Lua දෝෂය in Module:Effective_protection_level at line 16: attempt to index field 'FlaggedRevs' (a nil value).
යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ | |
---|---|
ප්‍රභේදය | ඉන්දියානු සෝප් ඔපෙරා |
තැනුවේ | ඩිරෙක්ටර්’ස් කට් ප්‍රොඩක්ෂන්ස් |
මත පදනම්ව | ප්‍රබන්ධ චරිත වටා |
රචනය කලේ | සාබා මුම්ටාස් භාව්නා ව්‍යාස් ඝසාලා නර්ගීස් මුනිෂා රාජ්පාල් |
අධ්‍යක්ෂණය කලේ | රොමේෂ් කාල්රා ජායි කාල්රා රාම් පාණ්ඩේ |
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු) | විවේක් බාහ්ල් |
රඟපෑම | බලන්න චරිත නිරූපණ ලැයිස්තුව |
ඇරඹුම් තේමාව | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ - ආල්කා යාග්නික් විසිනි |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 3323 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | විවේක් ජායින් |
නිෂ්පාදක(යෝ) | රාජන් ෂාහි |
සංස්කාරක(යන්) | සමීර් ගාන්ධි |
ස්ථානය(න්) | බැංකොක් කේප් ටවුන් හොං කොං සූරිච් |
සිනෙමාරූපණය | අර්ජුනි රාඕ |
ධාවන කාලය | මිනිත්තු 22 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
රූප ආකෘතිය | 576i (SDTV) 1080i (HDTV) |
මුල් ධාවනය | 12 ජනවාරි 2009 | – වර්තමානය
යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ (සිංහල: මෙම සබඳතාවයට කියන්නේ කුමක් ද) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු හින්දි-භාෂා රූපවාහිනී නාට්‍යයකි. 2009 ජනවාරි 12 දින ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ විකාශය ඇරඹි මෙය උදයිපූර්හි පවුලක සිදුවන සිදුවීම් වටා ගෙතී ඇත. මෙය රාජන් ෂාහිගේ ඩිරෙක්ටර්ස් කට් ප්‍රොඩක්ෂන්ස් ආයතනයේ නිෂ්පාදනයකි. මෑතක දී මෙම කතාමාලාව බාලිකා වධු කතාමාලාව අභිබවා යමින් කථාංග සංඛ්‍යාව අනුව දීර්ඝතම කාලයක් විකාශය වන හින්දි මාලා නාට්‍යය බවට පත් විය.
යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ යනු උදයිපූර්හි මාර්වාරි සංයුක්ත පවුලක දිවිගෙවන නෛතික් සහ අක්ෂරා සිංහානියා යන තරුණ යුවළගේ කථාපුවතයි. මෙම කතාමාලාව මගින් පළමුව, විවාහක යුවළක් ලෙස ඔවුන්ගේ අත්දැකීම් ද, අනතුරුව කුඩා දරුවන් සිටින දෙමාපියන් වශයෙන් ඔවුනගේ ජීවන අත්දැකීම් ද මධ්‍යයේ එකිනෙකා කෙරෙහි ආදරයෙන් යුතුව, විස්තෘත පවුලේ පරිණත සාමාජිකයන්ට ගරු කරමින් දිවි ගෙවන අයුරු නිරූපණය වේ. කතාමාලාව පුරාම, අක්ෂරා සහ නෛතික් සතුව නක්ෂ් නැමැති ළදරු පුත්‍රයකු සිටිනු දක්නට ලැබේ. නමුත් අවාසනාවන්ත ලෙස, නෙෙතික් හා අක්ෂරා රිය අනතුරකට ලක්වන අතර ඒ හේතුවෙන් නෙෙතික් කෝමා තත්වයට පත්වෙයි.
