෝවියට් බලපෑම් ක්ෂේත්‍රය" ( යෝල්ටා සමුළුවෙහි එකඟතාවයන් පරිදී) යටතට පත්වුණි. යුද්ධය නිමවූ විගසින්, මෙම රටවල් සියල්ලෙහිම සෝවියට් පන්නයෙහි සමාජවාදී රජයයන් සංස්ථාපනය කෙරුණු අතර, යුද්ධයෙන් පෙර පැවති බටහිර පන්නයෙහි ප්‍රජාතන්ත්‍රවාදය පන්නය අහෝසි කෙරිණි. වෝර්සෝ සම්මුතියෙහි රටවල් මාෂල් සැලැස්මෙහි සහභාගි නොවීම නිසාද, කර්මාන්ත යටිතල ව්‍යුහය සෝවියට්වරු විසින් අත්පත් කර ගැනීම නිසාද, ආර්ථික ප්‍රතිප්‍රාප්තිය සැලකිය යුතු ලෙසින් මන්දගාමී විය.

සෝවියට් සංගමය

[සංස්කරණය]

නාසිවරුන් විසින් සෝවියට් සංගමය ආක්‍රමණය කිරීම හේතුවෙන් සෝවියට් පුරවැසියන් මිලියන 26 ක් පමණ මිය ගිය අතර, මෙයට හිට්ලර්ගේ හමුදාවන්ට එරෙහි සටන්වලදී මිය ගිය හෝ යුද්ධ සිරකරු කඳවුරු තුලදී මිය ගිය හෝ සොල්දාදුවන් 10,651,000 අයත් වෙති. [9]

බෙලාරූස්

[සංස්කරණය]

බුද්ධිමත් ප්‍රභූ පෙළන්තිය මුළුමනින්ම පාහේ සහ රටෙහි යුදෙව් ජනගහනයෙන් 90% ක් ඇතුළු බෙලාරූස්හී යුද්ධයට පෙර පැවති ජනගහනයෙන් සතරෙන් පංගුවක ප්‍රමාණයක් එයට අහිමි විය.

ආශ්‍රිත

[සංස්කරණය]
  • ස්ටීවන් බෙලා වාර්ඩි සහ ටී. හන්ට් ටූලි, සංස්. එත්නික් ක්ලෙන්සිං ඉන් ට්වෙන්ටියත්-සෙන්චරි යුරප් ISBN 0-88033-995-0. රිචර්ඩ් ඩොමිනික් විගර්ස් විසින් උපකොටස, දි යුනයිටඩ් ස්ටේට්ස් ඇන්ඩ් ද රිෆියුසල් ටු ෆීඩ් ජර්මන් සිවිලියන්ස් ආෆ්ටර් වර්ල්ඩ් වෝ II

අධෝසටහන්

[සංස්කරණය]
  1. ^ "හිස්ට්‍රි ඔ‌ෆ් ද හොලකෝස්ට්– ඇන් ඉන්ට්‍රඩක්ෂන්". යුදෙව් තත්‍යසම පුස්තකාලය. 19 අප්‍රේල් 1943. සම්ප්‍රවේශය 13 නොවැම්බර් 2011.
  2. ^ ලූක් හාඩිං ඉන් මොස්කව් (5 ජූනි 2007). "පයිප්ලයින් වර්කර්ස් ෆයින්ඩ් මාස් ග්‍රේව් ඔෆ ජූස් කිල්ඩ් බයි නාසීස්". ද ගාඩියන් (එරා). https://www.theguardian.com/ukraine/story/0,,2096327,00.html. 
  3. ^ a b ෆොල්කර් ආර්. බෙයාග්හාන් "ජර්මන්ස් ඇන්ඩ් පෝල්ස් 1871–1945" in "ජර්මනි ඇන්ඩ් ඊස්ටර්න් යුරප්: කල්චරල් අයිඩෙන්ටිටීස් ඇන්ඩ් කල්චරල් ඩිෆරන්සර්ස්", රෝඩොපි 1999
  4. ^ පෝල්ස් වෝට් ටු සීක් වෝ රෙපරේෂන්ස්, ඩොයිච වෙලෙ, 11 සැප්තැම්බර් 2004
  5. ^ කන්සයිස් ස්ටැටිස්ටිකල් ඉයර්-බුක් ඔෆ් පෝලන්ඩ්, පෝලන්ත තොරතුරු අමාත්‍යාංශය. ලන්ඩනය ජූනි 1941 පි.9 & 10
  6. ^ ද එක්ස්පල්ෂන් ඔෆ් ජර්මන්ස් ෆ්‍රොම් පෝලන්ඩ්, රීවිසිටඩ් සංරක්ෂණය කළ පිටපත 2007-06-12 at the Wayback Machine, H-Net Review
  7. ^ ඒ. ඩර්ක් මෝසස්, ජෙනසයිඩ් ඇන්ඩ් සෙට්ලර් සොසයිටි: ෆ්‍රොන්ටියර් වයලන්ස් ඇන්ඩ් ස්ටෝලන් ඉන්ඩිජෙනස් චිල්ඩ්රන් ඉන් ඕස්ට්‍රේලියන් හිස්ට්‍රි, Google Print, p.260
  8. ^ තදේවුස් පියට්‍රොස්කි, පෝලන්ඩ්ස් හෝලෝකෝස්ට්: එත්නික් ස්ට්‍රයිෆ්, කොලැබරේෂන් විත් ඔකියුපයිං ෆෝර්සර්ස් ඇන්ඩ් ජෙනසයිඩ් ඉන් ද සෙකන්ඩ් රිපබ්ලික්, 1918–1947, Google Print, p.22
  9. ^ "ලීඩර්ස් මෝන් සෝවියට් වෝටයිම් ඩෙඩ්". බීබීසී නිවුස්. 9 මැයි 2005. http://news.bbc.co.uk/2/hi/europe/4530565.stm.