රෝමියෝ ජුලියට් | |
---|---|
![]() ප්‍රවර්ධන පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | ලක්ෂ්මන් |
රචනය | ලක්ෂ්මන් |
නිශ්පාදනය | එස්. නන්තගෝපාල් |
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය | සෞන්දරරාජන් |
සංස්කරණය | ඇන්තනි |
සංගීතය | ඩී. ඉම්මාන් |
නිෂ්පාදන company | මැඩ්‍රාස් එන්ටර්ප්‍රයිසස් |
බෙදාහැරීම | කොස්මෝ විලේජ් ඇන්ටනා එන්ටර්ටේන්මන්ට්ස් (මැලේසියාව) |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 150[1] |
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ |
රෝමියෝ ජුලියට් යනුවෙන් හැඳින්වෙන්නේ 2015 දෙමළ ප්‍රේමාන්විත ප්‍රහසන චිත්‍රපටයකි. මෙය රචනය සහ අධ්‍යක්ෂණය සිදු කරන ලද්දේ ලක්ෂ්මන් විසිනි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ජයම් රවි සහ හංසිකා මොට්වානි විසිනි. මෙහි සංගීත නිර්මාණය සිදු කරන ලද්දේ ඩී. ඉම්මාන් විසිනි.[2] මෙම චිත්‍රපටය, විලියම් ෂේක්ස්පියර්ගේ රෝමියෝ සහ ජුලියට් නාට්‍යය සමග කිසිදු සම්බන්ධයක් නොපෙන්වයි. චිත්‍රපටය නිකුත් කෙරුණේ 2015 ජූනි 12 දින ය.
ඓශ්වර්යා (හංසිකා මොට්වානි) කාර්තික් (ජයම් රවි) සමග ප්‍රේමයෙන් බැඳෙන්නේ ඔහු ධනවත් පුද්ගලයකු යැයි සිතා ය. නමුත් සැබැවින්ම ඔහු සාමාන්‍ය ව්‍යායාම උපදේශකයකු බව දැන ගැනීමෙන් පසු, ඇය ඔහුව හැර යයි. ඇයට අවශ්‍ය වන්නේ තවත් ධනවත් පුද්ගලයකු වන අර්ජුන් (වම්සි ක්‍රිෂ්ණා) සමග විවාහ වීමට ය. කාර්තික් ඇගේ මග අවුරන අතර, එම මිලියනපතියා සමග ඓශ්වර්යාගේ සම්බන්ධය බිඳ හෙළන බවට ඇයට තර්ජනය කරයි. මේ නිසා ඓශ්වර්යා හට කාර්තික් වෙනුවෙන් සුදුසු තරුණියක සොයා දීමට සිදු වේ. ඓශු විසින් කාර්තික් හට සරාගී යුවතියක වන නිශා (පූනම් බාජ්වා) මුණ ගස්වයි. නොබෝ කලකින්ම අර්ජුන්ගේ ධනවත් දිවි පෙවෙත ඓශු කලකිරීමට පත් කරවයි. දැන් අර්ජුන් විසින් ඓශ්වරයා හට ඇගේ බොහෝ පුරුදු වෙනස් කිරීමට බල කරයි. එහි දී ඇයට අත් අකුරු පැහැදිළිව ලිවීමට පුහුණු වීමට සිදු වන අතර, වෙනස් කොණ්ඩා මෝස්තරයක් අනුගමනය කිරීමට ද සිදු වේ. මේ බව ඉඩර්කුතානේ ආසපඩෛ බාලකුමාරී ගීතය තුළින් නිරූපණය වේ. සේවාලයේ දී කාර්තික් ඇයට පවසන්නේ තමන්ගේ සහ නිශාගේ විවාහ ගිවිස ගැනීම වැලන්ටයින් දිනයට පෙර දිනයේ රාත්‍රියේ පැවැත්වෙන බව ය. එම දිනයේම අර්ජුන් සහ නිශා ලන්ඩන් වෙත යාමට අදහස් කරගෙන සිටිති. ඔවුන් පිටත්ව යාමට නියමිත