මෝහිත් රයිනා | |
---|---|
![]() රයිනා 2013 දේවොන් කේ දේව් — මහාදේව්හි DVD නිකුතුවේ දී | |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිරූපණ ශිල්පියකු, නළුවකු |
සක්‍රීය වසර | 2004 – වර්තමානය |
මෝහිත් රයිනා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු රූපවාහිනියේ සහ බොලිවුඩයෙහි රංගනයෙහි නියුතු නළුවෙකි.[1][2]
රූපවාහිනී සෝප් ඔපෙරාවල රංගනයෙහි නිරත වීමට ප්‍රථම රයිනා දේවොන් කේ දේව් - මහාදේව් සහ 2013 කතාමාලාවක් වූ මහාභාරත් යන කතාමාලාවල හින්දු දෙවියකු වන ශිවගේ චරිතය නිරූපණය කොට ඇත. ඔහු චේහ්රා (2009) සහ ගංගා කී ධීජ් (2010) යන සෝප් ඔපෙරා සඳහා රංගනයෙන් දායක විය. රයිනා සිය රංගන වෘත්තිය ආරම්භ කළේ විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී වැඩසටහනක් වූ අන්තරීක්ෂ් (2006) තුළ චරිත නිරූපණය කරමිනි. පසුව ඔහු මිතුන් චක්‍රබෝර්ති විසින් ප්‍රධාන චරිත නිරූපණය සිදු කළ දොන් මුතු ස්වාමි (2008) චිතපටයට ද සිය රංගන දායකත්වය සැපයී ය. මෑතක දී ඔහු විසින් කලර්ස් ටීවී නාළිකාවේ ඓතිහාසික මාලා නාට්‍යයක් වන "චක්‍රවර්තින් අශෝක සම්රත්" කතාමාලාවේ අශෝක අධිරාජයාගේ චරිතය නිරූපණය කරන ලද.
රයිනා හැදී වැඩුණේ ජම්මුහි වන අතර, එහි දී ඔහු වාණිජ්‍යය පිළිබඳ උපාධියක් හදාරා ඇත. ඔහු මුම්බායි වෙත සංක්‍රමණය වූයේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයෙන් සිය වෘත්තිය ආරම්භ කිරීම පිණිසයි.[3][4] ඔහු විශ්වාස කළේ නිරූපණ ක්ෂේත්‍රය තුළින් රංගන වෘත්තියට පිවිසීමට ඔහුට අවස්ථාවක් ලැබෙනු ඇතැයි කියා ය. ඔහු සිය යොවුන් වියේ ස්කන්ධය වූ 107 kg (රාත්තල් 236) ස්කන්ධයෙන් 29 kg (රාත්තල් 64) ප්‍රමාණයක් අඩු කරගැනීමට සමත් විය. මෙලෙසින් ඔහුට 2005 ග්‍රාසිම් මිස්ටර් ඉන්ඩියා නිරූපණ තරගාවලියට මහභාගී විය හැකි විය. එම තරගාවලියේ අවසන් තරගකරුවන් පස් දෙනා අතරට පැමිණීමට ඔහුට හැකි විය.[5][6]
ඔහු සිය රංගන වෘත්තිය ආරම්භ කළේ 2006 වර්ෂයේ විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වූ අන්තරීක්ෂ්හි චරිත නිරූපණය කරමිනි. 2008 වර්ෂයේ දී, ඔහු ප්‍රහසන චිත්‍රපටයක් වූ දොන් මුතු ස්වාමි තුළ ජායි කිෂාන්ගේ චරිතය නිරූපණය කළේ ය. මෙය බොක්ස් ඔෆීස් අතින් සාර්ථකත්වයක් හිමි කර නොගත් හෙයින්, යළි රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිසීමට ඔහුට සිදු විය.[3][7] 2009දී ඔහු චේහ්රා රූපවාහිනී කතාමාලාවට රංගනයෙන් දායක විය. මෙම කතාමාලාව ආබාධිත යුවතියක වටා ගෙතුණු අවිනිශ්චිත කතාමාලාවකි. මෙහි දී රයිනා විසින් නිරූපණය කළේ ඇගේ සැමියා වූ ගාරව් නැමැති තරුණ ව්‍යාපාරිකයාගේ චරිතයයි.[4] මීට අමතරව ඔහු බන්දිනී කතාමාලාව සමග ද සම්බන්ධ විය. 2010 දෙසැම්බර් මස රයිනා විසින් ගංගා කී ධීජ් කතාමාලාවේ ප්‍රධාන පිරිමි චරිතය නිරූපණය කරන ලදී.
