මංගල සමරවීර | |
---|---|
மங்கள சமரவீர Mangala Samaraweera | |
ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය | |
In office 22 මැයි 2017 – 17 නොවැම්බර් 2019 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | රවී කරුණානායක |
අනුප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
ජනමාධ්‍ය අමාත්‍ය | |
In office 22 මැයි 2017 – 17 නොවැම්බර් 2019 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | ගයන්ත කරුණාතිලක |
විදේශ කටයුතු අමාත්‍ය | |
In office 12 ජනවාරි 2015 – 22 මැයි 2017 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | ජී.එල්. පීරිස් |
අනුප්‍රාප්තිකයා | රවී කරුණානායක |
In office 23 නොවැම්බර් 2005 – 28 ජනවාරි 2007 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
පූර්වප්‍රාප්තිකයා | අනුර බණ්ඩාරනායක |
අනුප්‍රාප්තිකයා | රෝහිත බෝගොල්ලාගම |
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 9 මාර්තු 1989 – 3 මාර්තු 2020 | |
Personal details | |
උපත | 21 අප්‍රේල් 1956 මාතර, දකුණු පළාත,ශ්‍රී ලංකාව |
විපත | 24 August 2021 කොළඹ,බස්නාහිර පළාත,ශ්‍රී ලංකාව | (වයස 65)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1983–2007) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (මහජන කොටස) (2007–2010) එක්සත් ජාතික පක්ෂය (2010–2020) සමගි ජන බලවේගය (2020–2021) |
දෙමාපිය(s) | මහානාම සමරවීර (පියා) ඛේමා පද්මාවතී සමරවීර (මව) |
රැකියාව | දේශපාලනඥයා |
මංගල පින්සිරි සමරවීර (ඉංග්‍රීසි:Mangala Pinsiri Samaraweera; pronounced [mæŋˈgɑːlɑː]; උපත 1956 අප්‍රේල් 21) මහතා ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි.ඔහු 2005 සිට 2007 දක්වා මෙන්ම 2015 ජනවාරි 12 සිට මේ දක්වාද විදේශ කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඔහු නව දේශපාලන පක්ෂයක් ලෙස 2010 දී එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව නව පක්ෂයක් පිහිටුවන ලදී. 2007 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඇමති ලෙස තනතුරෙන් ඉවත් කරන විට ඔහු ශ්‍රී ලංකා දේශපාලනයේ තරමක කැළඹීමක් නිර්මාණය කළේය.
සමරවීර මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේගේ රජයේ පළාත් පාලන, නිවාස, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ලෙස සිටි මහානාම සමරවීර හා මාතර නගර සභාවේ සාමාජිකයකු වූ කේමා සමරවීරගේත් පුත්‍රයාය. ඔහු ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා පාසලේ ඇඳුම් පැළඳුම් නිර්මාණය හා තාක්ෂණ පිලිබද උපාධිධාරියකු වෙනවා. ඔහු තම දේශපාලන ජීවිතය අැරඹිමට පෙර ශ්‍රී ලංකා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර නිර්මාණ උපදේශකයා ලෙස කටයුතු කළේය. ඔහු තවමත් අවිවාහකයෙකි.
ඔහු 1983 වසරේ මාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දරා තිබෙනවා. ඔහු 1989 දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඇතුල්වී තිබෙන අතර 1994 දී ජනාධිපතිනි චන්ද්‍රීකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කැබිනට් මන්ඩලයේ, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ලෙස පත් කරන ලදී.