රොඩී හෙවත් ගාඩි ලෙස හැඳින්‌වෙන්‌නේ ශ්‍රී ලංකාවේ පහත් යයි සලකනු ලැබූ ජන ප්‍රජාවකි.
ඔවුන් හට 'හුලවාලි'සහ 'ගහලයා' යන නම් ද ව්‍යවහාර වෙයි.මීට අමතරව වැද්දා වැද්දී හුලවාලිවා නැට්ටුක්කාරී මධුකාරයා මධුකාරී යන ප්‍රාදේශිය විවාහාරයන්ද දක්නට ලැබේ.
ආරම්භය ජනප්‍රවාදයේ ලෙස රොඩී රැලට නායක රත්නවල්ලි යයි කියනු ලැබේ. රත්නවල්ලී ලෙසින් හඳුන්වන්‌නේ මහා පැරකුම්බා රජුන් ගේ දියණිය යයි කියනු ලැබේ.
පුරාතණයේ පටන් කොළපතකට සිඟමන් යදිමින් ජීවත් වූ රොඩිහූ, බෙර සෑදීම, කොහු ඉදල් සෑදීම වැනි දැතෙහි කර්මාත කළ හ. යන්ත්‍රමන්ත්‍ර, කොඩිවිණ, හූනියම් සඳහා දක්ෂයන් ලෙස සැලකෙන මොවුන් ආනන්ද හාමුදුරුවන්ට ද, වශි ගුරුකමක් කළ බව පැවසේ. ආනන්ද හාමුදුරුවන් පිඬුසිඟා වඩින කල්හි රොඩී ස්ත්‍රියක් විසින් දෙනු ලැබූ ජලය පානය කිරීමෙන් පසුව කරන ලද බන්ධනයකින් ආනන්ද හිමියන් වශි වූ බවත්, එය කැපීමට ජලනන්දන නැමැති පිරිත බුදුන් දේවා වදාළ බවත් ප්‍රකට ය.මේ කතාවස්තුව පසුකාලයක නිර්මාණය වූයේයයි සැලකිය හැකි පෙනෙන නමුත් එයින් රොඩීන් කෙරෙහි වූ සමකාලීන සමාජයේ වූ බිය මැනවින් මතු වී පෙනේ.ඔවුන් විසින් කරනු ලබනු යයි සැලකෙන බලවත් මන්ත්‍ර ලෙස 'නීච කුල බන්ධනය' සහ 'මහා මාතාංග' නමින් හඳුන්වනු ලැබේ.
පුරාණ රජදවසේ පටන් රොඩීන් හට අහිකුණ්ඨක ස්ථාවර නිවාස තනා ගැනීමට හෝ ගම්වැද ජීවත්වීමට හෝ අවසර තිබූණේ නැත. එහෙත් පසුකාලීන ව, ඔවුන්ට ම වෙන් වූ ගම්මාන තිබිණි. ඒවා 'ඟුබ්බෑයම්' ලෙසින් හඳුන්වනු ලැබේ.
මේ රොඩී කුලය කවදා කෙසේ ආරම්භ වුයේදැයි කිසිවෙකුට කිව නොහැකිය. ගෙරි මස් කෑම එහි මුල පිරීමට හේතු වූ බව සමහරු පවසති. තවත් අයගේ මතයක් වන්නේ අතීතයේදී නීච නින්දිත අපරාධ කළවුන් රොඩී රැහැට දැමු වගය. සර් ජෝන් ඩොයිලිගේ ග්‍රන්ථ වලින්ද ඒ බව මොනවට පැහැදිලි වේ. දුටුගැමුණු රජුගේ පුත්‍ර සාලිය කුමාරයා රොඩී කෙල්ලක සමගින් ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත් බවත් ඒ හේතුවෙන් පිය රජුගේ ඇවෑමෙන් ලැබෙන්නට තිබුණු රජකමද නැති වූ බවත් මහා වංශයේ සඳහන් වෙයි.