මෙවිට කතාමාලාව මගින් නක්ෂ් වැඩුණු දරුවකු ලෙස නිරූපණය කොට තිබේ. නෙෙතික් කෝමා තත්වයෙන් සුවවෙයි. ඔවුන්ගේ පවුල වටා සතුට මෙන්ම දුක ද බැඳී පවතියි. පවුලේ සාමාජිකයින් විනෝද සවාරියක නිරත වන අතර, එහි දී හදිසි අනතුරකින් නෙෙතික්ගේ මවවන ගයාත්‍රි මියයයි. ඉන් පසුව නෙෙතික්ගේ පියා දිව්‍යානි නම් කාන්තාවක් නැවත විවාහකරගන්නා අතර නෙෙතික් හා අක්ෂරාට නෙෙරා නම් දියණියක්ද ඉපදෙයි. නෙෙතික්ගේ මහප්පාවන මහේන්ද හෘදයාබාධයක් වැළඳී හදිසියේම මියයන අතර ඔහුගේ බිරිදවන කාවේරි නොහොත් භාභිමා අක්ෂරා හට බැණ වැදී ඇයව නිවසින් ඉවතට ඇද දමයි.
තවත් කාලයක් ඉදිරියට ගතවෙයි. නක්ෂ් සහ නෛරා දැන් සංවේදී වැඩුණු පුද්ගලයෝ වෙති. අක්ෂරා, නෛතික්, නක්ෂ් සහ නෛරා ජීවත් වන්නේ කේප් ටවුන් හි ය. නක්ෂ් නැවත උදයිපූර් වෙත පැමිණෙයි. ඔහු භාබිමාගේ වැරදි වැටහීම දුරු කිරීමට උත්සාහ දරයි. දින ගණනාවකින් පසු, අක්ෂරාට සමාව හිමිවන අතර යළි නිවසට පැමිණෙයි. අනතුරුව කතාමාලාව මගින් පවුලේ සතුටුදායක සිද්ධි දාමයක් නිරූපණය වේ. එතැන් සිට කථාව දිවෙන්නේ නක්ෂ් කේන්ද්‍ර කර ගනිමිනි. එමගින් නක්ෂ්, තාරා සමග ප්‍රේමයෙන් බැඳෙන අයුරුත්, පසුව එම සම්බන්ධය බිඳී යන අයුරුත් නිරූපණය වේ.
කතාමාලාව තවත් වසර කිහිපයක් ඉදිරියට දිවෙන අතර, එමගින් නව යොවුන් වියේ පසුවන නෛරා සිය නිවසින් පැනගොස් රිෂිකේෂ්හි ජීවත් වන අයුරු නිරූපණය වේ. අක්ෂරා පූජාවක් සදහා රිෂිකේෂ් වෙත යන අතර ඒහිදි නෙෙරාව සොයාගනී. නෙෙරාව සොයා ගැනීමෙන් පසුව, කතාමාලාව තුළින් නොයෙකුත් හැලහැප්පීම් මධ්‍යයේ නෛතික්ගේ සේවක කාර්තික් සමග ඔහුගේ දියණිය වන නෛරා සහ ලේලිය වන ගයාත්‍රි තුන් කොන් ආදරයට පැටලෙන අයුරු ඉන් පැහැදිළි වේ. නෛරා සහ කාර්තික් එකිනෙකා කෙරෙහි හැඟීමකින් යුත් නමුත්, එය ප්‍රේමය දැයි ඔවුන් නොදනී. කාර්තික් තමන්ට පෙම් කරන බව නොදන්නා ගයූ සතුව ඔහු කෙරෙහි ඇත්තේ ඒක පාර්ශ්වික ප්‍රේමයකි. මීට අමතරව නෛතික් සහ ඔහුගේ සුළු සොහොයුරා වන නාමන් සමග ගැටෙයි. නාමන් ඔහුව පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින්නේ දින කිහිපයකින් මුදාහරින බව පවසමිනි. ලේඛන කිහිපයකට ඔහුගේ අත්සන ලබා ගැනීමෙන් පසුව, තමන්ට විරුද්ධ නොවන ලෙස ඔහු නෛතික්ට තර්ජනය කරන්නේ නැතහොත් ඔහුගේ පවුල විනාශ කරන බව පවසමිනි. නමුත්, පසුව ඔහුව පොලිසීය විසින් සිරභාරයට ගනු ලැබෙයි. නෛතික් සහ අක්ෂරා යලි හමුවන අතර, ප්‍රීතියෙන් කාලය ගෙවති. මේ අතර ස්විට්සර්ලන්තයේ සිටින කාර්තික් නෛරාට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරයි. නමුත් නෛරා වික්ෂිප්තව සිටියි. මුලින් ඇය කාර්තික්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන අතර, කාර්තික් දැඩි