නෙෆ්රුබිටි රූපාක්ෂර වලින් | ||||||
---|---|---|---|---|---|---|
නෙෆරුබිටි nfrw bity | ||||||
අහ්මෝස් රැජින සහ පාරාවෝ Iවන තුත්මෝස් සමග සිටින නෙෆ්රුබිටි; ඩේර් එල්-බහ්රි වලිනි. |
නෙෆ්රුබිටි (අඛෙබෙට්නෙෆරු) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ 18වන රාජවංශයේ කුමරියකි. ඇය Iවන තුත්මෝස් පාරාවෝවරයාගේ සහ අහ්මෝස් රැජිනගේ දියණියයි. එසේම ඇය හට්ෂෙප්සුට් රැජිනගේ සොයුරියක වූ අතර, IIවන තුත්මෝස්, වැඩ්ජ්මෝස් සහ අමෙන්මෝස් යන අයගේ අර්ධ-සොයුරිය විය.[1]
ඇය ඇගේ දෙමාපියන් සමග සිටින අයුරු හට්ෂෙප්සුට්ගේ ඩේර් එල්-බහ්රි මතකාගාර දේවස්ථානයේ නිරූපණය කර තිබේ. අනතුරුව ඇය පිළිබඳ වාර්තා හමු නොවේ. ඇය ලාබාල වියේ මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.[2][3]