මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "මයික්‍රෝ කාර්" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2009 ජනවාරි) |
වර්ගය | Public |
---|---|
ස්ථාපිතය | 1995 |
මූලස්ථානය | පෑලියගොඩ, ශ්‍රී ලංකාව |
ප්‍රධාන පුද්ගලයන් | ආචාර්‍ර්ය ලෝරන්ස් පෙරේරා, නිර්මාතෘ C.P.ගුහාශංක, අධ්‍යක්ෂක මණ්ඩල සාමජික සබ්‍රි වහිඩ්, අධ්‍යක්ෂක මණ්ඩල සාමජික රෝයි ද සිල්වා, අධ්‍යක්ෂක මණ්ඩල සාමජික. |
කර්‍මාන්තය | මෝටර් රථ කර්‍මාන්තය |
නිෂ්පාදිතයන් | මයික්‍රෝ ප්‍රිවිලෙජ් මයික්‍රෝ MPV ජූනියර් III මයික්‍රෝ ට්‍රෙන්ඩ් මයික්‍රෝ MX7 මයික්‍රෝ රෙක්ස්ටන් II මයික්‍රෝ කයිරොන් මයික්‍රෝ ඇක්ටියොන් මයික්‍රෝ ඇක්ටියොන් ස්පොර්ට් මයික්‍රෝ ඩබල්-ඩෙකර් මයික්‍රෝ ප්‍රයිම්ඕවර් මයික්‍රෝ ඇග්‍රි |
වෙබ්අඩවිය | www.microcars.lk |
වර්ෂ 1995 ආරම්භ කරන ලද මයික්‍රෝ කාර් සමාගම පෑලියගොඩ නගරයේ,ශ්‍රී ලංකාව,පිහිටා ඇත. මෙම සමාගම, මෝටර් රථ ඉංජිනේරු ආචාර්‍ර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් ආරම්භ කරන ලද්දකි. මයික්‍රෝ කාර් සමාගමේ පලමු හඳුන්වාදීම වුයේ මයික්‍රෝ ප්‍රිවිලෙජ් රථයයි. එය 1000cc ගැසොලින් එන්ජිමක් හා සිලින්ඩර 4කින් යුක්ත විය. ඉන් පසුව ඔවුන් විසින් නව මාදිලි 2ක් හඳුන්වා දෙන ලදී. (මයික්‍රෝ MPV ජූනියර් වෑන් රථය හා මයික්‍රෝ ට්‍රෙන්ඩ් hatchback), ඒවා මුල් රථයට වඩා පහසුකම් වලින් යුක්ත විය.
60% දේශීය අමුද්‍රව්ය්‍ය භාවිතා කොට, ශ්‍රී ලංකාවේ පලමු මෝටර් රථය ලෙස නිර්මාණය කොට නිපදවන ලද්දේ මයික්‍රෝ මොටර් රථයයි. 1999 දී එහි මූලාකෘතිය නිපදවන ලද අතර එහි මංගල පරීක්ෂන ධාවනය එම වසරේ දෙසැම්බරයේදී සිදු කරන ලදී. එහි බඳ කොටස් හැඩකාර අයුරින් කෘත්‍රීම මැට්ටෙන් මොඩලයක් ලෙස තනා එහි සංයුක්තය අවසන් තත්ව පරීක්ෂාවට වසර 2000 ජුනි මසදී ලක් කරන ලදී.
මයික්‍රෝ සමාගමේ පලමු මොටර් රථය, ඉතා දීර්ඝ ක්‍රියාවලියකින් අනතුරුව 2003 දී ශ්‍රී ලංකා මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ නිළ වශයෙන් ලියාපදිංචි කරන ලදී.
දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද පලමු මොටර් රථය වන්නේ මයික්‍රෝ ප්‍රිවිලෙජ් රථයයි. මෙම රථය සැලසුම් කිරීමේ ප්‍රධාන අරමුණු ලෙස ශ්‍රී ලංකාවේ බහුතරයකට මිලදී ගත හැකි, ආරක්ෂාකාරී, ලාභදායී හා පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක් සැලසීම යන කාරණා දැක්විය හැක.
