පුස්සැල්ලාව මහනුවර දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇති නගරයකි. පුරාවෘත්තයන්ට අනුකූලව ගම්පොල රාජධානියෙහි රජවරු පුස්සැල්ලාව සහ කොත්මලේ අවට පිහිටි මෙම භූමි ප්‍රදේශය සතුරන් ගෙන් සැඟවී සිටිම සඳහා උපයෝගී කොටගෙන ඇත. පසු කාලීනව මෙම ළඟාවීමට අපහසු භූමි ප්‍රදේශය ලෝකප්‍රකට තේ වගාවක් බවට පරිවර්තනය විය. කන්ද උඩරට ප්‍රදේශයෙහි, ගම්පොල නගරයෙහි සිට කි.මි 16 දුරින් නුවර එළිය මාර්ගයෙහි පුස්සැල්ලාව නගරය පිහිටා ඇත.
මෙම භුමි ප්‍රදේශය අඩි 2,800 පමණ උසකින් යුක්ත වන අතර මෙම භූ විෂමතාවය හේතුකොටගෙන පුස්සැල්ලාව නගරය සිසිල් දේශගුණයට උරුමකම් කියන අතරම සන්ධ්‍යා කාලයෙහිදි මීඳුමෙන් වැසී ගනි. පුස්සැල්ලාව නිවාඩු නිකේතනය ආදි කාලීනව රම්බොඩ හරහා වැටෙන දුෂ්කර කඳුකර මාර්ගය ඔස්සේ නුවර එළිය බලා ගමන් කරනා සංචාරකයන්ගෙ සුප්‍රසිද්ධ නැවතුම්පොළක්ව පැවතුනි. මෙම නගරය ආශ්‍රිතව සංචාරකයන්ගේ නෙත් ආකර්ෂණය කරගන්නා වූ දිය දහරා රාශියක් පිහිටා ඇත. පුස්සැල්ලාව නගරයෙහි සුප්‍රසිද්ධ හෝටලයක් පිහිටා ඇති අතර නගරය වටා පිහිටි අනෙකුත් නගරයන්හි ස්ථාපිත කොට ඇති හෝටල් ප්‍රමාණය 12 පමණ වේ.
මෙල්ෆෝර්ට් වතුයාය මෙම භූමි ප්‍රදේශය 1986 හිදී ප්‍රථම වරට ශ්‍රි ලංකාවේ කෝපි වගාව ආරම්භ කිරීම සඳහා එලිපෙහෙලි කරන ලදී. මෙල්ෆෝර්ට් වතුයාය පුස්සැල්ලාව මිටියාවතෙහි පහළ කෙලවරේ නුවර එළිය මාර්ගයට යාබදව පිහිටා ඇත.
හෙල්බොඩ වතුයාය මහනුවර දිස්ත්‍රික්කයෙහි පුස්සැල්ලාව නගරයේ,මහනුවර සිට මෑත කාලීනව තේ වගාවන් බවට පරිවර්තනය වූ ඉපැරණි කෝපි වතු හරහා දිවෙන මාර්ගයෙහි පිහිටා ඇත.මෙම වතුයායෙහි සිට නැරඹූ විට කොත්මලේ අමුණ සහ ඵෛතිහාසික මොණර කඳු වැටිය දර්ශනීය ලෙස දිස්වේ. ප්‍රථම වතු යාය(කෝපී කර්නල් බර්ඩ් විසින් ගම්පොල නගරයට යාබදව පිහිටුවා ඇති අතර පසුව පුස්සැල්ලාව දක්වා විහිදුනි.මෙම වතුයාය 1976 හිදී JEDB විසින් පවරා ගන්නා තෙක්ම එංගලන්තයේ Duff Estate Co. Ltd. Of England සතුව පැවති අතර පාලන කටයුතු මෙහෙයවනු ලැබුවේ George Steuart & Co. Ltd විසිනි.හෙල්බොඩ වතුයාය 1992 මැද භාගයේදි නිදහස් ලංකා සමාගම විසින් පවරා ගනු ලැබූහ.
රොත්ස්චයිල්ඩ් වතුයාය අක්කර 2000 කින් සමන්විත මෙම වතුයාය සම්පූර්ණත්වය සහ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ අතරම අනෙකුත් වතුයායන් සඳහා පූර්වාදර්ශයක් විය. රොත්ස්චයිල්ඩ් තේ වසර විසිපහක් මුලුල්ලේම ගුණාත්මක බව අතින් ඉතා ඉහල ස්ථානයක රැඳී පවතී. (සිලෝන් තේ ඉතිහාසය)
සෝගම වතුයාය
සැන්ක්වාර් වතුයාය
නිව් පීකොක් වතුයාය
ඩෙල්ටා වතුයාය පුස්සැල්ලාව වතුයාය සතු සමාගමකි.
පුස්සැල්ලාව නගරයෙහි විවිධ භාණ්ඩ මිලදී ගැනිම සඳහා පහසුකම් පවතී. පුස්සැල්ලාවෙහි වඩාත්ම ප්‍රසිද්ධියක් උසුලන ව්‍යාපාරික ස්ථාන අතුරින් කිහිපයක් මෙසේය, එම්. ඒ තේවරය පිල්ලාය් සහ පුත්‍රයෝ (1931 සිට),රොහන්ස් හාර්ඩ්වෙයාර්, ජේගම් සහ සමාගම,පුෂ්පා ස්ටෝර්ස්, ළමාහේවා ටෙක්ස්ටයිල්ස්, මුස්ලිම් හෝටලය, සිංගර් ප්‍රදර්ශනාගරය.