Nilakshi de Silva De Silva batting for Sri Lanka during the 2020 ICC Women's T20 World Cupපුද්ගලික තොරතුරු සම්පූර්ණ නම Nishanka Nilakshi Damayanthi de Silva උපත 27 සැප්තැම්බර් 1989
Panadura, Sri Lankaපිතිකරන විලාසය Right-handed පන්දුයැවීම් විලාසය Right-arm slow-medium ජාත්‍යන්තර තොරතුරු ජාතික කණ්ඩායම Sri Lanka කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි WODI WT20I තරග 25 49 රැස් කල ලකුණු 453 448 ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 22.65 13.17 100ඒවා/50ඒවා 0/0 0/0 වැඩිම ලකුණු 48* 49* යැවුනු පන්දු 318 217 කඩුළු 4 11 පන්දු යැවීමේ සාමාන්‍යය 76.50 21.63 ඉනිමකදී කඩුළු පහක් 0 0 තරගයකදී කඩුළු 10 ක් 0 0 හොඳම පන්දු යැවීම 1/27 3/13 පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 6/– 23/– මූලාශ්‍රය: Cricinfo, 12 February 2023
නිලක්ෂි ද සිල්වා (උපත:1989 සැප්තැම්බර් 27) ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවකි.[1] ඇය 2015 නොවැම්බර් 3 වන දින ICC චැම්පියන්ස් කුසලානයේ දී නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් සිය මංගල එක්දින ජාත්‍යන්තර තරඟයට පිවිසියාය.[2] ඇය 2018 කාන්තා විස්සයි20 ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩිකාව වූ අතර තරඟ පහකදී දැවී යෑම් 7ක් වාර්තා කළාය.[3]
2018 ඔක්තෝම්බර් මාසයේදී, ඇය බටහිර ඉන්දීය කොදෙව් හි 2018 ICC කාන්තා ලෝක විස්සයි20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කරන ලදී.[4] 2020 ජනවාරි මාසයේදී ඇය ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 2020 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට නම් කරන ලදී.[5] 2021 ඔක්තෝම්බර් මාසයේදී, සිම්බාබ්වේ හි පැවැත්වෙන 2021 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කරන ලදී.[6] 2022 ජනවාරි මාසයේදී ඇය මැලේසියාවේ පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කරන ලදී.[7] 2022 ජූලි මාසයේදී එංගලන්තයේ බර්මින්හැම් හි පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇය නම් කරන ලදී.[8]