අතීතයේදී අනුරාධපුරයේ විසු මවක් තම බාල දියණියත් කැටුව තෙල් මල් හා සුවඳ දුම් රැගෙන අභයගිරි චෛත්‍ය වැඳ පුදා ගැනීමට ගියාය. මෑණියෝ දියණිය සෑ මළුවේ නවත්වා පැන් ටිකක් ගෙනෙනු පිණිස අසල පොකුණකට ගියාය. ඒ අතරතුර කාලයේහි මලස්න නොසෝදා අත දෝවනය නොකොට මේ දැරිය මල් මිට චෛත්‍යයට පිදු බව සද්ධර්මාලංකාරයෙ ස්වර්ණලතා කතා වස්තුවෙන් පෙනේ. මලස්න නොසෝදා අත දෝවනය නොකොට මල් පුජා කිරීම ගැන උදහස් වූ මෑණියෝ, දියණියට වගවිත්ති කියමින් බැන වැදුනාය. " තී නම් සැඩොලියක්ම තමා යි " අම්ම කී වචනයකට කෝපාවිෂ්ට වූ දියණිය " මං නොවෙයි උබයි සැඩොලිය " කියා බැන වැදීමේ පාප කර්මය හේතු කොටගෙන ඈ මිය ගොස් දබදිව සැඩොල් කුලයක උපත ලැබූ බව කියා තිබේ. නමුත් රොඩී කුලයේ උපත සෙවීමට මෙයද කරුණක් හැටියට සැලකිය නොහැක.
මේ හා බැඳුණු ජනප්‍රවාද රැසක් පවතී භාරතයේ පැවති පංචම කුල ප්‍රභේදයට අයත් චණ්ඩාල කුලයෙන් රොඩී කුලය බිහිවී ඇතිබවයි වැලිවිටියේ ශ්‍රී රෝහත හිමියන් වැනි විද්වතුන්ද මෙමම මතය බොහෝවිට සත්‍ය බව පවසයි තවත් අදහසකට අනුව මොවුන් සංඝමිත්තා තෙරණිය සමග ලංකාවට පැමිණි අහඅට කුලයට අයත්වූ කුලයක් බවයි තවත් අදහසකට අනුව ගජබා රජු ඉන්දියාවෙන් ගෙනා දුවිඩයන්ගෙන් මොවුන් පැවතෙන බවයි මොවුන් වහල් සේවයට යොදාගත් බැවින් වාලිය/වල්ලියා නම් රොඩීන් අතර භාවිත වන බවයි
අතීත සිංහල සමාජයේ පැවති දඩුවම් ක්‍රමයක් ලෙස බරපතල දඩුවම් කළ පුද්ගලයින් රොඩී කුලයට පන්නා දැමූ බව සදහන් වෙයි එසේම ඉතා දරුණු දඩබ්බර දරදඩු පුද්ගලයන් මහා සමාජයෙන් පිටමන් කොට වෙනම කුලයක් ලෙස සිටීමට සැළස්සූ බව පැවසේ එු අනුව රෞද්‍ර කුලය පසුව එොඩී කුලය ලෙස විවාහාර වූ බව පැවසේ තවත් අදහසක් වන්නේ අතීතයේ දරුණු බෝවන රෝග සෑදුන අයද මෙසේ මහා සමාජයෙන් පිටුවහල් කර වෙනම කුලයක් ලෙස වාසය කිරීමට අවස්ථාව දුන් බවයි ඔවුන් සුව උවද යලි මහා සමාජයට ඇතුලත් කර නොගත්හ
රොඩී කුලය හා බැදුනු තවත් ජනප්‍රවාදයක් රොබට් නොක්ස් විසින් රචිත එදා හෙළදිව ග්‍රන්තයේ දැක්වේ නොක්ස් පවසන පරිදි මෙම පුරාවෘත්තය මෙසේය.අතීතයේ රොඩී ජනයාගේ රාජකාරියවී තිබුනේ රජවාසළට මස් සැපයීමයි.දිනක් ඔවුන්ට මස් පිනිෂ සතකු එළවාගැනීමට නොහැකිවිය.