නෝ ෆයර් සෝන් : ඉන් ද කිලිං ෆීල්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා | |
---|---|
ප්රභේදය | වාර්තාමය |
අධ්‍යක්ෂණය කලේ | කැලම් මැක්රේ |
සම්භව රට | එක්සත් රාජධානිය |
නිෂ්පාදනය | |
ස්ථානය(න්) | ශ්‍රී ලංකාව එක්සත් රාජධානිය |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | චැනල් 4 |
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | ශ්‍රී ලංකාස් කිලිං ෆීල්ඩ්ස්: වෝ ක්‍රයිම්ස් අන්පනිෂ්ඩ් |
බාහිර සබැඳි | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
නෝ ෆයර් සෝන්: ඉන් කිලිං ෆීල්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා යනු, ශ්‍රී ලාංකික සිවිල් යුද්ධයේ අවසාන සති කිහිපය පිළිබඳ විමර්ෂණාත්මක වාර්තා චිත්‍රපටියකි. 2008 වසරෙහි සැප්තැම්බර් මස සිට, 2009 වසරෙහි යුද්ධයේ නිමාව වනතුරු ගෙවුනු කාලසීමාවෙහිදී, දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ මරා දමන ලද නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 12-අවුරුදු වියැති පුත්‍රයා වූ බාලචන්ද්‍රන් ප්‍රභාකරන් ඇතුළු, දෙමළ ජනයා දහස්ගණනක් ශ්‍රී ලාංකික යුද්ධ හමුදාව විසින්, බෝම්බ හෙලීමෙන් සහ අධිකරණමය ක්‍රියා දාමයෙන් පරිබාහිරව මරා දැමීම, මෙම වාර්තා චිත්‍රපටිය විසින් ආවරණය කෙරෙයි.[1] වාර්තා චිත්‍රපටයෙහි අඩංගු චෝදනා, ශ්‍රී ලාංකික යුද්ධ හමුදාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. [2][3][4][5]
2013 මාර්තු මාසයේදී, මෙම වාර්තා චිත්‍රපටිය, එහි අධ්‍යක්ෂක වූ, කැලම් මැක්රේ විසින්, ජිනීවාහී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී 22 වන සැසි වාරයේදී තිර ගත කෙරිණි.[6]