භූතේස්වර යක්ෂියෝ | |
---|---|
භූතේස්වර යක්ෂියෝ, මථුරා, ක්‍රි.ව. 2වන සියවස. කුළුණුවල පසුපස වූ බෞද්ධ කැටයම් පසුපස ඇති දර්පණවලින් දැකගත හැක. ඉන්දියානු කෞතුකාගාරය, කොල්කතා. මථුරා කෞතුකාගාරයේ භූතේස්වර යක්ෂියෝ. | |
මාධ්‍යය | රතු වැලිගල් |
යුගය/සංස්කෘතිය | ක්‍රි.ව. 2වන සියවස |
සොයාගනු ලැබූයේ | 27°36′00″N 77°39′00″E |
ස්ථානය | මථුරා, ඉන්දියාව. |
වර්තමාන පිහිටුම | ඉන්දියානු කෞතුකාගාරය, කොල්කතා, ඉන්දියාව. එමෙන්ම මථුරා කෞතුකාගාරය, මථුරා |
භූතේස්වර යක්ෂීන් නැතහොත් භූතේසර් යක්ෂීන් ලෙස හඳුන්වන්නේ ක්‍රි.ව. 2වන සියවසේ කුෂාණ අධිරාජ්‍ය යුගයට අයත් යැයි සැලකෙන ගල් වැටක වූ යක්ෂි කැටයම් මාලාවකි.[1] මෙම කැටයම් හමුවූයේ මථුරා අසල භූතේසර් ගොඩැල්ලෙහි පැරණි ස්තූපයක නටබුන් අතරිනි. වර්තමානයේ මෙම කැටයම් කොල්කතාවේ ඉන්දියානු කෞතුකාගාරයේ තබා ඇත.[2] මෙම කැටයම් මථුරා කලාවේ වැදගත් නිදසුනක් ලෙස සැලකේ. මෙම සමූහයටම අයත් තවත් කළුණු තුනක් සහ කොටසක් (කුළුණක අර්ධයක්) මථුරා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
යක්ෂියන් සිටගෙන සිටින්නේ ගුලිවී සිටින වාමන රූ මත ය.[3] සෑම යක්ෂියකගේම හිසට ඉහළින් පෙම් යුවලවල් දැකගත හැක. ඉන් එකක සිය වජ්‍ර යෂ්ටිය අතින් දරා සිටින හෙරක්ලිස්/ වජ්‍රපාණීගේ රුව දැකගත හැක.
මෙම යක්ෂීන් සමූහය ඒවායේ ඇති සියුම් ස්වභාවය, දෘඪභාවයෙන් තොර වීම, ස්ථූල ස්වභාවය, සහ ඔවුන්ගේ සිනහමුසු දඟකාරී ස්වභාවය නිසා පැසසුමට පත්ව ඇත.[2]
මෙම යක්ෂියෝ විවිධ ඉරියව්වලින් යුතු වෙති. ඉන් එක් අයකු කුරුලු කූඩුවක් අතින් දරා සිටියි. තවත් යක්ෂියක කැඩපතකින් තමන් දෙස බලමින් සිය කර්ණාභරණය සකසයි. තවත් තැනැත්තියක් ඉහළින් වූ පෙම් යුවලට මධුපැන් සපයමින් මිදි පොකුරක් දරා සිටියි.
කුළුණුවල පසුපස බෞද්ධ කැටයම් | |
කුළුණක පසුපස ඇති බෞද්ධ කැටයම් (ඉන්දියානු කෞතුකාගාරය, කොල්කතා). |
|