ව්‍යාභිචාර තහංචියක් යනු, ඥාතීන් අතර ලිංගික සම්බන්ධතාවයන් හා බැඳි ව්‍යවහාරයන් තහනම් කෙරෙන, ඕනෑම සංස්කෘතික නීතියක් හෝ ධර්මතාවකි. ලිංගික හෝ විවාහ සහකරුවන් ලෙසින් සුදුසු හෝ නුසුදුසු වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ධර්මතාවයන් සමස්ත මානව සංස්කෘතීන් තුලම පවතින අතර, සමහරක් කිට්ටු ඥාතීන් සහකරුවන් විය නොහැකි බවට සැලකෙයි. කෙසේවෙතත්, කුමන ආකාරයක ලේ ඥාතීන්, අවසර ලැබිය හැකි සහකරුවන්ද යන්න සහ කුමන ආකාර අවසර නොලැබෙන්නන්ද යන්න පිළිබඳ, ලිහිල් එකඟතාවයන් පවතියි. මෙම තහංචියට යටත් වෙන ඥාතීන් අතර සිදුවන ලිංගික සම්බන්ධතාවයන් ව්‍යාභිචාරයන් ලෙස සැලකේ. බොහෝ සංස්කෘතීන් තුල, සමහර ආකාරයක ඥාති සහෝදරයන් අතර සම්බන්ධතාවයන්, ලිංගික සහ විවාහ සහකරුවන් ලෙසින්, අභිරුචිකර වන අතර, අනෙක් සමහර සංස්කෘතීන් තුල ඒවා තහනම් වෙති. සොයාගත හැකි වංශාවලිමය ඥාතිත්වයන් නොමැති වුවත්, ගෝත්‍ර-සාමාජිකයන් අතර සම්බන්ධතා සමහරවිට වැළැක්වෙන මුත්, අනෙකුත් ගෝත්‍ර වල සාමාජීකයන් සඳහා අවසර ලැබෙන්නේ ලේ නෑකම් පිළිබඳ කිසිත් නොසලකමිනි. නැන්දා/මාමා වරුන් අතර සහ මස්සිනා/නෑනා වරුන් අතර ලිංගික සහ විවාහක සම්බන්ධතා ඇතිවීමට බොහෝ සංස්කෘතීන් විසින් ඉඩ හරිති. සමහර අවස්ථාවලදී,සහෝදර -සහෝදරී විවාහ සිදු වී ඇත. සංස්කෘතික සාර්ව ලාක්ෂණිකයක් ලෙසින් ව්‍යභචාරි තහංචියේ සම්භවය පිළිබඳ මෙහිදී ප්‍රශ්න මතුවන අතර, එය පදනම්ව ඇත්කේ ස්වභාවය හෝ සම්භෘතිය මතද යන්න විමසමින් ප්‍රශ්න සකසා ඇත.[උපහරණ ඇවැසිය] මව්පි-දරු සහ එක්වීම් සම්පූර්ණයෙන්ම පාහේ සාර්වත්‍ර ලෙසින් තහනම් කර ඇත.[1]