රජුට මස් සැපයීම සිදු නොකළහොත් සිදුවන රාජ උදහසට බියෙන් මොවුන් අමුසොහොනට ගොස් මියගිය මිනිසකු මස්කර මිනීමස් රජුට ගෙනආවාය.මේ පිළිබද කිසිවක් නොදත් රජු ඉතා ගිජුලෙස මිනීමස් අනුභව කළේය.මිනි මසට රසවැටුනු රජු නැවත නැවත පෙර තමාවෙත ගෙනා සතාගේම මස් ගෙනෙන ලෙස පැවසීය.මේ අතර රජවාසළ කරණවෑමියා මෙය දැනගෙන රජුට දන්වයි.මෙයින් බලවත් සේ කෝපයට පත්වූ රජු මොවුන්ට මරණ දඩුවමදීමට වඩා බලවත් දඩුවමක් දිය යුතුය සිතා රොඩීනට කිසිදු කර්මාන්තයක් කිරීම තහනම් කළේය.දිවිපුරාම සිගමනෙන් පමණක් යැපිය යුතුය.එසේම අන් සියළු කුලයන්ට අයත් කුලහීනයැයි සම්මත අයට පවා රදළයන්ට සේ ගරුකර කතාකරයුතුය ඔවුන්ට වෙන්වූ ළිං වලින් මිස වෙනත් ළිදකින් වතුර නොබිය යුතුය සිගාකෑමට කොළපතක් පමණක් භාවිතකල යුතුය ආදී වශයෙන් තහංචි පැනවූ බව නොක්ස් සදහන් කරයි.ඔවුන් තරමක් මහා සමාජයෙන් ඈත්ව තම වාසස්තාන තනාගෙනසිටිබවත් සිංහල සමාජයේ එකළ දැඩි ලෙස පිළිකුල් කළ ගවමස් ඔවුන් අනුභව කළ බවත් ඇතැම් විට ගවයින් ඇතිකර හොරෙන් විකිණූ බවත් එසේ විකිණු ගවයන් රොඩීන් විසින් හදාගත් බව දතහොත් මිලදී නොගන්නා බවත් නොක්ස් සදහන් කරයි.
මේ ජනප්‍රවාද අතර ප්‍රමුක වැදගත් කමක් හිමිවන්නේ රොඩීන් මහා පරාක්‍රමභාහු රජුගේ දියණියවූ රත්තවල්ලී කුමරිය ගෙන් පැවත එන බවයි මේහා බැඳුණු කතා පුවතක් මෙසේය මහා පරාක්‍රමභාහු රජුගේ මිදුල අමදීම සදහා යොදවා සිටි සේවකයෙකු මිදුල අමදිමින් සිටියදී උඩුමහලේ සිටි රත්නවල්ලි කුමරිය ගැසූ කෙළපිඩක් මෙම සේවකයාගේ හිසෙහි පතිත විය එයින් කෝපයට පත් සේවකයා ඇගෙන් පළිගනිමී සිතා ඇය ලැබෙනතුරු නොනැගිටිමී කියා මාළිගා දොරකට වැතිරුනහ මෙසේ ශින කුලිකයෙකු නිරාහාරව මියගිය හොත් අවැඩක් බව දැනගත් මහරජු වහාම රත්නවල්ලිය කුමරිය දාසයාට පාවාදී පිටමන් කළහ ඔවුන්ගෙන් රොඩී කුලය පැවතෙන බව පැවසේ තවත් ජනප්‍රවාදයක සදහන් වන්නේ රත්නවල්ලී කුමරිය රජමැදුරේ මිදුල අමදින දාසයෙකුට පෙම්බැද රහසේ ඔහු හා අනියම් ඇසුරක් පැවැත් වූ අතර පවුව මෙම දාසයා නිසා කුමරිය ගැබ් ගත්තාය මෙය දැනගත් පැරකුම් රජ කෝපයට පත්ව ඇ ඇදසිටි අභරණ සියල්ල ඉවත්කර උඩුකය නිරුවත් කර ඉනට රෙදිකඩක් අන්දවා කොණ්ඩය ඉහලට කර බැද දාසයා සමග රජමැදුරෙන් පිටමන් කළ බවයි ඔවුන්ගෙන් රොඩී කුලය ආරම්භවූ බවයි
