අධ්‍යක්ෂක රෝයි ද සිල්වා රංගන ශිල්පී | |
---|---|
![]() | |
උපත | ආර්ය ශ්‍රී ඨකුරාර්ත දේවාදිත්‍ය බණ්ඩාර ගර්දියවසම් ලිඳමුලගේ රෝයි ඇලෝශියස් ෆීලික්ස් ද සිල්වා අගෝස්තු 30, 1937 |
මියගිය දිනය | 30 June 2018 | (වයස 80)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | අධ්‍යක්ෂවරයෙකු,රංගන ශිල්පී,තිර රචක |
සක්‍රීය වසර | 1964-සිට |
ප්‍රසිද්ධව ඇත්තේ | සුජාගෙ රහස |
ප්‍රධාන නිර්මාණ | රෑ දනියෙල් දවල් මිගෙල් |
සහකරුවා(වන්) | සුමනා අමරසිංහ (වි. 1970) |
ආර්ය ශ්‍රී ඨකුරාර්ත දේවාදිත්‍ය බණ්ඩාර ගර්දියවසම් ලිඳමුලගේ රෝයි ඇලෝශියස් ෆීලික්ස් ද සිල්වා (දෙමළ: ஆரயா இ தகுரார்த தேவாதித்ய பள்டார கர்தியவசம் லிதமுளகே ரோயீ அலோசியச் பீளிக்ச் த சில்வா) හෙවත් රෝයි ද සිල්වා මොහු "මාස්ටර් බ්ලාස්ට්" යන විරුදාවලි ලබන ශ්‍රී ලාංකීය "බොක්ස් ඔෆිස්" අධ්‍යක්ෂවරයෙකි.1964දී පී.නීලකන්ටන් විසින් සිනමාවට හඳුන්වා දුන් මොහු දක්ෂ රංගන ශිල්පියෙකුද වේ.[1][2][3][4][5][6][7][8]
1937 අගෝස්තු 30 දින උපත ලැබූ රෝයි 1970 දී සුමනා අමරසිංහ සමඟ විවාහ විය. ඔවුන් හට දරුවන් දෙදෙනෙකි.[9]
රෝයි ද සිල්වා සිනමාවට අවතීර්ණ වූයේ, අතිශය ජනප්‍රියත්වයට පත්වූ දකුණු ඉන්දීය නළු එම්.ජී.ආර්. රඟපෑ චිත්‍රපට 17ක් අධ්‍යක්ෂණය කළ පී. නීලකන්ටන් (පලනියාන්දි නීලකන්ටන්) නම් දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කළ "ජබීර්.ඒ. කාදර්" නිෂ්පාදනය කළ "සුජාගේ රහස" චිත්‍රපටය 1964 දෙසැම්බර් 24 දා තිරයට වැඩීමත් සමඟය.
තම පළමු චිත්‍රපටයෙන්ම "ආධුනික" බව අභිභවා යෑමට සුජාගේ රහස චිත්‍රපටයෙන් රෝයි ද සිල්වාට හැකි විය. චිත්‍රපට 100කට ආසන්න සංඛ්‍යාවකට තම රංගන දායකත්වය ලබා දෙමින් අවුරුදු විසිපහකට ආසන්න කාලයක් එක දිගටම සිංහල සිනමාවේ කතා නායකයෙක් වීමට ඔහුට හැකි විය. දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරුන්, දකුණු ඉන්දීය සිනමා කතා පුවත් සිංහල රිදී තිරයට අනුවර්තනය කිරීම රෝයි ද සිල්වාට වාසනාව ගෙන එන්නට හේතු තුනක් බලපෑවේය. පළමුවැන්න ඉන්දීය හැඩතල සහිත කඩවසම් රුවක් හිමි වීමය. දෙවැන්න දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරුන් එවකට සිංහල චිත්‍රපට තැනීම ආරම්භ කිරීමය. තුන්වැනි භාග්‍ය වන්නේ රෝයි චතුර ලෙස දෙමළ භාෂාව හැසිරවීමය.