දිනයේ දී අර්ජුන් සමග රෝබෝවකු වැනි දිවියක් ගත කිරීමට තමන්ට නොහැකි බව ඇය වටහා ගනියි. තමන් කාර්තික්ට පෙම් කරන බව ඇය අර්ජුන් හට පවසයි. කාර්තික් සහ නිශා විවාහ ගිවිස ගැනීමට යන ස්ථානය වෙත ඇය දිව යයි. ඇය සිය ප්‍රේමය පොපොච්ඡාරණය කරන නමුත්,ඇය සිදුකළ දේ නිසා කාර්තික් ඇයව පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් නිශා සමග එතැනින් පිටව යයි. එවිටම ගීතයක් ඇරඹෙන අතර කාර්තික් සත්‍යය හෙළි කරයි. මේ සියල්ල කාර්තික් සහ නිශා විසින් ඓශ්වර්යාට ඇගේ වරද අවබෝධ කර දීමට සිදුකළ රංගනයක් බව පවසයි.මේ නිසා තමන් ඔහුට පෙම් කරන බව ඇය වටහා ගනියි. කථාව අවසන් වන්නේ කාර්තික් සහ ඓශ්වර්යා යළි එක් වීමත් සමගයි.
මින් පෙර කල්වනින් කාදලි (2006) චිත්‍රපටයේ නිෂ්පාදකවරයකු ලෙස දායක වූ ලක්ෂ්මන් තමන් අධ්‍යක්ෂකවරයකු ලෙස සිය ප්‍රථම නිර්මාණය රෝමියෝ ජුලියට් නමින් සිදුකරන බවත්, එහි ප්‍රධාන නළුවා ජයම් රවි බවත් නිවේදනය කළේ ය.[3][4] අධක්ෂකවරයා විසින් මුලින් මෙහි ප්‍රධාන කාන්තා චරිතය සඳහා නයනතාරා තෝරාගෙන තිබුණත්, ඇය ඒ වනවිටත් ජයම් රවි සමගම රාජාගේ තනි ඔරුවන් චිත්‍රපටයේ චරිත නිරූපණය කරමින් සිටි හෙයින්, හංසිකා මොට්වානි මෙම චරිතය සඳහා තෝරාගැනිණි.[5] ඡායාරූපගතකරණය ඒවන විට පැවැත් වූ අතර, ප්‍රධාන නළු නිළි යුවළ නිරූපිත ප්‍රවර්ධන ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැරුණේ 2014 මාර්තු මස අග කාලයේ ය.[6] හංසිකා අනාවරණය කළේ තමන් මෙහි වඩාත් නූතනවාදී තරුණියකගේ චරිතය නිරූපණය කරන බවත්, ජයම් රවිගේ චරිතය මෙම ප්‍රේමාන්විත ප්‍රහසනය තුළ වඩාත් ගතානුගතික වනු ඇති බවත් ය.[7]
චිත්‍රපටයේ නිල පෝස්ටරය 2014 අප්‍රේල් 14 දින මුදාහැරිණි. මෙය දෙමළ අලුත් අවුරුද්ද හා සමගාමීව නිකුත් කෙරුණු හෙයින්, චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹි බව ඉන් අදහස් විය. චිත්‍රපට කණ්ඩායම සිය පළමු සැසිය මැයි මස පැවැත්වූ අතර, පූනම් බාජ්වා ද චිත්‍රපටයට සම්බන්ධ විය.[8] කණ්ඩායම විසින් ව්‍යායාම පුහුණකරුවකු ලෙස ජයම් රවිගේ චරිතයට අමතරව ආර්යාව විශේෂ නිරූපණයක් සඳහා ද යොදාගන්නා ලදී.[9]
පළමු ප්‍රවර්ධන ටීසරය 2014 දෙසැම්බර් 29 මුදාහැරුණු අතර, එහි නිරූපණය වූයේ ප්‍රධාන චරිත පමණි.[10]
ඩී. ඉම්මාන් විසින් චිත්‍රපටයේ නාදපථ ඇල්බමය නිර්මාණය කරන ලදී. ජී. රොකේශ්, මධන් කාර්කි සහ තාමරෛ විසින් ගීත රචනය සිදුකරන ලදී.