කම්පනයට පත් වෙයි. කෙසේනමුත්, පසුව තමන් ඔහුට පෙම් කරන බව නෛරා වටහා ගනියි. ඇය මේ පිළිබඳ කාර්තික්ට පැවසීමට සැලසුම් කරයි. කෙසේනමුත්, ගයූ ද ඔහුට පෙම්කරන බව ඇයට දැනගන්නට ලැබෙයි. කාර්තික් සහ නෛරා එකිනෙකාට පෙම්කරන බව මිෂ්ති විසින් අක්ෂරා සහ නෛතික්ට දැනුම් දෙනු ලබයි. ගයූ සහ මිෂ්ති එක්ව කාර්තික් සහ නෛරාව එක් කරති. දිවාලි උත්සවයෙන් පසුව, නෛරා සහ කාර්තික් එකිනෙකාගේ ප්‍රේමය පාපොච්ඡාරණය කරති. සිය පවුලට වෛර කරන කාර්තික් ඔහුගේ පවුල පිළිබඳ කථා කිරීමට මැළි වේ. පසුව, ඔහුගේ සොයුරිය වන කිර්ති ඔහුගේ මාමා සහ නැන්දණිය සමග පැමිණෙයි. මේ අතර, අක්ෂරාගේ උපන් දිනය දවසේ සැමදෙනාම පූජාවක් සඳහා පිටත්ව යන අතර, මෝටර් රථ අනතුරකින් අක්ෂරා මියයයි. අනතුර සිදුවූ ස්ථානයේ බීමතින් තුවාල ලබා වැටී සිටි කාර්තික් දකින සිංහානියාවරු අනතුර සම්බන්ධයෙන් ඔහුට චෝදනා නගති. කාර්තික්ගේ පවුල කාර්තික් වෙනුවෙන් පෙනීසිටින අතර, ඔහුට සහාය දක්වයි. වැරදිකරු කාර්තික් නොවන බව්ත වෙනත් අයකු බවත් නෛරා සොයා ගනියි. කාර්තික්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන නෛරා සැබෑ වරදකරුවා අනාවරණය කරගනියි. ශෝකවන නෛතික්ව සනසන නෛරා යළි ඔහුගේ විශ්වාසය දිනාගැනීමට සමත් වෙයි. පවුල් දෙකම නෛරා සහ කාර්තික්ගේ විවාහයට අනුමතිය ලබා දේ. ඔවුහු විවාහය වෙනුවෙන් සූදානම් වෙති. නමුත් විවාහයට මඳකට පෙර, නෛරා සහ කාර්තික් මනිෂ් පිළිබඳ වාද කරන අතර, නෛරා අනතුරට ලක්ව අතුරුදන් වේ. කාර්තික් කම්පනයට පත්ව සිටියි.
අක්ෂරා සහ නෛතික්ගේ කථාවට අමතරව, ඔවුන්ගේ සොහොයුරු සොහොයුරියන්ගේ කථා ද මෙම කතාමාලාව හැඩගැස්වීමට දායක වී ඇත. මෙහි පසුගිය කථාව නිර්මාණය වී ඇත්තේ නෛතික්ගේ සොයුරියන් වන නන්දිනී දහ රෂ්මි වටායි. මීට අමතරව මෙමගින් නෛතික්ගේ අර්ධ-සොයුරුසොයුරියන් ද නිරුපිත ය. අක්ෂරා-නායික් කථාපුවතට සමගාමීව වර්ෂා-ෂෞර්යාගේ කථාව ද මෙහි ගලා යයි. වර්ෂා යනු අක්ෂරාගේ හොඳම මිතුරියයි. ෂෞර්යා යනු අක්ෂරයාගේ වැඩිමහල් සොයුරා ය. මීට අමතරව කතාමාලාව තුළින් නක්ෂ් (2015–2016), කාර්තික් (2016–), නෛරා (2016–), ගයාත්‍රි "ගයූ" දියෝරා (2016–) සහ තාරා (2015–2016) ගේ ද කථාව නිරූපණය වේ. නක්ෂ් යනු නෛතික් සහ අක්ෂරාගේ පුත්‍රයායි. ගයූ යනු නිඛිල්-රෂ්මිගේ දියණියයි. (සමීර්ගේ සුළු දියණියයි) රෂ්මි සහ සමීර්ගේ මරණින් පසු, නෛතික් සහ අක්ෂරා ග්යූව හදාවඩා ගනිති. නෛරා (නක්ෂ් සහ ගයූට වඩා ලාබාල ය) යනු නෛතික් සහ අක්ෂරාගේ දියණියයි. කාර්තික් යනු නෛතික්ගේ සේවකයෙකි. ග්යූ සහ නෛරා ඔහුට පෙම් කරන අතර, ඔහුට කිසියම් රහසක් ඇති බව පෙනේ. තාරා යනු නක්ෂ් විසින් පෙර විවාහ ගිවිසගෙන සිටි තැනැත්තියයි. ඇය ඔහුව හැර යයි.
යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ කතාමාලාවේ වෙනත් වැඩසටහන් හා සම්බන්ධ හරස්මාරු කථාංග ගණනාවක් දක්නට ලැබෙයි. 2009දී, මෙම කතාමාලාව සප්නා බාබුල් කා...බිදායි සමග සම්බන්ධ කෙරිණි. 2012දී, කතාමාලාව දියා ඕර් බාති හම් කතාමාලාව සමග හරස්මාරු කථාංගයක් සහිත විය. 2016දී, දියා ඕර් බාති හම්හි ප්‍රධාන නිළිය වන දීපිකා සිං මෙහි පෙනී සිටියා ය.
මෙම කතාමාලාව ඉන්දියානු රූපවාහිනිය තුළ වඩාත්ම සම්මාන ලත් වැඩසටහනක් වන අතර, ඉන්දියාවේ දීර්ඝතම කාලයක් විකාශය වන කතාමාලවක් ද වේ.[5]
හිනා ඛාන් 'Power of 49' වැඩසටහනට සහභාගී වූ අතර මෙහි දී සෝප් ඔපෙරා නළුනිළියෝ කාන්තාවන් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළඹවීම සිදුකළහ.[6]
ෂෝමා මුන්ෂි පැවසූයේ මෙම වැඩසටහන "සිරල සහ අතිශයින් භාවාත්මක අන්තර්ගතයකින්" සමන්විත බවයි. මෙය විශාල සංයුක්ත පවුල් සම්ප්රදායයන් පිළිබඳ ඓතිහාසික සම්ප්රදාය තුළ කාන්තා චරිත ගොඩනගා තිබීම පිළිබඳ පැසසුමට ලක් විය.[7]
මෙම කතාමාලාව උර්දු 1 නාළිකාව සහ ස්ටාර් ප්ලස් සහෝදර නාළිකාවක් වන ස්ටාර් උත්සව් තුළ විකාශය වේ. මෙම කතාමාලාව එදාමෙදා තුර පාකිස්ථානය තුළ විකාශය වූ ඉන්දියානු කතාමාලා අතර ප්රමුඛ ස්ථානයක් හිමිකරගෙන තිබේ.[8] මෙම වැඩසටහන තෙවරක් හෝ සිව්වරක් අභිබවා යාමට ජියෝ කහානි නාළිකාවෙන් විකාශය වූ කුම්කුම් භාග්‍යා කතාමාලාව සමත් වුව ද,[9] මේ වනවිටම යළි පළමු ස්ථානය හිමි කරගැනීමට මෙය සමත්ව සිටියි. මෙය පකිස්ථානය තුළ වාර්තාගත ඉහළම TRP අගයයක් වාර්තා කළ වැඩසහෙන් අතුරින් එකක් ද වේ.[10]
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2009 | ප්‍රියතම මා | සොනාලි වර්මා | දිනාගති[11] |
ප්‍රියතම දේව්රාණි | |||
ප්‍රියතම නායා සදස්‍යා (පිරිමි) | කරන් මෙහ්රා | ||
ප්‍රියතම නායා සදස්‍යා (කාන්තා) | හිනා ඛාන් | ||
ප්‍රියතම යෝග්‍ය ජෝඩි | හිනා ඛාන් – කරන් මෙහ්රා | ||
ප්‍රියතම බසර්ග් | විනීතා මලික් | ||
ප්‍රියතම සාස් | |||
ප්‍රියතම භාභි | පූජා ජෝෂි | ||
ප්‍රියතම ජේතනි | මේධා සම්බුත්කාර් | ||
SPL ගෞරව | රාජන් ෂාහි | ||
2010 | ප්‍රියතම බේටි | හිනා ඛාන් | දිනාගති[12] |
ප්‍රියතම පත්නි | |||
ප්‍රියතම මා | ලතා සභර්වාල් | ||
ප්‍රියතම පිතා | සංජීව් සෙත් | ||
ප්‍රියතම ජේතනි | මේධා සම්බුත්කාර් | ||
ප්‍රියතම පවුල | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ | ||
SPL ගෞරව | රාජන් ෂාහි | ||