රෝයි රඟපෑ අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ "සුජීවා" චිත්‍රපටය තිරගත වීමත් සමඟම ඊට සතියකට පෙර සිට තිරගතවෙමින් තිබූ ගාමිණී ෆොන්සේකාගේ "එදත් සූරයා අදත් සූරයා" චිත්‍රපටයේ දෙවැනි සහ තුන්වැනි සති අන්තවල ආදායම බිදවැටුණි. [10]
රෝයිගේ උපරිම ඵල නෙළාගත් අධ්‍යක්ෂවරුන් අතර ජෝ දේව් ආනන්ද්, මරියදාසන්, එම්.එස්. ආනන්දන්, ජෝ සුගන්ධා, කේ. වෙන්කට්, රොබින් තම්පෝ, ලෙනින් මොරායස්, කිංස්ලි රාජපක්ෂ, තිමති වීරරත්න සහ සිරිල් පී. අබේරත්න වැනි අයයි. ඕනෑම දීර්ඝ දෙබස් සහිත පිටුවල අඩංගු දෙබස් මතක තබා ගැනීමෙහි ශක්තියක් තිබිණ. එවැනිම ආකාරයේ නළුවෙකු වූ රවින්ද්‍ර රන්දෙණියද ඔහුගේ කුලුපග මිතුරෙකි.[11]
ඔහුගේ සිනමාපට ප්‍රශස්ත තලයේ, හාස්‍ය තලයේ විවිධ තේමාවන් යටතේ චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂවරයෙකි. ජනප්‍රිය නළුවකු වශයෙන් ඔහු ලැබූ ජනතා ප්‍රසාදයට වඩා චිත්‍රපට නිර්මාණකරුවකු වශයෙන් ඔහු අද ලබන කීර්තියත්, ප්‍රේක්ෂක ප්‍රතිචාරයත් විශේෂයෙන් ඔහු ලබන තෘප්තියත් අති විශාලය. එඩී ජයමාන්න, රුක්මණී දේවි, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, රවින්ද්‍ර රන්දෙණිය, එච්.ආර්. ජෝතිපාල, සුමනා අමරසිංහ, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ මෙන්ම නව පරපුරේ නළු නිළියන් ගණනාවක් අධ්‍යක්ෂණය කිරීමට රෝයි ද සිල්වා හට හැකි විය. පෙර සැලසුමෙන්, අඩු දින ගණනකින් භාෂා ත්‍රිත්වයෙන්ම චිත්‍රපට නිම කිරීමේ දක්ෂතාව ඔහු සතුව ඇත. වැරැදි අවම කරගනිමින් අඩු දළ සේයා පට ප්‍රමාණයකින් රූප ගත කළ හැකි අධ්‍යක්ෂවරයකු වීම ඔහුගෙර් විශේෂත්වයකි.
රංගනය, අධ්‍යක්ෂණය, තිර රචනය, නිෂ්පාදනය වැනි සිනමාවේ විවිධ පැතිකඩ නියෝජනය කළ රෝයි චිත්‍රපට පසුබිම් ගීත ගායනයටද සම්බන්ද විය. "ටොම් පචයා" චිත්‍රපටයට "අහසට බයේද, පොළොවට බයේද" සහ "මිනිසුන් අතර මිනිහෙක්" චිත්‍රපටයේ "ලෝකෙම ඇත්තේ අපිට තමා විනෝද නොවුණොත් නොමැත සමා" යන ගීත ෆ්‍රෙඩී සිල්වා සමඟ ගායනා කළේය.[12]
වසර | චිත්‍රපට | භාෂාව | අධ්‍යක්ෂණය |
---|---|---|---|
1964 | සුජාගේ රහස | සිංහල | |
1966 | සුදු දුව | සිංහල | |
1966 | සැනසිලි සුවය | සිංහල | |
1967 | සැඟවුණු මැණික | සිංහල | |
1968 | රුහුණු කුමාරි | සිංහල | |
1969 | හතර පෙරළිය | සිංහල | |
1970 | උතුම් ස්ත්‍රිය | සිංහල | |
1970 | පික් පොකට් | සිංහල | |
1970 | සුමුදු භාර්යා | සිංහල | |
1970 | ගීතා | සිංහල | |
1970 | වෙන් සංගු | දෙමළ | ටී. සෝමසේකරන් |
1971 | දැවෙන පිපාසය | සිංහල | |
1971 | සමනල කුමරියෝ සමඟ අපි කවදත් සූරයෝ | සිංහල | |
1972 | සුජීවා | සිංහල | |
1972 | සිංගප්පූරු චාලි | සිංහල | |
1972 | හතර වටේ | සිංහල | |
1972 | මේ දෑස කුමටද | සිංහල | |
1972 | සිනාවයි ඉනාවයි | සිංහල | |
1973 | සුනේත්‍රා | සිංහල | |
1975 | ඔබයි මමයි | සිංහල | |
1975 | සූකිරි කෙල්ල | සිංහල | |
1975 | මගේ නංගි ශ්‍යාමා | සිංහල | |
1975 | රන්වන් රේඛා | සිංහල | |
1976 | රන් තිලකා | සිංහල | |
1976 | නීලා | සිංහල | |
1977 | සුදු පරෙවියෝ | සිංහල | |
1977 | හොඳ හිත | සිංහල | |
1977 | රහස් කුමන්ත්‍රණය | සිංහල | |
1977 | මගේ රන් පුතා | සිංහල | |
1978 | දීපාංජලී | සිංහල | |