නාදපථ ලැයිස්තුව | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අංකය. | ගීතය | ගායක(යා) | කාලය | ||||||
1. | "ඩන්ඩනකා" | අනිරුධ් රවිචන්දර් | |||||||
2. | "තූවානම්" | විශාල් දඩ්ලානි, සුනීතා සාරති | |||||||
3. | "ඉඩර්කුතානේ ආසෛපට්ටෛ බාලකුමාරී" | වෛකොම් විජයලක්ෂ්මි | |||||||
4. | "රෝමියෝ රෝමියෝ" | විශාල් දඩ්ලානි, හයිඩ් කාර්ති | |||||||
5. | "අඩියේ ඉවලේ (අරක්කි)" | ඇන්තනි දාසන් | |||||||
6. | "තූවානම් - නාවත වාදනය" | සුනීතා සාරති |
චිත්‍රපටයේ චන්ද්‍රිකා අයිතීන් සන් ටීවී නාළිකාවට අලෙවි කෙරිණි.[11]
භාරද්වාජ් රංගන් ලියා තිබුණේ, "චිත්‍රපටය ව්‍යසනයකි...මෙහි සම්පූර්ණ විකාරභාවය අපට දිරවන්නේ නැත...රෝමියෝ ජුලියට් යනු විකාර ප්‍රහසනයක් ද නැතහොත් අතිනාට්‍යයක් ද යන්න සිතිය නොහැක — මෙම තානය එහි සෑම තැනකම දක්නට ලැබේ. එසේම මෙහි රචනය ද අතිශයින් අසංගත ය".[12] ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත මෙම චිත්‍රපටයට ලකුණු 2/5ක් ලබාදෙමින් ලියා ඇත්තේ, "වසරේ වඩාත් සාර්ථකම චිත්‍රපටය සඳහා වාලියවන් සමග තරගවැදිය හැකි බව මෙම චිත්‍රපටය පෙන්නුම් කරයි."[13] Rediff ද මෙයට 2/5ක් ලබාදෙමින් රචනා කරන්නේ, "ලක්ෂ්මණ්ගේ රෝමියෝ ජුලියට් යනු පැරණි හණමිටිවලින් සෑදුවකි. ප්‍රේමයට එරෙහිව මුදල් සටන මෙහෙයවා ඇති නමුදු, ඉන් කුමන තැනැත්තා දිනන්නේ ද යන්න අනුමාන කරන්නාට කිසිවක් හිමි නොවේ".[14] Sify රචනා කොට ඇත්තේ, "ලක්ෂ්මන් විසින් සිලුටු ආකාරයෙන් චිත්‍රපටයක් ගොනු කොට ඇති නමුත් ප්‍රධාන නළු නිළි දෙපළ අතර කිසිදු ගැළපීමක් හෝ රසායනයක් සොයා ගැනීමට ඔහු අසමත්ව ඇත. ඔහුගේ අධ්‍යක්ෂණය අසම්පූර්ණ අතර, චරිත ද නිසි පරිදි ගැළපී නැත. රෝමියෝ ජුලියට් පිළිබඳ ඇති හොඳම දෙය නම්, ජයම් රවි සහ හංසිකා එම දෝෂ සහගත පිටපත හැඩගැන්වීමට සිය උපරිමයෙන් කටයුතු කොට තිබීමයි".[15] ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් ලියා තිබුණේ, "චිත්‍රපටය, තරමක් රසවින්දනීය නමුත්, තිර පිටපත සහ ජවනිකා තවත් රසවත් නූයේ නම් මෙය තවත් සාර්ථක වනු ඇත".[16]
{{cite web}}
: Missing or empty |title=
(help)
{{cite web}}
: Missing or empty |title=
(help)
{{cite web}}
: Missing or empty |title=
(help)