පෝරස් | |
---|---|
![]() දිග්විජය පෝස්ටරයක් | |
ප්‍රභේදය | ඉතිහාසය, නාට්‍ය |
තැනුවේ | සිද්ධාර්ත් කුමාර් තේවාරි |
රචනය කලේ | සිද්ධාර්ත් කුමාර් තේවාරි, මිතාලි භටාචාර්ය, අරුන්දතී ෂර්මා |
අධ්‍යක්ෂණය කලේ | සිද්ධාර්ත් කුමාර් තේවාරි |
රඟපෑම | ලක්ෂ් ලාල්වානි, රෝහිත් පුරෝහිත්, රතී පාණ්ඩේ, ආදිත්‍ය රෙඩිජ්, සුහානි ධන්කි |
Composer(s) | සංගීත් හල්දිපූර් සිද්ධාර්ත් හල්දිපූර් සූර්යරාජ් කමල් ලෙනින් නන්දි රාජු සිං |
සම්භව රට | ![]() |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 260 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | සිද්ධාර්ත් කුමාර් තේවාරි රාහුල් කුමාර් තේවාරි ගායත්‍රී ගිල් තේවාරි |
සංස්කාරක(යන්) | ජනක් චෞහාන් අනිල් වෛශ්‍ය |
ස්ථානය(න්) | උම්බෙර්ගාඔන්, තායිලන්තය |
සිනෙමාරූපණය | කබීර් ලාල් |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
ධාවන කාලය | මිනිත්තු 24 |
නිෂ්පාදන සමාගම | වන් ලයිෆ් ස්ටූඩියෝස් (ස්වස්තික් ප්‍රොඩක්ෂන්ස් යටතේ) |
බෙදාහරින්නා | සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් (සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස්හි අනුබද්ධ සමාගමකි) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් |
රූප ආකෘතිය | 576i (SDTV) 1080i (HDTV) |
මුල් ධාවනය | 27 නොවැම්බර් 2017 | – වර්තමානය
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
පෝරස් යනුවෙන් හැඳින්වෙන්නේ පෞරවයන්ගේ රජු වූ පෝරස් හා ඔහුගේ ජීවන වෘත්තාන්තයත්, විශේෂයෙන්ම මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාට එදිරිව සිදුකළ හයිඩස්පෙස්හි සටනත් පාදක කොටගෙන තැනූ ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. මෙය 2017 නොවැම්බර් 27 දින සිට සෝනි ටීවී ඔස්සේ විකාශය ඇරඹිණි.[1]
මෙම වැඩසටහන නිර්මාණය කරන ලද්දේ ස්වස්තික් ප්රොඩක්ෂන්ස්හි සිද්ධාර්ත් කුමාර් තේවාරි විසිනි.[2][3] ඉන්දියානු රූපවාහිනියේ වඩාත්ම අධික පිරිවැයක් දරා නිපදවන ලද්දේ යැයි පැවසෙන මෙම කතාමාලාව INR කෝටි 500ක (දළ වශයෙන් ඇ.ඩො. මිලියන 80) වියදමක් දරා නිපදවී යයි කටකථා පැතිරේ.[4]
මෙම වැඩසටහන 'දෘශ්‍යමය වශයෙන් නතුකරගන්නාසුලු' යැයි ඉන්ඩියා ටුඩේ පුවත්පත පවසයි.[31]
පින්ක්විලා පවසන්නේ මෙය බාහුබලි චිත්‍රපටයේ රූපවාහිනී ප්‍රභේදයක් බවයි.[32]
ශ්‍රී ලංකාව තුළ සිරස ටීවී නාළිකාව ඔස්සේ සිංහලෙන් හඬකවන ලද මෙම කතාමාලාව දිග්විජය[33] යන තේමාව යටතේ විකාශය වේ.
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | චරිතය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2018 | ලයන්ස් ගෝල්ඩ් අවෝඩ්ස් 2018 | වසරේ ප්‍රියතම නිළිය (විචාරක)[34] | ආනුසුයා රැජින (රතී පාණ්ඩේ) | දිනාගති |
2018 | ලයන්ස් ගෝල්ඩ් අවෝඩ්ස් 2018 | වසරේ ප්‍රියතම නළුවා[35] | පෝරස් (ලක්ෂ් ලාල්වානි) | දිනාගති |