1979 | සමන්මලී | සිංහල | |
1979 | මිනිසුන් අතර මිනිසෙක් | සිංහල | |
1980 | අනූෂා | සිංහල | |
1980 | සිල්වා | සිල්වා | |
1980 | නෙන්ජුක්කු නීදි | දෙමළ | |
1980 | ආදර රත්නේ | සිංහල | |
1982 | පනි මලර්ගල් | දෙමළ | |
1983 | සැනසුම | සිංහල | |
1984 | ඔබට දිවුරා කියන්නම් | සිංහල | |
1987 | අහිංසා | සිංහල | |
1987 | රස රහසක් | සිංහල | යසපාලිත නානායක්කාර |
1988 | අම්මේ ඔබ නිසා | සිංහල | |
1989 | අංගුලිමාල | සිංහල | |
1989 | ඔක්කොම රජවරු | සිංහල | |
1989 | ශක්තිය ඔබයි අම්මේ | සිංහල | |
1990 | හොඳින් නැත්නම් නරකින් | සිංහල | |
1990 | මධු සිහින | සිංහල | |
1990 | ක්‍රිස්තු චරිතය | සිංහල | සුනිල් ආරියරත්න |
1991 | ඔබට පමණයි ආදරේ | සිංහල | |
1992 | ජය ශී‍්‍ර වේ කුමරියේ | සිංහල | යසපාලිත නානායක්කාර |
1992 | රූමතියයි නීතියයි | සිංහල | |
1992 | සුරනිමල | සිංහල | යසපාලිත නානායක්කාර |
1992 | මුවන්පැලැස්සෙ කදිරා | සිංහල | යසපාලිත නානායක්කාර |
1992 | සාගර තිළිණ | සිංහල | |
1992 | ප්‍රතිඥා | සිංහල | යසපාලිත නානායක්කාර |
1992 | සසර සැරිසරණ තෙක් ඔබ මගේ | සිංහල | |
1993 | මැවිලා පෙනේවි රූපේ හදේ | සිංහල | |
1994 | කම් ඕ ගෝ චිකා ගෝ | සිංහල | දිනේෂ් ප්‍රියසාද් |
1994 | ලව් 94 | සිංහල | රෝයි ද සිල්වා |
1995 | යසස | සිංහල | |
1995 | ඡායා මායා | සිංහල | යසපාලිත නානායක්කාර |
1995 | නොහඬන් කුමරියේ | සිංහල | |
1995 | ආත්මා | සිංහල | |
1997 | අපායේ තත්පර අසූහාරදාහක් | සිංහල | දිනේෂ් ප්‍රියසාද් |
1998 | රෑ දනියෙල් දවල් මිගෙල් | සිංහල | රෝයි ද සිල්වා |
2002 | සංසාර ප්‍රාර්ථනා | සිංහල | |
2000 | රෑ දනියෙල් දවල් මිගෙල් 2 | සිංහල | රෝයි ද සිල්වා |
2015 | මයි නේම් ඉස් බන්දු | සිංහල | සුරංග ද අල්විස් |
වසර | චිත්‍රපට | භාෂාව | වෙනත් |
---|---|---|---|
1977 | ටොම් පචයා | සිංහල | සම අධ්‍යක්‍ෂණය ස්ටැන්ලි පෙරේරා |
1980 | තණ ගිරවි | සිංහල | |
1982 | කඩවුණු පොරෙන්දුව | සිංහල | නව නිර්මාණය |
1983 | සුමිතුරෝ | සිංහල | |
හිත හොඳ කොල්ලෙක් | සිංහල | ||
1987 | තාත්ති මං ආදරෙයි | සිංහල | |
1988 | ගෙදර බුදුන් අම්මා | සිංහල | |
හිත හොඳ පුතෙක් | සිංහල | ||
ඉට්ස් ද මැටර් ඔෆ් ටයිම් | ඉංග්‍රීසි | ||
1991 | චෙරියෝ ඩොක්ටර් | සිංහල | |
1992 | ඔක්කොම කණපිට | සිංහල | |
1993 | සූරයන් අතර වීරයා | සිංහල | |
ජීවන් මල්ලී | සිංහල | ||
1994 | සුදු පිරුවට | සිංහල | |
ලව් 94 | සිංහල | ||
1995 | විජේ සහ අජේ | සිංහල | |
චෙරියෝ කැප්ටන් | සිංහල | ||
1996 | චෙරියෝ ඩාලිං | සිංහල | |
1997 | රඹා සහ මධු | සිංහල | |
1998 | රෑ දනියෙල් දවල් මිගෙල් | සිංහල | |
2000 | රෑ දනියෙල් දවල් මිගෙල් 2 | සිංහල | |
පෙම් කැකුළ | සිංහල | ||
2001 | ජොන්සන් ඇන්ඩ් ගොන්සන් | සිංහල | |
2002 | ලව් 2002 | සිංහල | |
සැපට දුකට සනී | සිංහල | ||
2004 | ක්ලීන් අවුට් | සිංහල | |
රෑ දනියෙල් දවල් මිගෙල් 3 | සිංහල | ||
සැලමුතු පින්න | සිංහල | ||
2006 | සොඳුරු වසන්තේ | සිංහල | |
මිස්ටර් ධනරින | සිංහල | ||
2009 | සර් ලාස්ට් චාන්ස් | සිංහල | |
ඉට්'ස් මෑටර් ඔෆ් ලව් | ඉංග්‍රීසි | ||
සිහින ලොවක් සොයා | සිංහල |