කෘවල් පැලස් - වෝ ඔෆ් ෆ්ලවර්ස් | |
---|---|
![]() කෘවල් පැලස් - වෝ ඔෆ් ෆ්ලවර්ස් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | Blood Palace |
ප්‍රභේදය | ඓතිහාසික, නාට්‍ය, ප්‍රේම කථා |
රචනය කලේ | ජුං හා-යොන් |
අධ්‍යක්ෂණය කලේ | නෝ ජොං-චන් කිම් ජේ-හොං |
රඟපෑම | කිම් හ්යුන්-ජූ ලී දොක්-හ්වා සොං සොන්-මි ජුං සුං-මෝ ජුං සුං-වූන් කිම් ජූ-යොං ගෝ වොන්-හී ජුන් තේ-සූ |
Composer(s) | ලී ජි-යොං |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 50 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | ජෝ ජූන්-හ්යුං |
නිෂ්පාදක(යෝ) | ෂින් දොං-කි ගෝ ජුං-හෝ |
සංස්කාරක(යන්) | කිම් සූ-ජින් ජොන් හ්යුන්-ජුං ක්වොන් ඉයුන්-හී |
ස්ථානය(න්) | කොරියාව |
සිනෙමාරූපණය | කිම් ග්යොං-චොල් |
ධාවන කාලය | මිනිත්තු 60; සෙනසුරාදා සහ ඉරිදා 20:45ට (KST) |
නිෂ්පාදන සමාගම | ඩ්රාමාහවුස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | jTBC |
රූප ආකෘතිය | HDTV |
මුල් ධාවනය | 23 මාර්තු 2013 | – 8 සැප්තැම්බර් 2013
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | Childless Comfort |
අනුගමනය වනුයේ | The Firstborn |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
කොරියානු නම | |
හංගුල් | 궁중잔혹사 – 꽃들의 전쟁 |
---|---|
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ගුංජුංජන්හොක්සා - ගොත්ද්යුල්-උයි ජොන්ජේං |
මැකූන්–රයිෂවර් | කුංජුංජන්හොක්සා - කොත්තූලූයි චෝන්ජෙං |
![]() |
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
කෘවල් පැලස් - වෝ ඔෆ් ෆ්ලවර්ස් (කොරියානු: 궁중잔혹사 – 꽃들의 전쟁; ප්‍රරෝ: ගුංජුංජන්හොක්සා - ගොත්ද්යුල්-උයි ජොන්ජේං) යනුවෙන් හැඳින්වෙන්නේ 2013 වර්ෂයේ දී විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කිරීම කිම් හ්යුන්-ජූ,[1] ලී දොක්-හ්වා, සොං සොන්-මි, ජුං සුං-මෝ, ජුං සුං-වූන්, කිම් ජූ-යොං, ගෝ වොන්-හී සහ ජුන් තේ-සූ යන නළු නිළි පිරිස විසින් සිදුකරන ලදී. දකුණු කොරියාවේ ජූංඇං තොංග්යැං විකාශන සමාගම හෙවත් jTBC නාළිකාව ඔස්සේ 2013 මාර්තු 23 දින විකාශය ඇරඹි මෙම රූපවාහිනී කතාමාලාව 2013 සැප්තැම්බර් 8 දින දක්වා විකාශය විය. එහි දී මෙම කතාමාලාව සෙනසුරාදා සහ ඉරිදා දිනවල 20:45ට කථාංග 50කින් යුක්තව විකාශය කරන ලදී. එහි ධාවන කලාය මිනිත්තු 60ක් පමණ විය.
මෙම ඓතිහාසික කතාමාලාව අරචනා කරන ලද්දේ ජුං හා-යොන් නැමැති රචකයා විසිනි. නෝ ජොං-චන් සහ කිම් ජේ-හොං යන අධ්‍යක්ෂකවරු දෙදෙනා මෙම නාට්‍යය සඳහා අධ්‍යක්ෂණයෙන් දායක වූහ. ජෝ ජූන්-හ්යුං විසින් මෙහි විධායක නිෂ්පාදනය සිදු කරන ලදී. මීට අමතරව ෂින් දොං-කි සහ ගෝ ජුං-හෝ යන අය ද මෙහි නිෂ්පාදනය සඳහා දායක වූහ. කිම් සූ-ජින්, ජොන් හ්යුන්-ජුං සහ ක්වොන් ඉයුන්-හී යන සංස්කාරකවරුන්ගේ සංස්කරණයෙන් යුතුව එළි දැක්වුණු මෙහි සිනෙමාරූපණ කටයුතු කිම් ග්යොං-චොල් විසින් සිදු කරන ලදී. මෙහි නිෂ්පාදන සමාගම ලෙස ඩ්රාමාහවුස් නැමැති සමාගම සැලකෙයි.