රත්නවල්ලි කුමරිය හා බැඳුනු තවත් ජනප්‍රවාදයක දැක්වෙන්නේ රත්නවල්ලී කුමරිය මිනීමස් කෑමට ඇබිබැහි වි සිටි බවයි දිනක් රජ වාසල කරණවෑමියාට පොහෝ දිනයක් නිසා මස් ලබා ගැනීමට සොහැකි විය මේ නිසා ඔහු සොහාන් පිටිය වෙත ගොස් අමුසොහොනට ගෙනැවිත් දමාගිය මළසිරුරක් දඩමස් ලෙස සකසා රජුට පිළිගැන් වීය මෙම මස් රසට වහ වැටුනු රජු නැවත නැවත මේ දඩමස්ම ගෙන එන ලෙස අණ කළහ කරණවෑමියාද අමුසොහොනට ගොස් මළසිරුරු දඩමස් ලෙස සකසා දුන්හ කෙසේ වෙතත් මෙම රහස රත්නවල්ලි කුමරිය දැනගත්හ එහෙකත් ඇය දැඩි ලෙස මීනීමස් වලට ගිජුවී සිටි බැවින් රහස රජුගෙන් වසන් කළහ පසුව රජුට මෙය සැළවිය තමා මෙතෙක් කල් නොදැන ආහාරයට ගෙන ඇත්තේ මිනීමස් මව දැනගත් රජු දැඩි සේ කිපී කරණවෑමියා ඔහුට උදවුකළ රත්නවල්ලිට ආවාහ කරදී රජමාළිගයෙන් පිටමන් කළහ ඔවුන්ට දින 07ක් නගරයේ සිගමන් යැද ඉන් පසු පිටුවහල් වන ලෙස අණ ලැබිණ කරණවෑමියාත් රත්නවල්ලි කුමරියත් දින හතක් නගරයේ සිගා කා පසුව ඔවුන්ට බෙරකරුවකුගෙන් සිඟාකෑමට අවශය කත් ලීයක් කූඩයක් එකැස් බෙරයක් තැටියක් කැත්තක් හා බල්ලෙල් ලැබිණ පසුව මොවුන් සිගමන් යදිමින් ජීවත්විය ඔවුන්ගෙන් රොඩී කුලය බිහිවූබව පැවසේ
රත්නවල්ලිය හා රොඩීන් අතර සම්භන්ධය ඔවුන් අතර පවතින පුදපූජා ශාන්තිකර්ම ආශ්‍රිත ගායනා වල ද දක්නට ලැබේ
උඩු මාහලෙන් බැසපන් රත්නවල්ලියේ
සල්‍ර පළදින්න බැසපන් රත්නවල්ලියේ
මුතු පළදින්න බැසපන් රත්නවල්ලියේ
රොඩ්ඩටදෙන්න බැසපන් රත්නවල්ල්යේ
අහස උඩු ගවන තරුරැස් වල්ලි
නළල අඩසදකි බැමතිලක වල්ලි
කරේ බන්ද රන්මුතුවැල්නො සෙල්ලි
පෙරකුඹු රජුගෙ දුව නවරත්න වල්ලි
කොතනක සිටන් එන්නෙ ඇල්ලි මෑල්ලියේ
රුහුනේ සිටන් එන්නෙ ඇල්ලි මෑල්ලියේ
දෙපයේ දාපු ගිගිරිත් සෙල්ලි සෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ
මහනුවර රජ කාලයේ ලංකාවේ රොඩී කුප්පායම් කිහිපයක් තිබුන බවත්, ඒවා පාලනය කිරීමට නිලධාරීන් යොදා සිටිය බවත් ශ්‍රීමත් ජෝන් ඩොයිලි පවසා ඇත. කුප්පායම් ගෙවල් එහි පදිංචිකාරයින්ට මනාප අන්දමට ඉදිකරගත නොහැකිය. ගෙයක ජනේල, දොර ආදිය වෙනුවට ඇත්තේ පැලලි පමණකි. මේ පැලලි කොළ අතුවලින් හෝ සමකින් සාදා ගත හැකිය. තවද රොඩීන්ට ඔරුවක නැගී ගඟක් තරණය කල නොහැක. වෙල්යායක විශේෂයෙන්ම රාජකීය වෙල්යායක නියරක් දිගේ යාම පවා ඔවුන්ට තහනම්ය.
