මහාභාරත් | |
---|---|
![]() | |
ප්‍රභේදය | මිත්‍යාමය රූපවාහිනී නාට්‍ය |
තැනුවේ | සිද්ධාර්ත් කුමාර් තේවාරි |
මත පදනම්ව | මහාභාරත |
රචනය කලේ | ෂර්මින් ජෝසෆ් රාධිකා ආනන්ද් ආනන්ද් වර්ධන් මිහිර් භූතා සිද්ධාර්ත් කුමාර් තේවාරි |
අධ්‍යක්ෂණය කලේ | සිද්ධාර්ත් ආනන්ද් කුමාර් අමර්ප්‍රීත් ජී. එස්. චාව්ඩා කමල් මොංගා ලෝක්නාත් පාණ්ඩේ |
රඟපෑම | (සම්පූර්ණ රංගන ශිල්පී ලැයිස්තුව සඳහා පහළ බලන්න) |
ඇරඹුම් තේමාව | හේ කථා සංග්‍රාම කි |
අවසන් තේමාව | මහාභාරත් |
Composer(s) | අජේ-අතුල් ඉස්මයිල් දර්බාර් |
සම්භව රට | ඉන්දියාල් |
භාෂාව(න්) | හින්දි |
කථාංග ගණන | 267[1] |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | සිද්ධාර්ත් කුමාර් තේවාරි ගයාත්‍රි ගිල් තේවාරි රාහුල් කුමාර් තේවාරි |
සංස්කාරක(යන්) | පරේෂ් ෂා |
ස්ථානය(න්) | උමාර්ගෝඅන් |
ධාවන කාලය | මිනිත්තු 20[2] |
නිෂ්පාදන සමාගම | ස්වස්තික් පික්චර්ස් |
බෙදාහරින්නා | ස්ටාර් ඉන්ඩියා |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
රූප ආකෘතිය | 576i (SDTV) 1080i (HDTV) |
මුල් ධාවනය | 16 සැප්තැම්බර් 2013 | – 16 අගෝස්තු 2014
බාහිර සබැඳි | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
මහාභාරත් යනුවෙන් හැඳින්වෙන්නේ ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය වූ ඉන්දියානු හින්දි-භාෂා මිත්‍යාමය රූපවාහිනී මාලා නාට්‍යයකි. සංස්කෘත වීර කාව්‍යයක් වන මහාභාරතය ඇසුරෙන් නිර්මිත මෙය එම නාමයම සහිත 1988 රූපවාහිනී කතාමාලාවේ ප්‍රතිනිර්මාණයක් ලෙස සැලකේ.[3][4][5][6][7] මෙය විකාශය වූයේ ස්ටාර් ප්ලස් නාළිකාවේ 2013 සැප්තැම්බර් 16 සිට 2014 අගෝස්තු 16 දින දක්වා ය.[8]
මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ ස්වස්ති පොඩක්ෂන්ස් සීමාසහිත පෞද්ගලික සමාගම විසිනි. මෙහි ප්‍රධාන නළු නිළියන් සැලකූ විට සෞරාභ් රාජ් ජායින් විසින් ශ්‍රී ක්‍රිෂ්ණාගේ චරිතයත්, ෂාහීර් ෂෙයික් විසින් අර්ජුනගේ චරිතයත්, පූජා ෂර්මා විසින් ද්‍රෞපදී ලෙසත්, අහම් ෂර්මා කර්ණා ලෙසත්, ආරව් චෞධරි භීෂ්ම ලෙසත් සහ අර්පිත් රන්කා විසින් දුර්යෝධනගේ චරිතයත් නිරූපණය කරනු ලබයි.
මහාභාරත් මගින් හස්තිනාපුරයේ සිහසුන පිළිබඳ කථාපුවතක් නිරූපණය වේ. කුරු වංශිකයින් විසින් පාලනය කළ මෙම රාජධානියේ රාජ්‍යත්වය සඳහා කෞරව සහ පාණ්ඩව සොහොයුරන් අතර අරගලයක් ඇති වේ. දුර්යෝධන් සහ යුධිෂ්ඨීර් යන දෙදෙනාම සිහසුනට පළමු උරුමකරුවන් ලෙස සමසමව අයිතිවාසිකම් දක්වති. වැඩිමහල්ම පාණ්ඩවයා වන යුධිෂ්ඨිර් දුර්යෝධන්ට වඩා වයසින් වැඩි ය.