2011 | ප්‍රියතම භාභි | හිනා ඛාන් | දිනාගති[13] |
වඩාත් ජේත්තුකාර සදස්‍යා (කාන්තා) | |||
ප්‍රියතම පති | කරන් මෙහ්රා | ||
ප්‍රියතම සසුර් | සංජීව් සෙත් | ||
ප්‍රියතම ජෝඩි | හිනා ඛාන් – කරන් මෙහ්රා | ||
ප්‍රියතම කතාමාලාව | රාජන් ෂාහි | ||
2012 | ප්‍රියතම බේටි | හිනා ඛාන් | දිනාගති[14] |
වඩාත් ජේත්තුකාර නිළිය | |||
ප්‍රියතම බේටා | කරන් මෙහ්රා | ||
ප්‍රියතම සසුර් | සංජීව් සෙත් | ||
ප්‍රියතම භාභි | පූජා ජෝෂි | ||
2013 | ප්‍රියතම භාභි | හිනා ඛාන් | දිනාගති[15] |
ප්‍රියතම පත්නි | |||
ප්‍රියතම පිතා | කරන් මෙහ්රා | ||
ප්‍රියතම චෝටා සදස්‍යා | ශිවංශ් කෝටියා | ||
ප්‍රියතම භාභි | පූජා ජෝෂි | ||
කථාංග 1000 සම්පූර්ණ කිරීම වෙනුවෙන් වන SPL සඳහන | රාජන් ෂාහි | ||
2014 | ප්‍රියතම මා | හිනා ඛාන් | දිනාගති[16] |
ප්‍රියතම පවුල | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ | ||
ප්‍රියතම පිතා | කරන් මෙහ්තා | ||
ප්‍රියතම චෝටා සදස්‍යා | ශිවංශ් කෝටියා | ||
2015 | ප්‍රියතම මා | හිනා ඛාන් | දිනාගති[17] |
ප්‍රියතම භාභි | පූජා ජෝෂි | ||
ප්‍රියතම පති | කරන් මෙහ්රා | ||
ප්‍රියතම නායා සදස්‍යා (පිරිමි) | රෝහන් මෙහ්රා | ||
ප්‍රියතම සසුර් | සංදීප් මෙහ්තා | ||
දීර්ඝතම විකාශය වන වැඩසටහන වෙනුවෙන් වන SPL සඳහන | රාජන් ෂාහි | ||
2016 | ප්‍රියතම චෝටා සදස්‍යා | අෂ්නූර් කොවුර් | දිනාගති |
නිව් ටැලන්ට් සම්මාන
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2009 | හොඳම නිළිය | හිනා ඛාන් | දිනාගති [18] |
වඩාත් ප්‍රාපේක්ෂ නළුවා | කරන් මෙහ්තා | ||
වඩාත් ප්‍රාපේක්ෂ නව වැඩසටහන | රාජන් ෂාහි |
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2009 | හොඳම නිළිය-නාට්‍ය (ජනප්‍රිය) | හිනා ඛාන් | දිනාගති [19] |
හොඳම නළුවා-නාට්‍ය (ජනප්‍රිය) | කරන් මෙහ්තා | ||
හොඳම මාලා-නාට්‍යය (ජනප්‍රිය) | රාජන් ෂාහි | ||
හොඳම වස්ත්‍ර | රිතු දියෝරා | ||
2010 | හොඳම නිළිය-නාට්‍ය (ජනප්‍රිය) | හිනා ඛාන් | දිනාගති [19] |
හොඳම අධ්‍යක්ෂණය | නීරාජ් බාලියාන් | ||
හොඳම මාලා-නාට්‍යය (ජූරියේ) | රාජන් ෂාහි | ||
ITA ලුළි ගෞරවය | යේ රිෂ්තා සහ බිදායි | ||
2011 | හොඳම අධ්‍යක්ෂණය' | නීරාජ් බාලියාන් | දිනාගති [19] |
GR8! වෘන්දීය චරිත නිරූපණය | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ කණ්ඩායම | ||
2012 | හොඳම නිළිය-නාට්‍ය (ජනප්‍රිය) | හිනා ඛාන් | දිනාගති [19] |