මංකොල්ලයක් ,සොරකමක් හෝ මිනීමැරුමක් සම්බන්ධයෙන් රොඩීයකු චෝදනා ලැබූ කල්හී කුප්පායමේ හුලවාලියා ( නායකයා ) මේ කරණය සිරගෙයි කංකානමට දැන්විය යුතුය. ඉක්බිති සිරගෙයි කංකානම ඒ චුදිතයා තොටුපොලට කැඳවාගෙන එන ලෙස දිනයක් නියම කරයි. මෙසේ කිරීමට හේතුව රොඩීයකු ගඟෙන් මෙගොඩට ගෙන්වා ගැනීමට නීතියෙන් බලයක් නැතිකමය. නඩු දිනයෙහි චුදිතයා පමණක් නොව, ඔහුගේ නෑදෑයන් ද පවුල් පිටින් තොටුපොළට රොක්වන්නේ නඩුව විසඳෙන හැටි නරඹන්නටය. ඉක්බිති සිරගෙයි කංකානම ඔරුවක නැග ගඟින් මෙහා තොටුපොළේ නැවතී නඩුව විසඳන්නට පටන් ගන්නේය. චුදිතයගේ වරද ඔප්පු වූ කල්හී ඔහුට කටුසැමිටි වලින් තලන්නට නියම කරනු ලැබේ. මේ දඬුවම් දීම සඳහා වැඩිපුරම පාවිච්චි කොට ඇත්තේ ගැට සහිත එරමිනියා පොල්ලක් හෝ කැප්පෙට්ටියා පොල්ලකි. ඇතැම්විට ඒ දඬුවම් දීම සඳහා අලුගෝසුවකු වෙනින් රොඩී ගමකින් කැඳවනු ලබයි. උඩරට ප්‍රදේශයන්හි කුරහන්පිටිය , කොස්කොටේ යන දෙගම්හි විශාල රොඩී කුප්පායම් දෙකක් තිබුණු බව පැරණි පොත පතේ සඳහන් වෙයි. ඒවා පාලනය කරන ලද්දේ මහා අධිකාරම් විසිනි.
අතීතයේ සිටම මොවුන් මහාසමාජයෙන් වෙන්ව ප්‍රථමික ජන කොටසක් ලෙස වාසය කර ඇත මොවුනගේ ප්‍රධාන ආර්ථික කටයුත්ත වූයේ සිඟා කෑමයිමීට අමතරව රජුගේ භාණ්ඩාගාරයට කස සැපයීම කොඩි හා පතාක එල්ලීමට වුවමනා ලණු සැපයීම ඇතුන් ඇල්ලීමට වර මධු සැපයීම රජමාළිගයට මස් සැපයීමආදී රාජකාරීන් රජු වෙනුවෙන් ඉටු කලහ තවද කසළ පැහැර කිරීම මළ සිරුරු බැහැර කිරීම සිදු කළහ
රොඩී කාන්තාවන් සිඟාකෑම රබන් කරකවීම තැටි කරකවීම ගීත ගායනා කිරීම් ආදීය කළහ මීට අමතරව ඉහළ කුලවලින් නෙරපූ පුද්ගලයන් ඔවුන්ගේ දක්ෂතා අනුව නොයෙක් කර්මාන්ත සිදුකර ඇත එහෙත් රොඩීනට ගොවිතැන් කිරීම තහනම් විය කුමන කර්මාන්තයක යෙදුනද ඔවුන් ඒවා කළේ සිඟාකෑමට රුකුලක් වන පරිද්දෙනි ඔවුනට සිඟාකෑම හැර වෙනත් කිසිම වෘත්තියක් කිරීමට අවසර නොතිබිණ
සිංහල රජ දවස රොඩීනට අංග සම්පූර්ණ නිවසත් තනාගැනීමට අවහර නොවීය.ඔවුන්ගේ නිවස තාවකාලික මඩුවක් පමණක් විය.මීට අමතරව ඔවුනගේ ජීවතයට පීඩාකාරී තහංචි රැසක් විය.ඔරුවක් මත හිඳ ගගින් එතෙරවීම රාජකීය කෙත්වතු ඇළ මාර්ග අසලින් ගමන් කිරීම රාජකීය ගබඩා අසලින් ගමන් කිරීම ආදිය තහංචිවිය මොවුනෙග් දිවි පැවැත්ම එදා ඉතාමත් පීඩාකාරී විය