දුර්වාස ඍෂිවරයා විසින් කුන්ති හට වරයක් ලබා දෙයි. මෙම වරය අනුව ඇයට ඕනෑම දේවතාවකු වෙනුවෙන් යැදීමෙන් එම දේවාතාවාට දාව දරුවකු ලබාගත හැකි ය. කුතුහලයෙන් යුතුව මෙම වරය අත්හදා බැලීමට සිතන කුන්ති සූර්ය දෙවියන් වෙනුවෙන් යාඥා කරමින් මන්ත්‍රය පවසයි. එවිට ඇයට කර්ණා නම් පුත්‍රයකු හිමි වේ. මේ වනවිටත් අවිවාහක තරුණියක වූ හෙයින් කුන්ති, එම දරුවාව ගංගා නදියේ පා කර හරින්නේ දැඩි සිතකින් යුතුව ය. එසේ සිදුකරන්නේ විවාහයට පෙර දරුවකු සිටීමෙන් ඇයට සිදුවන නින්දාව වළක්වා ගැනීමට ය. පණ්ඩු සමග විවාහ වීමෙන් පසු, කුන්ති සෙසු දෙවිවරුන්ට යාඥා කොට ඔවුන්ගෙන් යුධිෂ්ඨීර්, භීම, අර්ජුන්, නකුල් සහ සහදේව් යන පුතුන් ලබාගත්තා ය. කුරුක්ෂේත්‍ර යුද්ධයේ අවසානය වනතෙක්ම කිසිදු පාණ්ඩවයකු හෝ කර්ණ හෝ කර්ණගේ සැබෑ අනන්‍යතාව දැනසිටියේ නැත. සිය දිවිය පුරාම අවාසනාව වෙනුවෙන් කර්ණ සටන් වැදුණු අතර, ඔහුව යුධ රිය ධාවකයකුගේ පුත්‍රයකු ලෙස සලකා අපහාස කිරීම සිදු විය. (ගංගා නදියේ පාවෙමින් සිටි කර්ණ බිළිඳාව තමන්ගේම දරුවකු ලෙස හදාවඩාගන්නා ලද්දේ ආදිරථ නැමැති රිය ධාවකයා සහ ඔහුගේ භාර්යාව වූ රාධා විසිනි) කර්ණහට උපකාර කළ එකම පුද්ගලයා නම්, පාණ්ඩවයන්ගේ පරම සතුරා වූ දුර්යෝධන් ය. පාණ්ඩවයින් පවා ඔහු දක්ෂ දුනුවායකු නමුත් පහත් ජන්මය සලකා පරිභව කොට තිබේ. මේ නිසා කර්ණ සිය දිවිය ඇති තෙක් දුර්යෝධන්ව ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙයි. ඔහු කුරුක්ෂේත්‍ර යුද්ධයේ දී පාණ්ඩවයන්ට එරෙහිව සටන් වැදුණේ ය.
භීෂ්ම සිය අන්ධ බෑණනුවන් වූ ධ්‍රැතරාෂ්ට්‍රහට විවාහ කරදීම වෙනුවෙන් ගන්ධාරි කුමරියගේ අතපැතී ය. මේ අවස්ථාවේ ඇගේ සොහොයුරා වූ ශකුණි කෝපයට පත් විය. නමුත්, පසුව ඔහු එයට එකඟත්වය පලකළේ ධ්‍රැතරාෂ්ට්‍ර හට අනාගතයේ හස්තිනාපුරයේ රාජ්‍යත්වය හිමිවන බවට භීෂ්ම පැවසූ හෙයිනි. අභිෂේක මංගල්‍යයේ දී, ධ්‍රැතරාෂ්ට්‍රගේ බාල සොහොයුරු පණ්ඩු රජු ලෙස පත්වන්නේ විදුරගේ (ධ්‍රැතරාෂ්ට්‍රගේ තවත් බාල සොහොයුරෙකි) දැඩි මැදිහත් වීම නිසායි.