හොඳම අධ්‍යක්ෂණය | නීරාජ් බාලියාන් | ||
හොඳමාලා-නාට්‍යය (ජනප්‍රිය) | රාජන් ෂාහි | ||
2013 | හොඳම නිළිය-නාට්‍ය (ජනප්‍රිය) | හිනා ඛාන් | දිනාගති [19] |
සහාය චරිතයක හොඳම නිළිය (නාට්‍ය) | සොනාලි වර්මා | ||
හොඳම මාලා-නාට්‍යය (ජනප්‍රිය) | රාජන් ෂාහි | ||
හොඳම ළමා ශිල්පියා | ශිවංශ් කෝටියා | ||
හොඳම සංගීත නිර්මාණකරණය | නවීන් | ||
2015" | ජනප්‍රිය තේරීම නිළිය | හිනා ඛාන් | දිනාගති [19] |
ජනප්‍රිය තේරීම නළුවා | කරන් මල්හෝත්‍රා |
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2009 | හොඳම නැවුම් මුහුණ (ජනප්‍රිය) | හිනා ඛාන් | දිනාගති [20] |
වඩාත් ජනප්‍රියම චරිත නිරූපණ වෘන්දය | යේ රිෂ්තා කයා කෙහ්ලාතා හේ | ||
වඩාත් ජනප්‍රියම මාලා නාට්‍යය | රාජන් ෂාහි | ||
හොඳම වස්ත්‍ර නිර්මාණය | රිතු දියෝරා | ||
2010 | වඩාත් ජනප්‍රිය ප්‍රධාන චරිතයක නිළිය | හිනා ඛාන් | දිනාගති [20] |
සහාය චරිතයක හොඳම නළුවා - නාට්‍ය (ජූරියේ) | සංජීව් සෙත් | ||
වඩාත් ජනප්‍රිය දිනපතා කතාමාලාව | රාජන් ෂාහි | ||
වඩාත් ජනප්‍රියම චරිත නිරූපණ වෘන්දය | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ | ||
හොඳම අධ්‍යක්ෂණය | ජායි කල්රා සහ රාම් පාණ්ඩේ | ||
2012 | වඩාත් ජනප්‍රිය සන්තතික රූපවාහිනී කතාමාලාව | රාජන් ෂාහි | දිනාගති [20][21] |
හොඳම අධ්‍යක්ෂණය | ජායි කල්රා | ||
2013 | හොඳම තිරයේ යුවළ (විචාරක) | හිනා ඛාන් සහ කරන් මෙහ්රා | දිනාගති [20] |
සහාය චරිතයක හොඳම නළුවා - නාට්‍ය (විචාරක) | අභිජීත් ලාහිරි | ||
වසරේ හොඳම රූපවාහිනී වැඩසටහන | රාජන් ෂාහි | ||
සමාජ පිණිවිඩයක් සහිත වඩාත් ජනප්‍රියම වැඩසටහන | |||
වඩාත් ජනප්‍රියම සන්තතික රූපවාහිනී වැඩසටහන | |||
වඩාත් ජනප්‍රිය ළමා ශිල්පියා | ශිවංශ් කෝටියා | ||
2014 | වඩාත් ජනප්‍රියම ළමා ශිල්පියා | ශිවංශ් කෝටියා | දිනාගති [20][20][22][23] |
වඩාත් ජනප්‍රියම මාලා නාට්‍යය | රාජන් ෂාහි | ||
වඩාත් ජනප්‍රිය සන්තතික රූපවාහිනී වැඩසටහන | |||
2015 | හොඳම චරිත නිරූපණ වෘන්දය | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ | දිනාගති [20][20][24] |
සහාය චරිතයක වඩාත් ජනප්‍රියම නළුවා | රෝහන් මෙහ්රා |
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2010 | හොඳම නවක නිළිය | හිනා ඛාන් | දිනාගති [25] |
හොඳම නවක නළුවා | කරන් මෙහ්රා | ||
හොඳම රූපවාහිනී කතාමාලාව | රාජන් ෂාහි | ||
