වසර දහස් ගණනක් මුළුල්ලෙහි අග්නිදිග ආසියාවේ සිදුවූ වෙළෙඳ හා සංක්‍රමණයන්ගේ දේශීය සන්ධිස්ථානයක් ලෙස ලාඕසයේ සංස්කෘතිය සහ සිරිත් විරිත් සංවර්ධනය විය. 2012 වන විට ලාඕසයෙහි ජනගහනය දළ වශයෙන් මිලියන 6.4ක්[1] පමණ විය. ඔවුන් වර්ග කිලෝමීටර් 236,800ක (වර්ග සැතපුම් 91,429)[2] භූමි ප්‍රමාණයක් තුළ විසිරී ගොස් සිටි අතර, ආසියාවේ අඩුම ජනගහනය ඝනත්වයකින් හෙබි රටක්ද විය. ලාඕසයෙහි නිළ වශයෙන් ජාතීන් 47කට අධික ප්‍රමාණයක් හඳුනා ගෙන ඇති අතර ඔවුහූ උප සමාජ 149කට සහ විවිධ භාෂා 80කට පමණ බෙදී ගොස් තිබේ. රටෙහි ඉතිහාසය පුරාම සඳහන් වන ලාඕ ජනයා, ලාඕසයෙහි ජනවාර්ගික සහ භාෂාමය බහුතරය වේ. අග්නිදිග ආසියාව තුල සාම්ප්‍රදායික ලාඕස සංස්කෘතිය, භාරතීය සංස්කෘතීන්ගෙන් එකක් ලෙස සැලකේ. (බුරුමය, තායිලන්තය සහ කාම්බෝජය සමගින්).
භූගෝලීය වශයෙන් හුදෙකලාව පිහිටි සහ කඳුකර භූමි ස්වභාවයක් හිමි ලාඕසය, නැගෙනහිරෙන් Annamite කඳු පන්තියට මායිම් වෙමින් වියට්නාමය සමග සාම්ප්‍රදායික දේශපාලන හා සංස්කෘතික සීමාවක් ගොඩනගනු ලබයි.
2012 වන විට, ලාඕසයෙහි ඇස්තමේන්තුගත ජනගහනය මිලියන 6.9ක් විය. ලාඕ රජය විසින් ලාඕසයෙහි ජාතීන් 47ක් සහ ඉන් බෙදී ගිය උප සමාජ 149ක් හඳුනාගෙන ඇත. වාර්ගිකත්වය හා ස්ථානය මත පදනම්ව ලාඕස සමාජය සාම්ප්‍රදායිකව, පුළුල් කාණ්ඩ තුනකට බෙදා දක්වනු ලැබේ. ආසන්න වශයෙන් මුළු ජනගහනයෙන් 60% ක් ජනවාර්ගික ලාඕස් ජනයා වේ. (ලාඕ ජනයා හෝ ලාඕ-තායි ජනයා); 34% ක් ලාඕස් උස්බිම ජනයා ලෙස වර්ග කර තිබෙන අතර ඊට ප්‍රධාන වශයෙන් මොන් හෝ ඛමර් සම්භවයක් ඇති ජනතාව අයත් වෙයි. වියට්නාම සහ චීන සම්බවයක් සහිත ජනයා ඉතිරි 6% ප්‍රමාණය සම්පූර්ණ කරයි .
ලාඕසයෙහි විවිධ ජනවාර්ගික ජනගහනයක් දැකිය හැකි අතර ඔවුන් භාෂා 80 කට අධික සංඛ්‍යාවක් භාවිතා කරණු ලබයි. ලාඕසයෙහි නිල භාෂාව ලාඕ භෂාවයි. ලාඕ බස කාථා කරන මිලියන 19ක ජනතාවක් තායිලන්තයෙහිද, මිලියන 3ක් ලාඕසයෙහිද වාසය කල බව භූ-දේශපාලනික ඉතිහාසය පිළිබිඹු කරයි.
ලාඕසයේ 60%ක් පමණ ථේරවාද බෞද්ධ ජනතාව වේ.
ලාඕසයෙහි ථේරවාද බුදු දහම සංස්කෘතික අනන්‍යතාව සඳහා ප්රමුඛ වී තිබෙයි. ලාඕස් ජාතික සංකේතය ලෙස දැට් ලුඅන්ග් ස්තූපය හදුන්වනු ලබයි.
ලාඕස සමාජයීය ව්‍යුහයන් අසල්වැසි කාම්බෝජය හෝ තායිලන්තය සමග සසඳන විට සාපේක්ෂව සරල වේ.
ලාඕසය සාම්ප්‍රධායික සාහිත්‍යය ලෙස දහසයවන සහ දහහත් වන සියවසේ ලැන් සැන්ග් (Lan Xang) හි සාහිත්‍යය හොදා ගෙන ඇත.
ලාඕස් ආහාර රටේ වාර්ගික විවිධත්වය පිළිබිඹු කරනු ලබයි. ලාඕසයෙහි පොදු ආහාර අතර පවා ප්රාදේශීයව වෙනස්කම් දැකගත හැකිවේ. පොදු ලාඕස් ආහාර වේලක් සඳහා මහඟු කුළුබඩු වලින් සමන්විත හීන්කොට කපන ලද මාළු හෝ කුකුළු මස් සහ ඇලෙන සුළු බත් සමඟ සපයනු ලබයි.