රාජකීය විද්‍යාලය, කොළඹ 7 | |
---|---|
ස්ථානය | |
, | |
තොරතුරු | |
වර්ගය | 1AB (ජාතික පාසල) |
ආදර්ශ පාඨය | ලතින්: Disce Aut Discede ඩිස්කේ ඖට් ඩිස්කේඩේ (උගනිවු නැත පිටවෙනු) |
ආරම්භ කලේ | 1835 |
ආදිකර්තෘ | ශ්‍රීමත් රොබර්ට් විල්මට්-හෝර්ටන් හා ජෝසප් මාර්ෂ් දේවගැතිතුමා |
School code | RCC |
විදුහල්පති | තිලක් වත්තුහේවා මහතා |
කාර්ය මණ්ඩලය | 800 |
ශ්‍රේණි | 1 සිට 13 ශ්‍රේණිය දක්වා |
බාලක/බාලිකා | බාලක |
වයස් පරාසය | 6 - 19 |
Enrollment | 9,000 |
වර්ණ(ය) | නාවික නිල් සහ රන්වන් |
Alumni | ආදි රාජකීයයන් |
පාඨය | ලතින්: Floreat ෆ්ලොරියට් (වැජඹේවා) |
වෙබ් අඩවිය | royalcollege.lk |
රාජකීය විද්‍යාලය ශ්‍රී ලංකාවේ කොළඹ කුරුඳුවත්ත (කොළඹ 07) ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ පාසලකි. මෙය එරට පැරණිතම පාසලක් වන අතර ප්‍රමුඛ පාසලකි. සිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබයි.
එක් පසෙකින් කොළඹ විශ්ව විද්‍යාලයටත්, අනෙක් පසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයයටත් මායිම්ව ශාස්ත්‍රීය කලාපයක් තුළ පිහිටා ඇත. අක්කර 50ක බිම් වපසරියක් තුළ පැතිරී ඇත.
මෙම අධ්‍යනායතනය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන අතර පරිපාලනය විදුහල්පති විසින් සිදුවේ. විදුහල්පතිවරයාගේ පරිපාලන සහය සඳහා උප විදුහල්පතිවරයෙක් දායකත්වය සපයනු ලබන අතර. පාසල මූලික වශයෙන් ප්‍රාථමික අංශය, කනිෂ්ට අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය ලෙසින් අධ්‍යයන අංශ තුනකට බෙදා ඇත. ඒ ඒ අධ්‍යයන අංශ සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් පත් කර ඇත.
හිටපු විදුහල්පති වරුන්ගේ නම් 5 කින් හැඳින් වෙන නිවාස 5 කි
මීට අමතරව නේවාසිකාගාරයේ සිසුන් ද තවත් නිවාස 4 කට බෙදී තරඟ පවත්වයි. ඒවා නම්
ඉංග්‍රීසි පාසල් ගීතය School Of Our Fathers රචනා කරන ලද්දේ රාජකීය විද්‍යාලීය විදුහල්පතිවරයෙකු වූ එච්. එල්. රීඩ් විසිනි.
1881 වර්ෂයේදී එවකට රාජකීය විදුහලේ විදුහල්පති ජේ.බී.කල් මහතා විසින් ඝණ සරඹ තුලින් ශිෂ්‍යයන්ගේ විනය නගා සිටුවීම සදහා ශිෂ්‍යහට ඛණ්ඩය ප්‍රථමයෙන් පිහිටවීය. මෙය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ශිෂ්‍ය භට ඛණ්ඩය වන අතර, එයට අනුබද්ධව ශිෂ්‍ය භට තූර්ය වාදන ඛණ්ඩය පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය 2007 වර්ෂයේදී පිහිටු වන ලදී.
ආදි කර්තෘ රෝබට් විල්මට් හෝර්ටන් (එවකට බ්‍රිතාන්‍ය ආන්ඩුකරුය) හා ජෝශප් මාශ් පියතුමා
ආරම්භක විදුහල්පති ජෝශප් මාශ් පියතුමා ය.(ක්‍රි.ව 1835 -1839)
නම | සිට | දක්වා |
---|---|---|
J.F. හැස්ලම්, BA (කැන්ටබරි) | ||
ආචාර්ය බාක්‍රොෆ්ට් බෝක්, BA (ඩබ්ලින්), DD (ඩබ්ලින්) දේවගැතිතුමා | ||
ජෝජ් ටොඩ්, BA (Oxon), ISO | ||
J.B. කල්, MA (Oxon) | ||
J.H. මාෂ් (කණිෂ්ට), MA (එඩින්බරෝ) | ||
J.H. හාවර්ඩ්, MA (Oxon) | ||
C. හාර්ට්ලි, MA (කැන්ටබරි) | ||
මේජර් H.L. Reed, MC, BA (කැන්ටබරි) | ||
L.H.W. සැම්සන්, BA (Oxon), FRGS | ||
E.L. බ්‍රැඩ්බි, MA (Oxon) | ||
J.C.A. කොරෙයා, MA (ලන්ඩන්), DipEd (කැන්ටබරි) | ||
D.K.G. ද සිල්වා, BSc (ලන්ඩන්), DipEd (ලංකා) | ||
දේශබන්ධු B.G. ප්‍රේමරත්න, BA (ලන්ඩන්), MA (NY TTC) | ||
D.G. වැලිකල, BSc (ලන්ඩන්) | ||
D.J.N. සෙනෙවිරත්න, BSc (ලන්ඩන්), MA (කොලොම්බියා), F.G.TRD, Cert(History) (ලංකා) | ||
L.D.H. පීරිස්, BSc (ලන්ඩන්), DipEd (ලංකා) | ||
C.T.M. ප්‍රනාන්දු, BA (ලන්ඩන්), CertEd (ලංකා), Cert Ed. Adm. (එඩින්බරෝ) | ||
B. සූරියාරච්චි, BA (ලංකා), DipEd | ||
S.H. කුමාරසිංහ, BA (ලංකා), DipEd | ||
H.L.B. ගෝමස්, BA (පේරාදෙණිය), DipEd, Cert Ed. Mgt. | ||
H.A.U. ගුණසේකර, BSc (පේරාදෙණිය), DipEd | ||
B.A.අබේරත්න, |