වන්නිය (දෙමළ: வன்னி, ඉසිරැවීම: ʋənni; ඉංග්‍රීසි: Vanni) යනු සිරි ලකෙහි උතුරු පළාතේ ප්‍රධාන බිම් පෙදෙසට ලබා දී ඇති නමයි. මන්නාරම්, මුලතිව් හා වවුනියා දෙසිතිත් කිලිනොච්චි දෙසිත්තෙහි බොහෝ පෙදෙසුත් අයත් වන්නිය දළ විසින් වර්ග කිලෝමීටර 7,650 (හතරැස් සැතැපුම් 2,950) ක වපසරියකින් යුතු යි.[1] අතීතයෙහි මීට වඩා ඉපුළුල් පෙදෙසක් වන්නිය නමින් හැඳින්විණි.
සිංහලයෙහි 'වන්නි' යන්නෙන් 'වනයෙහි පිහිටි ප්‍රදේශ' හැඟැවෙයි.[2] වනහි වූයේ 'වන්නි' (වන්‍ය) වෙයි.[3][a] කාලිංග මාඝ ඇක්මුම හා තුන් වැනි විජයබා රජු හා ගැනැ එන විස්තරෙහි 'වන්නි' යන වදන ලිඛිත ඉතිහාසයෙහි මුලින් මැ හමුවෙයි.[3] රුහුණෙහි හා මායා රටෙහි හා උන් වන්නි නිරිඳුන්, මහවන්නින්, සිරිවන්නින් ගැනැ ද ඉතිහස්හි දැක්වෙයි.[4][b] “වන්නියලෑත්තෝ” යනු වැද්දන් අතරැ බහුලවැ යෙදෙන නමෙකි. දෙමළුවෙහි 'වන්නි' යන්න කැලෑව යන අරුතැති 'வனம்' (vaṉam) යන්නෙන් බිඳුණ හ යි දක්වා ඇත. [5] 'වන්නියර්' නමින් හැඳින්වෙන ජන පිරිසක් ඉන්දියාවේ උතුරු තමිල්නාඩුවෙහි වෙසෙන අතර එ වදනට දී ඇති නිරුත් අතර 'ගින්න' යන අරුතැති සකු 'वह्नि' (vahni) යන්නෙන් ආ බව ද වෙයි.[6]