2013 වර්ෂයේ පැවති APAN ස්ටාර් සම්මාන උළෙලේ දී මෙම නාට්‍යයේ දී ප්‍රදර්ශනය කළ රංගන ප්‍රතිභාව වෙනුවෙන් කිම් හ්යුන්-ජූ නිළිය විශිෂ්ට සම්මානය සඳහා නිර්දේශ වූවා ය. මෙම රූපවාහිනී කතාමාලාව ඇතැම් අවස්ථාවල දී බ්ලඩ් පැලස් ලෙස ද හඳුන්වයි.
කෘවල් පැලස්: වෝ ඔෆ් ෆ්ලවර්ස් නැමැති මෙම කතාමාලාව රාජ මාලිගය තුළ සැඟවුණු බිහිසුණු කථාන්දරයක් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරයි.මෙම ඓතිහාසික කාලාන්තර නාට්‍යය සඳහා පාදක වී ඇත්තේ සිය රූමත් බව සහ සහජ බුද්ධිය උපකාර කර ගනිමින් ජොසොන්හි ඉන්ජෝ රජුගේ අවධානය දිනා ගැනීමට තැත් කරන රාජකීය උපබිසවක වන ජෝ සෝ-යොං ආර්යාවගේ (නිරූපණය කිම් හ්යුන්-ජූ විසිනි) ක්‍රියා කලාපය පිළිබඳවයි. ඇය සිය අරමුණ සාර්ථකත්වයට පත් කරගන්නා විට, ඇය ලබන බලයත් සමග මාලිගයේ රුධිර වැගිරීම් සහිත විශාල අරගලයක් පැන නගියි.[2]
ජෝ සෝ-යොං රාජකීය උපබිසවහට සිය පුත්‍රයාව ජොසොන් රාජ්‍යයේ අනාගත රජු බවට පත්වනු දැකීමට අවශ්‍ය වෙයි. සිය අරමුණ ඉටු කරගැනීම සඳහා ඇය කිම් ජා-ජොම්ගේ සහාය ලබාගන්නා අතර, ඉන්ජෝ රජුව සිය පාර්ශ්වය වෙත නම්මා ගැනීමට උත්සාහ කරයි. එසේම ඇයට කිරුළ හිමි කුමරු වූ සොහ්යුන් කුමරුගේ කරදරයෙන් මිදීමට ද අවශ්‍ය වේ.
1645දී, ඉන්ජෝ රජුගේ පුත් කිරුළහිමි සෝහ්යොන් කුමරු ක්විං දේශයේ සිට[5] තනිව ජොසොන් වෙත පැමිණියේ සිහසුන භාරගෙන ඉන්ජෝට රාජ්‍ය පාලනයට උපකාර කිරීම සඳහායි. කෙසේනමුත්, සෝහ්යොන් කුමරු තුළ යුරෝපීය සංස්කෘතිය කෙරෙහි තිබූ විවෘත දැක්ම සහ ක්විං රාජවංශය වෙත උපාය මාර්ගික අදහස් හේතුවෙන් ඉන්ජෝ රජු සහ ඔහු අතර ගැටුම් ඇති විය. මඳකලෙකින් රජුගේ කුටිය තුළ සෝහ්යොන් කුමරු මියගිය අතර, කෙටි අවමංගල්‍ය උත්සවයකින් පසු දේහය භූමදානය කෙරිණි. පසුව ඉන්ජෝ රජු විසින් සිය සැමියාගේ මරණයට සැබෑ හේතුව සෙවීමට තැත් කළ සෝහ්යොන්ගේ බිරිඳ වූ කිරුළහිමි මින්හොයි කුමරියට ද දඬුවම් ලබාදුන්නේ ය. පුරාවෘත්ත අනුව පැවසෙන්නේ, කිරුළහිමි කුමරු චීනයේ සිට රැගෙන ආ තීන්ත පුවරුවකින් ඉන්ජෝ සිය පුත්‍රයාව මරා දැමූ බවයි.
මෙහි ප්‍රධාන චරිතය වන ජෝ ආර්යාව ඉන්ජෝ රජුගේ ග්වයි-ඉන් ශ්‍රේණියේ උපබිසවක වූවා ය. 1652 ජනවාරි 24 දින හ්යෝජොං රජු විසින් ඇයට මරණ දඬුවම ලබා දෙන ලදී.