2013 | හොඳම රූපවාහිනී නිළිය | හිනා ඛාන් | දිනාගති [25] |
හොඳම රූපවාහිනී කතාමාලාව | රාජන් ෂාහි | ||
2014 | හොඳම අංග-රචනා ශිල්පියා | පාන්ධරි ජුකර් | දිනාගති [25] |
2015 | හොඳම නිළිය | හිනා ඛාන් | දිනාගති [25] |
ප්‍රියතම රූපවාහිනී වැඩසටහන | රාජන් ෂාහි | ||
2016 | රූපවාහිනියේ හොඳම නැගී එන තරුව | හිනා ඛාන් | දිනාගති [25][26] |
හොඳම රූපවාහිනී නළුවා (පිරිමි) | කරන් මෙහ්රා | ||
හොඳම රූපවාහිනී කතාමාලාව | රාජන් ෂාහි |
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2010 | හොඳම රූපවාහිනී කතාමාලාව | රාජන් ෂාහි | දිනාගති [27] |
2013 | හොඳම රූපවාහිනී කතාමාලාව | රාජන් ෂාහි | දිනාගති [27] |
2015 | හොඳම රූපවාහිනී කතාමාලාව | රාජන් ෂාහි | දිනාගති [27] |
හොඳම රූපවාහිනී ළමා නළුවා | ශිවංශ් කෝටියා | ||
2016 | සහායක චරිතයක හොඳම රූපවාහිනී නිළිය | ලතා සභර්වාල් | දිනාගති [27] |
හොඳම රූපවාහිනී නළුවා (ජනප්‍රිය) | කරන් මෙහ්රා | ||
හොඳම රූපවාහිනී කතාමාලාව (ප්‍රබන්ධ) | රාජන් ෂාහි |
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2009 | හොඳම රූපවාහිනී කථාපුවත (ප්‍රබන්ධ) | සබා මුම්ටාස් | දිනාගති [28] |
2010 | වසරේ හොඳම රූපවාහිනී වැඩසටහන | රාජන් ෂාහි | දිනාගති [28] |
2013 | හොඳම අධ්‍යක්ෂණය | ජායි ක්ලරා සහ රාම් පාණ්ඩේ | දිනාගති [28] |
2015 | හොඳම රූපවාහිනී කථාපුවත (ප්‍රබන්ධ) | සබා මුම්ටාස් | දිනාගති [28] |
වසරේ හොඳම ඉදිරියට දිවෙන වැඩසටහන | රාජන් ෂාහි | ||
හොඳම රූපවාහිනී නිළිය | හිනා ඛාන් | ||
2016 | වසරේ හොඳම ඉදිරියට දිවෙන රූපවාහිනී වැඩසටහන | රාජන් ෂාහි | දිනාගති [28] |
ගාර්ව් ඉන්දියානු රූපවාහිනී සම්මාන
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2014 | හොඳම සංගීතය | ලලිත් සේන් | දිනාගති [29] |
හොඳම දෙබස් | රේඛා මෝදි | ||
ළමා ශිල්පියා (පිරිමි) – ජූරියේ | ශිවංශ් කෝටියා | ||
සහායක තරුව (පිරිමි) - ජූරියේ | අභිජීත් ලාහිරි | ||
GITAහි SPL සැඳහුම | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ | ||
ජනප්‍රිය තේරීම නිළිය | හිනා ඛාන් | ||
ප්‍රියතම චරිත නිරූපණ වෘන්දය | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ | ||
සමාජ පණිවිඩයක් සහිත ප්‍රියතම වැඩසටහන | රාජන් ෂාහි | ||
ප්‍රියතම දීර්ඝතම කාලයක් දිවෙන රූපවාහිනී කතාමාලාව | |||
ප්‍රියතම කතාමාලාව | |||
ප්‍රියතම සහායක තරුව | සොනාලි වර්මා | ||
