පිහිටීම | බේලුම් ගම්මානය, කෝලිමිගුන්ඩ්ලා, කුර්නූල් දිස්ත්‍රික් මණ්ඩලය |
---|---|
කලාපය | ආන්ධ්‍ර ප්‍රදේශ්, ඉන්දියාව |
බේලුම් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු උපමහාද්වීපයේ පිහිටි මහජනයාට විවෘත වූ විශාලතම සහ දිගම ගුහා සංකීර්ණයයි. මෙය එහිවූ හිරිලඹ සහ හිරිටැඹ නිසා ප්‍රකට ය. මෙම ලෙන්වල දිගු පැසේජ, ගැලරි, සහ මිරිදිය සයිෆන සහිත ඉඩකඩ ඇති කුටීර දක්නට ලැබේ. මෙම ගුහා සංකීර්ණය නිර්මාණය වී ඇත්තේ අවුරුදු දස දහස් ගණනක් තිස්සේ වර්තමානයේ දක්නට නොමැති චිත්‍රවතී ගංගාවේ භූගත ජලය ගලායාම නිසායි. මෙම ගුහා සංකීර්ණයේ වූ පහත්ම ලක්ෂ්‍යය ( 46 m (151 ft) පිවිසුමේ සිට) පාතාලගංගා ලෙස හඳුන්වනු ලැබේ.[1] තෙලිඟු බසින්, මෙම ගුහා බේලුම් ගුහාලු ලෙස හඳුන්වනු ලබයි.