මොවුනගේ ද්වාර කර්ම(උපත වැඩිවිය පැමිනීම විවාහය මරණය)චාරිත්‍ර පිළිබද අවධානය යොමු කිරීමේදී එදා මහාසමාජයේ සම්මත ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර පිළිපැදීම තහනම් විය කෙසේ වෙතත් ඔවුනට ආවේණික වත්පිළිවෙත් මේ සදහා අනුගමනය කළබව මූලාශ්‍රවල දැක්වේ.උපතක් සිදුවූවිට වින්නඹුකම් කිරීම මොවුනගේ වැඩිහිටි කාන්තාවක් අතින් සිදුවිය.එසේම ඔවුන් කිල්ල පිළිබද එතරම් විශ්වාස නොකළහ දරු උපතකදී විශේෂ මහාසමාජය පිළිගත් චාරිත්‍ර වාරිත්‍ර කිසිවක් ඉටු නොකළහ දැරියක් වැඩිවිය පැමිනීමේ දීද එසේය ඔවුනට රෙදි නැන්දාගේ සේවය හේනේමාමා ගේ සේවය නොලැබුනි එයට හේතුව මේ වත්පිළිවෙත් වලට සමිබන්ධවන රධා කුලයට අයත්වූවන් තමන්ගේ සේවය තමන්ට වඩා පහත් කුලයන්ට සලසා නොදීමයි මහාසමාජය තුල වැඩිවියපත්වූ දැරිය නැහැවීම සිදු කළේ රෙදි නැන්දා නමින් හැදින්වූ රධා කුලයට අයත් ස්ත්‍රීයක විසිනි ඒ සදහා නැකැත් බැලීම හේනෙ මාමා නමින් හදින්වූ රධා කුලයට අයත් පුරුෂයෙනු විසින් සිදු කළහ මොවුනගේ සේවය රොඩීනට නොලැබිණ විවාහය ද මහාසමාජයතුල දක්නට ලැබුණ චාරිත්‍ර කිසිවක් අනුගමනය කිරීමට ඔවුනට තහංචි විය.මරණයකදීද මහාසමාජයේ පවත්වන භික්ෂුන් නිවසට වැඩමවා පංශුකූලය දීම වැනි කිසිදු චාරිත්‍රයක් සිදු නොකරන ලදී.රොඩියකු මියගිය විට වහාම මළසිරුර ඔසවාගෙන ගොස් ඔවුනටම ආවේණිකවු අමුසොහොනකට දමා ආහ මළ සිිරුර ආදාහනය කිරීමට හෝ භූමදානය කිරීම තහනම් විය.
අතීතයේද ඔවුනගේ ආගම බුදු දහම වුවද බෞද්ධ ආගමික ඇහිලි කිරීම තහනම්විය.මොවුන් රත්කවල්ලී හා ස්වර්ණමාලී තමින් හදුන්වනු ලැබූ දෙවඟනක් පිදීම සිදු කළහ.කලු කුමාර හා දෑල කුමාර නම් යක්ෂයන් දෙදනකු ඇදහීම කරනලදී.මොවුන් ඉතා දක්ෂ මන්ත්‍රකරුවන් විය කෙසේ වෙතත් ඔවුන් අතර සුදු අභිචාරයන්ට වඩා කලු අභිචාරයන් බහුල විය.පොදුජනයා තුල මොවුන් පිළිබද දැඩි සැකමුසු බියක් පැවතිණ.රොඩියකු නිවසට පැමිනිවිට ඔහු කෝප නොගන්වා කිසිවක් දී මිස පිටත් කිරීමට ජනයා බියවූහ.
සැබවින්ම එකල රොඩී නම්වූ කුලය පහත් ලෙස සැලකුවද වර්තමානය වනවිට එහි පහත් බව නුතන ජනයා එතරම් සලකන්නේ නැත. එය හොඳ ප්‍රවණතාවයකි. සතුටට කරුණකි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ කෙනකු උපතින් වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ නැත. ක්‍රියාවෙන්ම බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වෙත්මැයි.