ප්‍රියතම ජෝඩි | හිනා ඛාන් සහ කරන් මෙහ්රා | ||
ප්‍රියතම නිළිය | හිනා ඛාන් | ||
රසවින්දන තරුව | ශ්වංශ් කෝටියා | ||
2015 | වසර 6ක් හොඳම කතාමාලාව ලෙස TRP දිනාගැනීම වෙනුවෙන් වන ගාර්ව් ලුළි ගෞරව සම්මානය | රාජන් ෂාහි | දිනාගති [29] |
හොඳම ශ්‍රව්‍ය නිර්මාණකරණ | නිරංජන් චතුර්වේදී | ||
හොඳම ටෙලිරචනය | අනිල් වී. කුමාර් | ||
හොඳම නාට්‍ය රචකයා | වෛභාවි මර්චන්ට් | ||
හොඳ ප්‍රබන්ධ අධ්‍යක්ෂක | රාම් පාණ්ඩේ සහ ජායි කාල්රා | ||
සහායක චරිතයක හොඳම නළුවා (ජූරියේ) | සංජීව් සෙත් | ||
වඩාත් ජනප්‍රිය නිළිය | හිනා ඛාන් | ||
වඩාත් ජනප්‍රිය ජෝඩි | හිනා ඛාන් සහ කරන් මෙහ්තා | ||
වඩාත් ජනප්‍රියම කතාමාලාව | රාජන් ෂාහි | ||
වඩාත් ජනප්‍රියම චරිත නිරූපණ වෘන්දය | යේ රිෂ්තා කයා කෙහ්ලාතා හේ | ||
දීර්ඝතම කතාමාලාව මනාප තේරීම | රාජන් ෂාහි | ||
ළමා නළුවා මනාප තේරීම | ශිවංශ් කෝටියා | ||
2016 | හොඳම ගීත රචනය | විවේක් නායින් | දිනාගති [29] |
හොඳම ළමා නිළිය - ජූරියේ | අෂ්නූර් කොවුර් | ||
ඍණාත්මක චරිතයත හොඳම නළුවා - ජූරියේ | ආලෝක් නාත් | ||
වසරේ තිරයේ හොඳම ජෝඩි | හිනා ඛාන් සහ කරන් මෙහ්රා | ||
වඩාත් ජනප්‍රිය නවකයා | රෝහන් මෙහ්රා | ||
වඩාත් ජනප්‍රිය සහාය තරුව | රෝහන් මෙහ්රා | ||
වඩාත් ජනප්‍රිය කතාමාලාව | රාජන් ෂාහි | ||
වඩාත් ජනප්‍රිය තවමත් දිවෙන කතාමාලාව | |||
වඩාත් වින්දනීය වෘන්දය | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ |
BIG ස්ටාර් යන්ග් එන්ටර්ටේනර්ස් සම්මාන
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2012 | සුපිරි ජනකාන්ත රූපවාහිනී නිළිය | හිනා ඛාන් | දිනාගති [30] |
බිග් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස්
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2010 | BIG ස්ටාර් වඩාත් වින්දනීය ප්‍රබන්ධ වැඩසටහන | රාජන් ෂාහි | දිනාගති [31] |
2013 | BIG ස්ටාර් වඩාත් වින්දනීය රූපවාහිනී නළුවා | ශිවංශ් කෝටියා | දිනාගති [31] |
2014 | BIG ස්ටාර් වඩාත් වින්දනීය ප්‍රබන්ධ වැඩසටහන | රාජන් ෂාහි | දිනාගති [31] |
FICCI විශිෂ්ටතා සම්මාන සහ රචනා ගෞරව සම්මාන
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2010 | හොඳම ප්‍රබන්ධ වැඩසටහන | රාජන් ෂාහි | දිනාගති [31] |
2014 | හොඳම රූපවාහිනී නිළිය | හිනා ඛාන් | දිනාගති |
හොඳම ප්‍රබන්ධ වැඩසටහන | රාජන් ෂාහි |
{{cite book}}
: |work=
ignored (help)