ලෙන්‍යාද්‍රි | |
---|---|
![]() ලෙන්‍යාද්‍රි සංකීර්ණය | |
පිහිටුම | ජුන්නර්, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ඛණ්ඩාංක | 19°14′34″N 73°53′8″E / 19.24278°N 73.88556°Eඛණ්ඩාංක: 19°14′34″N 73°53′8″E / 19.24278°N 73.88556°E |
ලෙන්‍යාද්‍රි (මරාඨි: लेण्याद्री, Leṇyādri), හෙවත් ඇතැම් අවස්ථාවල දී ගණේෂ ලෙන, ගණේෂ් පහාර් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ ජුන්නර් සිට 4.8 කිලෝමීටර (3.0 mi) පමණ උතුරින් පිහිටි ලෙන් 30කින් යුත් බෞද්ධ ලෙන් සමූහයකි. ජුන්නර් නගරය අවට ඇති සෙසු ලෙන් වන්නේ: මන්මෝඩි ලෙන්, ශිව්නේරි ලෙන් සහ තුල්ජා ලෙන් ය.
මුලින් බෞද්ධ විහාරයක්ව තිබූ මෙහි ලෙන් අංක 7, පසුකාලීන ගණේෂ වන්දනය සඳහා වූ හින්දු දේවාලයක් බවට පත්ව ඇත. එය බටහිර මහාරාෂ්ට්‍රයේ ඇති ප්‍රධාන ගණේෂ දේවාල අටක් වන අෂ්ටවිනායක් දේවාල අතුරින් එකකි. ලෙන්වලින් විසිහයක් අංකනය කොට ඇත. දකුණට මුහුණලා ඇති ලෙන් නැගෙනහිර සිට බටහිර දිශාවට අංකනය කොට ඇත.[1][2][3] ලෙන් අංක 6 සහ 14 are චෛත්‍යගෘහ වන අතර සෙසු ලෙන් විහාර (ආවාස ශාලා) වේ.