මෙම රථය 1000cc සිලින්ඩර 4 කින් යුතු EFI ගැසොලින් එන්ජිමකින් බලගැන්වී ඇත. එය ස්යංක්‍රීය නොවන ගියර් 5ක ගියර් පද්ධතියකින් යුතුවේ. ඒ හැරුනු විට අනෙකුත් සාමාන්‍ය මොටර් රථයක් සතු පහසුකම් වලින් යුක්ත වේ. ඒවා නම්...
මයික්‍රෝ ට්‍රෙන්ඩ් රථය ඉතා හුරුබුහුටි නගරයට ගැලපෙන්නා වූ මෝටර් රථයකි. එය ඉතාලියේ පිනින්ෆරිනා හා හෙෆෙයි මොටර් රථ සමාගම විසිනි. 2003 ජනවාරියේදී මෙම රථය හඳුන්වාදුන් අතර අප්‍රේල් හිදී විකිනුම් ආරම්ඹ කරන ලදී.
මයික්‍රෝ සමාගමේ SUV වර්ගයේ නිපැයුමකි. ලීටර් 2.0 ධාරිතාවෙන් යුත් ඉන්ටර් කූලර් ටර්බෝ ඩීසල් එන්ජිම(3rd Generation VGT A200XVT) අශ්ව බල 141 හා මිනිත්තුවට වට 4000ක බලයක් උත්පාදනය කරයි. ගියර් 6කින් යුතු ස්වයංක්‍රීය / ටිප්-ට්‍රොනික් ගියර් පද්ධතිය හෝ ස්වයංක්‍රීය නොවන ගියර් 5කින් යුතු ගියර් පද්ධතියකින් සමන්විත වේ. 4 වීල් රථයක් වන මෙය ධාවනය වන අතරතුර 2 වීල් තත්වට පත් කිරීමට හැකියව ඇත.
පික් අප් වර්ගයේ රථයකි. මයික්‍රෝ ඇක්ටියොන් රථයේ සැලසුමට නිපදවන ලද ඩබල් කැබ් රියකි.
සුඛෝපභෝගී බස් රථයකි. මයික්‍රෝ කාර් සමාගමේඅප්‍රධාන අරමුණ වනුයේ මගීන්ගේ සුව පහසුව සැලසීමයි. මීට අමතරව..
මගීන් 102 සඳහා ආසන පහසුකම් ද, 26 සඳහා හිටගෙන යාමටද හැකි තරම් ප්‍රමානවත් ඉඩ පහසුකම් සහිතය. එන්ජිම හා බඳේ කොටස් ආනයනය කර ඇති අතර අනෙකුත් සියලුම කොටස් දේශීය වශයෙන් නිෂ්පාදනය කර ඇත.
දකුනු කොරියානු සැන්ග්යොන්ග් මෝටර් රථ සමාගම සමග එක්ව කල මයික්‍රෝ සමාගමේ තවත් SUV වර්ගයේ නිපැයුමකි. සැන්ග්යොන්ග් රෙක්ස්ටන් රථයේම මාදිලියක් වන නමුත් අභ්‍යන්තරය දේශීය වශයෙන් වෙනස්කම් වලට ලක් කර ඇත. ගියර් පද්ධතිය ටිප්-ට්‍රොනික් වන අතර බෙන්ස් රථයේ ලීටර 2.7 ඩීසල් එන්ජිමකින් බල ගැන්වී ඇත.
මයික්‍රෝ සමාගම ආරම්භයේම නිෂ්පාදනය කරන ලද, සමාගම සතු ප්‍රථම mini වර්ගයේ වෑන් රථයයි.
වර්ථමානයේදී මයික්‍රෝ සමාගම, කොරියාවේ සැන්ග්යොන්ග් මෝටර් රථ සමග එක්ව ශ්‍රී ලංකාව තුල SUV Sport utility vehicle රථ එකලස් කිරීමේ කටයුතු සිදුකරමින් පවතී. මර්සිඩිස් බෙන්ස් රථ එන්ජිම මගින් බලගැන්වෙන මෙම රථ මාදිලි වන්නේ..