ලෝමස් ඍෂි ලෙන | |
---|---|
![]() ලෝමස් ඍෂි ලෙනෙහි පිවිසුම, බරාබර් ලෙන්. | |
මූලික තොරතුරු | |
පිහිටීම | සුල්තාන්පූර් |
භූගෝලීය ඛණ්ඩාංක | 25°00′23.2″N 85°03′52.3″E / 25.006444°N 85.064528°Eඛණ්ඩාංක: 25°00′23.2″N 85°03′52.3″E / 25.006444°N 85.064528°E |
අනුබැඳියාව | ආජීවිකයන් හෝ බුද්ධාගම,[1] පසුව හින්දු ආගම (ක්‍රි.ව. 5වන සියවස) |
දිස්ත්‍රික්කය | ජෙහානාබාද් දිස්ත්‍රික්කය |
ජනපදය | බිහාරය |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ශෛලිය | ගලෙහි-කැනි ලෙන |
ලෝමස් ඍෂි ලෙන යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන බිහාර් හි ජෙහානාබාද් දිස්ත්‍රික්කයේ බරාබර් සහ නාගාර්ජුනී කඳුවල පිහිටි බරාබර් ලෙන් අතර ප්‍රධාන ලෙනකි. මෙම ලෙන කැන ඇත්තේ සිද්ධස්ථානයක් ලෙස ය. මෙය නිර්මාණය වූයේ ක්‍රි.පූ. 3වන සියවසේ මෞර්ය අධිරාජ්‍යයෙර් අශෝක රජ සමයේ හ. එය එකල ජෛනාගමිකයන් හා තරග වැදි ආජීවිකයන් උදෙසා ඉදිකෙරුණකි. ආජීවිකයන් අදේවවාදීන් වූ අතර[2] වේද මෙන්ම බෞද්ධ ඉගැන්වීම් ද ඔවුහු ප්‍රතික්ෂේප කළහ. ඔවුන් බරාබර් ලෙන්වල බවුන් වඩන්නට ඇතැයි පැවසේ.[3][4] එසේවුව ද, ලෝමස් ඍෂි ලෙන ආජීවිකයන් සඳහා නිර්මාණය වූ බවට ප්‍රමාණවත් අභිලේඛනමය සාක්ෂි හමු නොවේ. අශෝක යුගයේ ඉදිවූ බරාබර් හි සෙසු ලෙන් බොහෝමයක් බෞද්ධයන් සඳහා ඉදිවූ ලෙන් වේ.[1]
{{cite book}}
: Invalid |ref=harv
(help) originally published by Luzac & Company Ltd., London, 1951.