භාමාලා ස්තූපය بهامالا اسٹوپ | |
---|---|
කුරුස හැඩැති ස්‍තූපයේ නටබුන් | |
මූලික තොරතුරු | |
පිහිටීම | හර්පූර් ඛයිබර් පඛ්තුන්ඛ්වා පාකිස්තානය |
භූගෝලීය ඛණ්ඩාංක | 33°50′N 72°58′E / 33.833°N 72.967°E |
අනුබැඳියාව | බුද්ධාගම |
පළාත | ඛයිබර් පඛ්තුන්ඛ්වා |
පුද කළ වර්ෂය | ක්‍රි.ව. 2වන සියවස |
භාමාලා ස්තූපය (උර්දු: بهامالا اسٹوپ) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 2වන සියවසට අයත් යැයි සැළකෙන පාකිස්තානයේ හරිපූර් අසල පිහිටි නටබුන් බෞද්ධ ස්තූපයක් සහ ජාතික උරුම අඩවියකි. සංචාරක ආකර්ෂණස්ථානයක් වන මෙය ඛාන්පූර් වේල්ල අසල හාරෝ ගංගා ඉවුරේ පිහිටියේ ය.[1] භාමාලා ස්තූපය දැවැන්ත භාමාලා බෞද්ධ විහාර සංකීර්ණයට අයත් වූවකි.[2] මෙම ස්ථානය වසර 1,700ක් පැරණි පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමාව නිසා ප්‍රසිද්ධියට පත්විය. එය ලොව පැරණිතම පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමාවලින් එකක් ලෙස සැළකේ.[3]