තමන් රැවටුණු බව ශකුණිහට හැඟී ගියේ ය. මේ නිසා ඔහු තමන් කුරු වංශය විනාශ කරන බවට දිවුරාගත්තේ ය. ඔහු නව යොවුන් වියේ පසුවූ ඛෞරවයන් (ධ්‍රැතරාෂ්ට්‍රගේ පුතුන්) සහ පාණ්ඩවයින් (පණ්ඩුගේ පුත්‍රයින්) අතර කුඩා කලසිටම ද්වේශයේ බීජ වපුරන්නට වූයේ දුර්යෝධන්ගේ මනසට විෂ පොවමිනි. මෙලෙසින් ඔහු වැඩිමහල්ම කෞරවයා පාණ්ඩවයන්ට එරෙහිව විරසක කළේ ය.
කුරුක්ෂේත්‍ර යුද්ධයේ ප්‍රතිඵල වශයෙන් ශ්‍රී ක්‍රිෂ්ණා සිය පාණ්ඩව මස්සිනා වූ අර්ජුනහට භගවද් ගීතාව බෙදා දෙන ලදී. මෙම සටනේ දී භීෂ්ම, කර්ණ ඇතුළු බොහෝදෙනකු මරණයට පත් විය. ධ්‍රැතරාෂ්ට්‍ර සහ ගන්ධාරිගේ සියලුම පුතුන් මියගියේ ය.
ස්ටාර් ආයතනය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 100ක (ඇ.ඩො. මිලියන 15) මුදලක් සහ මෙහි අලෙවිකරණය සඳහා තවත් ඉන්දියානු රුපියල් කෝටි 20ක (ඇ.ඩො. මිලියන 3.1) මුදලක් වැය කළේ මෙය ඉන්දියාවේ වියදම් අධිකම රූපවාහිනී කතාමාලාව බවට පත්කරමිනි.[9]
නිෂ්පාදක සිද්ධාර්ත් තිවාරි අනුව තිවාරි විසින් අධ්‍යක්ෂනය කළ ද්‍රෞපදී චීර් හරන් (සළු ඉවත් කිරීමේ) දර්ශනය[10] රූගත කිරීමට දින විස්සක් ගත විය.[11]
Rediff වෙනුවෙන් නිෂි තිවාරි රචනා කොට ඇත්තේ, "මෙමගින් රචකයාගේ ගුණාත්මකභාවය නිරූපණය වන අතර, ප්‍රවීණ රංගන ශිල්පීන් විසින් ප්‍රධාන චරිත නිරූපණය කිරීමත් නිසා අප අතර තවත් ජයග්‍රාහකයකු වේ".[12] DNA විසින් මෙහි වස්ත්‍ර, දර්ශන සහ රාජ් මෝහන් සිංහා විසින් ලබාදුන් ක්‍රිෂ්ණාගේ බටනලා තේමාව අගය කොට ඇත.[13] එසේම CGI විශේෂ ප්‍රයෝග බොහෝමයක් අගය කොට ඇතිමුත්, කථාවේ වේගය වැඩි බව පවසා තිබේ.[14]
Iමෙහි ආරම්භක දර්ශනය ජනයා මිලියන 8.4ක පමණ පිරිසක් විසින් නරඹා තිබේ.[15] මෙම කතාමාලාව ඉන්දියාවේ පසුගිය වර්ෂ තුන තුළ ඉහළ ප්‍රතිචාර ලත් සතියේ මිත්‍යාමය වැඩසටහන බවට පත් විය.[16]
2013 දෙසැම්බර් 1 සතියේ මෙය ලද ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණය 9,801 TVTs වේ. දාදු කැට ක්‍රීඩාව සහ ද්‍රෞපදීගේ සළු හරණය විකාශය වූ කථාංග මහාභාරත්ව උච්චතම ප්‍රේක්ෂක ප්‍රතිශතය හිමි කරගත්තේ ය. (10TVTs.4 TVM)[17]
2013 ස්ටාර් ගිල්ඩ් සම්මාන උළෙලේ දී හොඳම නාට්‍යයට හිමි සන්නාමය ඇතුළු සම්මාන ගණනාවක් මෙයට හිමි විය.[18] 2014 ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙලේ දී සහාය චරිතයක හොඳම නළුවා (නාට්‍ය) සම්මානය මෙහි කර්ණාගේ චරිතය නිරූපණය කළ අහම් ෂර්මාට හිමි විය. එසේම ඍණාත්මක චරිතයක නළුවා සම්මානය ප්‍රණීත් භාට් හට හිමි විය. මීට අමතරව මෙහි නිර්මාණ කණ්ඩායම රූපවාහිනී වැඩසටහනක් සඳහා හොඳම වස්ත්‍ර, හොඳම රංග රචනා ශිල්පී සහ හොඳම මෝස්තර නිර්මාණ ශිල්පී යන සම්මාන ද හිමිකරගත්තේ ය.[19]
