![]() | |
පිහිටීම | පිළියන්දල, ශ්‍රී ලංකාව |
---|---|
උස | මීටර 24 |
ආරම්භ වූ දිනය | 1952 සැප්තැම්බර් 18 |
අවසන් කළ දිනය | 1953 අප්‍රියෙල් 30 |
කැප කරන ලද්දේ | පරලොව සැපත් දොන් කොරනේලිස් විජේවික්‍රම මහතා සහ එම මහත්මිය සිහිවීම පිණිස |
පිළියන්දල හෝරාස්ථභය ශ්‍රී ලංකාවේ පිළින්දල නගර මධ්‍යයයේ පිහිටා ඇති අතර එය එම නගරයේ ප්‍රචලිත මංසලකුණකි. ප්‍රදේශවාසීන් සහ ලේඛනගත තොරතුරු අනුව මෙම හෝරාස්ථම්භය ශ්‍රී ලංකාවේ හෝරාස්ථම්භ අතරින් උසම එකක් වන අතර උසින් අඩි 78ක් හා වටප්‍රමාණයෙන් අඩි 16ක් වේ. මෙම හෝරාස්ථම්භය වසර හැටකට වඩා කාලයක් තිස්සේ ක්‍රියාත්මක තත්ත්වයේ පවතින අතර එහි පුරාවිද්‍යාත්මක වටිනාකම පිළියන්දල නගරයට පෞරාණික වටිනාකමක් එක් කරයි.[1]
එවකට මොරටුව පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා කරන ලද ඉල්ලීමකට අනුව පිළියන්දල වෑවල විසූ දානපති ඩී. එස්. ඩබ්ලිව්. සමරකෝන් මහතා එතුමාගේ පෞද්ගලික ධනයෙන් තම මවුපියන් වන පරලොව සැපත් දොන් කොරනේලිස් විජේවික්‍රම මහතා සහ එම මහත්මිය සිහිවීම පිණිස පිළියන්දල නගර මධ්‍යයේ ඇති හෝරාස්ථම්භය ඉදිකර තිබේ. එවකට පළාත් පාලන ඇමැති සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් 1952 සැප්තැම්බර් 18 වැනි දින මේ හෝරාස්ථම්භය ඉදිකිරීමට මුල්ගල තබා ඇත. 1953 අපි‍්‍රයෙල් 30 වැනි දින මේ හෝරාස්ථම්භය සියලු වැඩ අවසන් කොට ජනතාවට වේලාව දක්වන්නට සැලැසු බවට එම හෝරස්ථම්භයේ ඇති ලේඛනයේ සඳහන් වේ.[2]
පිළියන්දල හෝරාස්ථම්භය මහල් තුනකින් යුක්ත වන අතර ගඩොල් සහ සිමෙන්තියෙන් නිමවා ඇත. එහි උඩම මහල කොන්ක්‍රීට් ස්තරයක් මත ඉදිකරනු ලැබ ඇත. එම ඉහළ මාලය වෙත ළඟා වීම සඳහා යකඩ පඩිපෙළක් ඇත. මෙම යකඩ පඩිපෙළ මුදුනේ වයින් කරන යන්ත්‍ර 3කින් සමන්විත පෙට්ටියක් පිහිටා තිබේ.