ලහිරු තිරිමාන්න|
සම්පූර්ණ නම | හෙට්ටිගේ දොන් රුමේෂ් ලහිරු තිරිමාන්න |
---|
උපත | සැප්තැම්බර් 8, 1989 මොරටුව |
---|
පිතිකරන විලාසය | වමත් ආරම්භක පිතිකරු |
---|
පන්දුයැවීම් විලාසය | දකුණත් මඳ වේග පන්දු යවන්නා |
---|
හෙට්ටිගේ දොන් රුමේෂ් ලහිරු තිරිමාන්න (ඉංග්‍රීසි: Hettige Don Rumesh Lahiru Thirimanne, දෙමළ: லாகிரு திரிமன்னே) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටින ආරම්භක වමත් පිතිකරුවෙකු හා දකුණත් මඳ වේග පන්දු යවන්නෙකු වේ. බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා එම විද්‍යාලයේ 11න් පහල ක්‍රිකට් කණ්ඩායමට පළමු වරට තරඟ කරන ලදී. පසුව මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඇතුලත්වී එහිදී වයස 13න් පහල, 15න් පහල, 17න් පහල සහ පාසල් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා කරන ලදී. 2007 වර්ෂයේදී වයස 19න් පහල ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීමෙන් පසුව 2007/08 වයස 19න් පහල ක්‍රිකට් ලෝක කුසලාන කණ්ඩායමට [1] තෝරාගන්නා ලදී. එම වසරේදීම රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමුපෙළ ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වූ අතර 2009/10 බංගලාදේශයේ පැවති තුන්කොන් එක්දින ජ්‍යාත්‍යන්තර තරඟාවලියේදී ඔහුට මංගල එක්දින වරම් හිමිවිය.
# |
තරඟය |
ලකුණු |
ප්‍රතිවාදීන් |
ඉනිම |
පිතිකරන ස්ථානය |
ස්ථානය |
දිනය |
තරඟ ප්‍රතිඵලය
|
[1] |
10 |
155* |
බංග්ලාදේශය |
1 |
4 |
ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය, ගාල්ල |
මාර්තු 8, 2013 |
ජය පැරදුමෙන් තොර
|
# |
තරඟය |
ලකුණු |
ප්‍රතිවාදීන් |
ඉනිම |
පිතිකරන ස්ථානය |
ස්ථානය |
දිනය |
තරඟ ප්‍රතිඵලය
|
[1] |
33 |
102* |
|
1 |
3 |
ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනය, ඇඩිලේඩ්, ඔස්ට්‍රේලියාව |
ජනවාරි 13, 2013 |
ජයග්‍රහණය
|
[2] |
58 |
102 |
පාකිස්ථානය |
1 |
2 |
ඛාන් සහේබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය,ෆතුල්ලා, බංගලාදේශය |
පෙබරවාරි 25, 2014 |
ජයග්‍රහණය
|
[3] |
62 |
101 |
පාකිස්ථානය |
2 |
2 |
ශේර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මීර්පූර්, බංගලාදේශය |
මාර්තු 8, 2014 |
ජයග්‍රහණය
|