2011දී, ඔහු නිඛිල් සිංහාගේ දේවොන් කේ දේව් - මහාදේව් රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ය.[8] මෙම කතාමාලාව ප්‍රධාන වශයෙන්ම ගෙතී ඇත්තේ ශිව දෙවියන් වටා වන අතර, එමගින් සති සමග සහ පසුව පාර්වතී දේවිය සමග විවාහයෙන් තපසකුගේ සිට ගෘහමූලිකයකු ලෙස ඔහු ලද අත්දැකීම් නිරූපණය කෙරේ. මෙම චරිතය නිරූපණයට සිය දේහ ස්වභාවය වැඩි දියුණු කරගැනීම පිණිස රයිනා කටයුතු කළ අතර,[8] ඉන්දියානු සම්භාව්‍ය නර්තන ශෛලියක් වූ කථක් ද ඉගෙනීමට සිදු විය. මෙය ශිව ලෙස ඔහු නිරූපණය කළ චරිතය සමග බැඳී ඇති අංගයකි.[9] ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පැවසූයේ මෙම චරිතය රසිකයින් අතර ජන්‍රපියත්වයට පත්වූයේ ඔහුගේ "අලංකාර, චිත්තාකර්ෂණීය සිනහව සහ රංගන ප්‍රතිභාව" හේතුවෙන් බවයි.[10] වසර තුනක් පුරා විකාශය වූ මෙම කතමාලාව 2014 දෙසැම්බර් මස අවසන් වූ අතර, ඔහු මෙහි දී වෙනස් චරිත 30කට අධික සංඛ්‍යාවක් නිරූපණය කළේ ය.[11][12]
2016 මැයි 2 දින සිට කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ ඓතිහාසික මාලා නාට්‍යයක් වූ චක්‍රවර්තින් අශෝක සම්රත් තුළ රයිනා විසින් වැඩිහිටි අශෝක අධිරාජයාගේ චරිතය නිරූපණය කරන ලදී.[13]
වර්ෂය | වැඩසටහන | චරිතය | සටහන් | ආශ්‍රේ. |
---|---|---|---|---|
2006-2007 | අන්තරීක්ෂ් - ඒක් අමර් කථා | වෛක්‍රාන්ත් | රංගනයට පිවිසීම | |
2005 | භාභි | ශුභම් | ||
2009 | චේහ්රා | ගාරව් ධන්වත් රායි | ||
2010 | බන්දිනි | රිෂාභ් හිතෙන් මහීවංශි | ||
2011 | ගංගා කී ධීජ් | ආගන්තුක් | ||
2011-2014 | දේවොන් කේ දේව් – මහාදේව් | ශිව | මිත්‍යාමය වැඩසටහන | [14] |
2013-2014 | මහාභාරත් | ශිව | මිත්‍යාමය වැඩසටහන | [15] |
2016 | චක්‍රවර්තින් අශෝක සම්රත් | අශෝක | ඓතිහාසික වැඩසටහන | [16] |
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | නිර්දේශිත කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2013 | ඉන්දියානු ටෙල්ලි සම්මාන | ප්‍රධාන චරිතයක හොඳම නළුවා | දේවොන් කේ දේව් - මහාදේව් | දිනාගති[17] |
2015 | ස්ටාර් ගිල්ඩ් සම්මාන | ප්‍රධාන චරිතයක හොඳම නළුවා | දේවොන් කේ දේව් - මහාදේව් | දිනාගති[18] |
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)