මහගම සේකර මහතා | |
---|---|
උපත | සේකර අප්‍රේල් 7, 1929 |
මියගිය දිනය | January 14, 1976 | (වයස 46)
ජාතිකත්වය | ![]() |
රැකියාව | රජයේ ලලිත කලා ආයතනයේ විදුහල්පති |
ප්‍රසිද්ධව ඇත්තේ | ගීත රචක, නවකතා, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහචිත‍්‍රපට අධ්‍යක්ෂක |
දෙමව්පියන්(s) | මහගමගේ ජෝන් සිංඤෝ, රණවක ආරච්චිගේ රොස්ලින් |
මහගමගේ සේකර - මහගම සේකර (1929 අප්‍රියෙල් මස 7 – 1976 ජනවාරි මස 14) ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවෙකු, කෙටි කතා කරුවෙකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතළ විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය.
මහගම සේකර 1929 අප්‍රේල් මස 7වන දින ගම්පහ, රදාවානේ දී උපත ලබන ලදී.ඔහු ඉගෙනුම ලැබුවේ රදාවාන රජයේ පිරිමි පාසලේය.ඔහුගේ බොහෝ නිර්මාණ සඳහා තම කුඩා කාලය තුළ ලැබූ අත්දැකීම් වස්තු විෂය කරගනු ලැබීය. උදා: තුංමංහන්දිය නවකතාව
මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ විග‍්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදා දැක්විය හැකි ය. ඒ
ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ "ද වයිට් කම්පනි" නම් කෘතියේ අනුවාදයකි