භෝපාල් හි නවාබ් | |
---|---|
නිර්මිත දිනය | 1707 |
පළමුව දැරූයේ | දෝස්ත් මොහම්මද් ඛාන් (1707–1728) |
අවසානයට දැරූයේ | හමීදුල්ලා ඛාන් (1926–1949) |
තත්ත්වය | පදවිය අහෝසි කිරීම |
නෂ්ට වූ දිනය | 1949 ජූනි 1 |
භෝපාල් හි නවාබ්වරු වත්මන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි කොටසක් වන භෝපාල් හි මුස්ලිම් පාලකයෝ වූහ මෙම නවාබ්වරුන් මුලින්ම 1707 සිය 1737 දක්වා මූඝල් අධිරාජ්‍යය යටතේ පාලනය මෙහෙයවා ඇති අතර, 1737 සිට 1818 තෙක් මරාඨ අධිරාජ්‍යය යටතේ ද, 1818 සිට 1947 තෙක් බ්‍රිතාන්‍ය පාලනය යටතේ ද, ඉන් අනතුරුව 1949 දී ඉන්දියාව එක්සත් කරන තෙක් ස්වාධීනව ද ඔවුහු සිය පාලනය ගෙනගියහ.[1][2] භෝපාල් හි නවාබ්වරියන් විසින් භෝපාල් හි නාආබ් බෙගම් යන පදවි නාමය භාවිතා කොට ඇත.[3]