රොඩී සමාජය යනු සිංහල කුල දූරාවලියේ එන පහත්ම කුලයයි.එම නිසා අතීත කුල වැඩවසම් සමාජයේ ඔවුන්ට හිමිව තිබුනේ ඉතා අවාසනාවන්ත තත්වයකි.එහෙත් බටහිර අධිරාජ්‍යවාදීන් විසින් ලංකාව යටත් කරගැනීමත් සමග ඔවුන් පෙර පැවති වැඩවසම් සමාජ ක්‍රමය වෙනුවට ධනවාදී අර්ථක්‍රමය හදුන්නා දුන්හ.මේ සමගම ඔවුන් ඉඩම් ශුත්තිය මත පදවම්වූ වැඩවසම් ක්‍රමය වෙනුවට ධනවාදය හදුන්වාදීම නිසා සෑම සාමාජිකයෙකුම ආර්ථික ක්‍රියාවන්ට දායකකර ගැනීමට උස්සාහ කරහ ඒ අනුව එවක පැවති රාජකාරී ක්‍රමය අහෝසිකර මුදලට ශ්‍රමය සැපයීමට ජනයා පෙළඹවීය.මෙහිදී ඒඒ කුලයන්ට සාම්ප්‍රධායිකව හිමිකර තිබූ තහංචි ඉවත්කිරීමට අධිරාජ්‍යවාදීන් ක්‍රියා කළහ.ඒ අනුව රොඩී සමාජයටද සාම්ප්‍රධායිකව උරුමව තීබූ තහංචි ඉවත් කළහ.ඒ අතර සිගා කෑම පමණක් තම ආර්ථික කටයුත්තවීම හා ස්ත්‍රීන්ට උඩුකය වසා ඇදුම් ඇදීම හා සමාජීය හා ආර්ථික දේශපාලනමය වශයෙන් රොඩී ජනයා පෙළු තහංචි ඉවත්විය.කෙසේ වෙතත් සමා සමාජය රජය විසින් ගත් තීරණවලට දැඩිව විරුද්ධවූ බව පැවසේ.
මේ අතර ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් රොඩී ජනයා අතර කතෝලික හා ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම සිදුවිය.සාම්ප්‍රධායිත බෞද්ධ සමාජය තුල කොන්කර තැබීම නිසාම ඔවුන් ඉක්මනින් මිෂනාරීන්ගේ ආගම් වැළදගැනීමට පෙළඹුනි.පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රජාතාන්තික ආණ්ඩු මින් තවදුරටත් ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට නීති සම්බාදනය කළහ.නිදහස් අධ්‍යාපනය මගින් රටේ සියළුම පුරවැසියන්ට අධ්‍යාපන ලැබීමේ අයිතිය තහවුරු කළහ.අධ්‍යාපනය ලැබූ සුදුස්සන්ට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා හිමිවිය.1978 විවෘත ආර්ථිකය හදුන්වාදීමත් සමග ඔවුන්ට අයෝජන ප්‍රවර්ධන කලාපයන්හි රැකියා හිමිවිය.ඇතැමුන් විදේශ රැකියා සදහා විදෙස්ගතවිය.තවත් අය ස්වං රැකියාවල නිරතවිය.වර්තමානය වනවිට කුලභේදය යනු සිංහල සමාජයට ආවෘත සංස්කෘතිකාංගයක් පමණක්වී ඇත.ඉදිරියේදී කුල ශේදය සංම්පූර්ණයෙන් සිංහල සමාජයෙන් ඉවත්වී යනු ඇතැයි සමාජ විද්‍යාඥයන් විශ්වාස කරති.[1]
මෙම ගෝත්‍රය උසස්ම රොඩී ගෝත්‍රයයි.එ ඩී රඝවාන් සදහන් කරන පරිදි රත්නවල්ලි ගෝත්‍රය උසස්ම ගෝත්‍රය ලෙස සළකන්නේ ඔවුන්ට ඇති රාජකීය සම්බන්ධය නිසා බවයි.ජනප්‍රවාදවල එන පරිදී මහාපරාක්‍රමභාහු රජුගේ දියණියවූ රත්නවල්ලී කුමරියගෙන් රොඩීන් පැවතඑයි.
