බෝනිකි අර්චනකය යනු පුද්ගලයෙකු බෝනික්කන් හා බෝනික්කන් වැනි කුඩා ප්‍රථිමා වැනි වස්තූන් වෙත ආකර්ෂණය වන ලිංගික අර්චනකයකි. [1] මෙම ආකර්ෂණයට බෝනික්කෙකු සමඟ සැබෑ ලිංගික සම්බන්ධතා සඳහා ඇති ආශාවක්, සජීවී හෝ අජීවී බෝනික්කෙකු සමඟ ලිංගික හමුවීමක් පිළිබඳ ෆැන්ටසියක්, බෝනික්කන් ලෙස ඔවුනොවුන් අතර හමුවීම්, තමන් බෝනික්කෙකු බවට පරිවර්තනය වීමේ හෝ අනෙකෙකු බෝනික්කෙකු පරිවර්තනය කිරීමේ සිතුවිලි වලින් ඇතිවන ලිංගික සතුටක් ඇතුළත් විය හැකිය. බෝනිකි අර්චනකය යනු වස්තුක ලිංගිකත්වයේ ආකාරයක් වන ඇගල්මැටෝෆිලියාවේ එක්තරා ප්‍රබේදයකි.
එතරම් සුලභ නොවූවත් බෝනික්කන් සමඟ සංසර්ගය හෝ වෙනත් ලිංගික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට යමෙකුට ෆැන්ටසියක් තිබිය හැක.
බෝනිකි අර්චනකය Tekken 8 වැනි වීඩියෝ ක්‍රීඩා ඇතුළු විවිධ මාධ්‍යවල අවධානය දිනාගත් සංසිද්ධියකි. එම ක්‍රීඩාවන්හිදී කාන්තා චරිත හැඟීම් විරහිත බෝනික්කන් ලෙස නිරූපණය කර ඇත[vague]</link>. මේ ආකාරයෙන් කාන්තා චරිතයන් අර්චනකරණය පිළිබඳව ක්‍රීඩකයින් අතර සංවාදයන්ට ලක්වී ඇත[ප්‍රකාශයේ හිමිකරු?] . ඇතැම් ක්‍රීඩකයින් මෙම චරිතවල රොබෝමය සහ පරිපූර්ණ ස්වභාවයට ආකර්ෂණය වන අතර, එම චරිත වල හැඟීම් ප්‍රකාශ කිරීමේ නොහැකියාව නිසා ඇතැමුන්ගේ සිත් කැළඹීමකට ලක් වේ.[කවුරුන් ද?]</link>. පුද්ගල මතයන් කුමක් වුවත්, මෙම අර්චනකය සංවේදිබව සහ අවබෝධය අවශ්‍ය වන සංකීර්ණ සහ සියුම් මාතෘකාවක් බව වටහාගැනීම වැදගත් වේ. මෙම චරිත සඳහා ඇති රුචිකතවය සහ එම චරිත වල අර්ථ නිරූපණයන් අවසානයේ තනි තනි ක්‍රීඩකයන්ට පැවරෙන අතර, විවෘත මනසකින් සහ විවිධ දෘෂ්ටිකෝණවලට ගරු කරමින් මෙම මාතෘකාවට ප්‍රවේශ වීම අත්‍යවශ්‍ය වේ.