ප්‍රතිමා කාස්මි | |
---|---|
![]() | |
උපත | 21 ජූලි 1948 |
නිවහන | මුම්බායි, ඉන්දියාව |
රැකියාව | නිළියක |
සක්‍රීය වසර | 1997 – වර්තමානය |
ප්‍රසිද්ධව ඇත්තේ | උත්තරන්හි සුමිත්‍රා දේවි/ආච්චි |
කලත්‍රයා(යන්) | කන්නන් අරුණාචලම් |
ප්‍රතිමා කාස්මි (හින්දි: प्रतिमा काज़मी, උර්දු: پرتما کاظمی) යනු බොලිවුඩ් චිත්‍රපට සහ හින්දි රූපවාහිනී කතාමාලාවල රංගනයේ යෙදෙන ඉන්දියානු රූපවාහිනී නිළියකි. ඇය වර්තමානයේ හින්දි චිත්‍රපට සහ නාට්‍යවල කටයුතු කළ ද ඇය සිය වෘත්තියට පිවිසුණේ 1997දී වාරිස් හුසේන් නම් ඉන්දියානු අධ්‍යක්ෂවරයා නිෂ්පාදනය කළ සික්ස්ත් හැපිනස් නම් ඉංග්‍රීසි චිත්‍රපටය තුළිනි. මෙහි ඇය 'ගණිකා නිවාස පාලිකාවකගේ' චරිතය නිරූපණය කළා ය.[1]
ඇතැම් ධනාත්මක චරිත නිරූපණය කොට තිබුණ ද, ප්‍රතිමා වඩාත් ප්‍රකට වූයේ ඍණාත්මක සහ කුමන්ත්‍රණකාරී චරිත නිරූපණය නිසායි. එසේම ඇය ඇගේ දැඩි දෙබස් සහ රළු ස්වරය නිසා ද ප්‍රකට ය. 2004දී ඇගේ වේසා භි හෝතා හේ II කොටස චිත්‍රපටය වෙනුවෙන් ප්‍රථම වරට ඇය ස්ටාර් ස්ක්‍රීන් අවෝඩ්ස් සිනමා උළෙලේ දී "ඍණාත්මක චරිතයක හොඳම නිරූපණය" සඳහා නිර්දේශ වූවා ය.[2]
ප්‍රතිමා කාස්මි පහත චිත්‍රපට සහ මාලා නාට්‍ය සඳහා සිය දායකත්වය ලබා දී ඇත:
|
|