මොවුනගේ භාෂාව සිංහල වුද සිංහල බස තරමක් වෙනස් අයුරකින් භාවිතා කර ඇතිබව පෙනේ මෙය සෑම උපසංස්කෘතියකම පාහේ දක්නට ලැබෙන ලක්ෂණයකි මොවුනගේ බස ගාඩි බස යනුවෙන්ද හදුන්වයි
ඥාතීත්වය හඟවන පද
විවිධ ජනයා හදුන්වන පද
සතුන් හදුන්වන නම්
සිරුරේ කොටස් හගවන පද
ශාක වර්ග හා ඒවායේ කොටස්
ගෘහාශ්‍රිත දේ, අහාරපාන සහ අඳුම් පැලඳුම්
පරිසරය අශ්‍රිත දේ
විශේෂණ පද
ලෝහ වර්ග, අවිආයුධ, විවිධ මෙවලම් ආදිය හදුන්වන නම්
ක්‍රියා පද
මුල් කාලීන ඡායාරූප අධ්‍යයනය දී පෙනියන්‌නේ බොහෝ රොඩී කාන්තාවන් උඩුකය නිර්වස්ත්‍රව සිටි බව කි. ඒ ඡායාරූපයන් අතර නිර්වස්ත්‍ර රුප ද දක්නට ඇත .රැල්ෆ් පීරිස් ගේ සිංහල සමාජ සංවිධානය කෘතිය තුල ද දැක්වෙන්නේ රොඩීනට උඩුකය වැසෙන ලෙස අදීමට හා ඉගටිෙන් පහලට වස්ත්‍ර ඇදීම තහනම් වී තිබූ බවයි එය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදු විය කෙසේ වෙතත් 18 වන සියවසයෙන් පසු ක්‍රිස්තියානි මිෂනාරීන්ගේ මැදිහත් වීමෙන් රොඩී කාන්තාවන්ට හා වෙනත් කුලහීන කාන්තාවන්ට පැවති උඩුකය වැසෙනසේ වස්ත්‍ර ඇදීමේ තහංවි වංශවතුන්ගේ දැඩි විරෝධය මැද ඉවත් කිරීම සිදු කළහ එම් ඩී රඝවාන් පෙන්වා දෙන්නේ මේ මගින් අධිරාජයවාදීන් මෙය ශිෂ්ට සමාජයට හුරු කිරීමක් ලෙස දැක්වූ බවයි වික්ටොරියානු සදාවාරය හදුන්වා දීමත් සමග ඇදුම් භාවිතයෙ පැහැදිළි වෙනසක් ඇතිවිය.
ප්‍රකට මානව විද්‍යාඥයෙකු වූ එම්.ඩී රාඝවන් මහතා විසින් පර්යේෂණාත්මක ග්‍රන්තයක් ලෙස එළි දැක්වූ රොඩී ජන පුරාණය පිළිබද රචිත කෘතියේ දී 19 වන සියවස දක්වාවූ හීන කුලික ස්ත්‍රීන්ට උඩුකය වසා වස්ත්‍ර ඇදීමේ තහනම පිළිබද යතාර්තය මැනවින් ප්‍රකාශවෛ්.ඔහු තම කෘතියේ කවරය සරසා ඇත්තේ උඩුකය නග්න රොඩී ස්ත්‍රීන් ගේ රුව ඇතුලත් සිතුවමකිනි.රොබට් නොක්ස් හා රැල්ෆ් පීරිස් වැනි කතුවරුන්ගේ කුල හේදය හා ඇදුම් පිළිබද ප්‍රකාශද රඝවාන්ද තම මානව විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් සනාත කරයි.තවද 19 වන සියවසයේ දී ලංකාවට පැමිණි විදේශිකයන් විසින් ලබාගත් රෝඩී ස්ත්‍රීන්ගේ ඡායාරූප අධ්‍යනයේ දී ඔවුන් උඩුකය නග්ගව සිටිබවට සාධක ලැබේ.
19 වන සියවසයේ දී විදේශිකයන් විසින් ලබාගත් රොඩී සත්‍රීන්ගේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
මූලාශ්‍රය: ඇස්. ආර්. දියොනිස් , රවින් කල්‌දේරා සහ ඩි. ඩබ්ලිව්. සේනාධිර (කල්පනා මාසික සඟරාව 1989 ඔක්තෝබර් )