මෙම කතාමාලාව බෙංගාලි, මරාථි, ඕරියා, මලයාලම් , දෙමළ සහ තෙලිඟු ඇතුළු භාෂා ගණනාවකින් හඬකැවිණි.[20]
ඉන්දුනීසියාව තුළ ඉන්දුනීසියානු බසින් හඬකවන ලද මෙම නාට්‍යය 2014 මාර්තු මාසයේ සිට antv නාළිකාවෙන් විකාශය විය. මහාභාරත්හි රංගන ශිල්පීන්හට ජකර්තා සහ බාලි යන ප්‍රදේශවල රසික හමුවක් පැවැත්වීමට ද ආරාධනා කෙරිණි. 2014දී ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කළේ මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් ඉන්දුනීසියාව වෙත පැමිණීමටආරාධනා කිරීමට තරම් සුවිසල් රසික අනුගමනයක් පැවති බවයි.[21] මහාභාරත්හි ප්‍රධාන රංගන ශිල්පීන් 2014 වර්ෂයේ දී "Mahabharat Show: Fan Meeting Tour" නම් ප්‍රසංගයක් ද පවත්වා ඇත.[22][23][24][25][26][27][28]
2015 දෙසැම්බර් 6 සිට ඉංග්‍රීසි උපසිරැසි සමග මෙහි මුල් සංස්කරණය මොරිෂස්හි MBC Digital 4 නාළිකාවෙන් සෑම ඉරිදා දිනකම විකාශය විය. 2014 වර්ෂයේ දී සිංහල බසින් හඬකවන ලද මෙම කතාමාලාව මහාභාරත් යන නාමයෙන්ම ශ්‍රී ලංකාවේ ස්වර්ණවාහිනී නාළිකාව මගින් සතියේ දිනවල විකාශය කරන ලදී.
තායිලන්තයේ දී තායි බසින් හඬකවන ලද මෙම මාලානාට්‍යය චැනල් 5 නාළිකාව ඔස්සේ 2016 ජනවාරි 2 සිට විකාශය වීම ඇරඹිණි.[29]
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | නාමිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2014 | ස්ටාර් ගිල්ඩ් සම්මාන | හොඳම රංගන වෘන්දය | සිද්ධාර්ත් කුමාර් තේවාරි | දිනාගති |
හොඳම මිත්‍යාමය කතාමාලාව | ස්වස්තික් පික්චර් | |||
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම දෘශ්‍ය ප්‍රයෝග | ස්වස්තික් පික්චර් | ||
හොඳම ඓතිහාසික/මිත්‍යාමය කතාමාලාව | මහාභාරත් | |||
ඉන්දියානු ටෙල්ලි සම්මාන | ||||
රූපවාහිනී වැඩසටහනක් සඳහා හොඳම වස්ත්‍ර | භානු අතයියා | |||
හොඳම අංග රචනා ශිල්පිය | ජී. ඒ. ජාමේෂ් | |||
හොඳම වෘන්දය | සිද්ධාර්ත් කුමාර් තේවාරි | |||
ඍණාත්මක චරිතයක හොඳම නළුවා | ප්‍රණීත් භාට් | |||
හොඳම ශෛලි ශිල්පි | ශ්වේතා කෝර්ඩේ | |||
සහායක චරිතයක හොඳම නළුවා | අහම් ෂර්මා | |||
ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම නායා සදස්‍යා (පිරිමි) | ෂාහීර් ෂෙයික් | ||
පෙහෙල් නායි සොච් කි | සෞරාභ් රාජ් ජායින් සහ පූජා ෂර්මා | |||
සාති නේයි සොච් කා | අහම් ෂර්මා | |||
නායේ සොච් | සෞරාභ් රාජ් ජායින් | |||
ප්‍රියතම කුටුම්බ් | මහාභාරත් | |||
2015 | ගෞරවයේ ලියවිල්ල |
{{cite web}}
: CS1 maint: numeric names: authors list (link)
{{cite news}}
: CS1 maint: bot: original URL status unknown (link)
{{cite web}}
: CS1 maint: unrecognized language (link)