වාමන දේවාලය | |
---|---|
![]() ඛජුරාහෝවේ වාමන දේවාලය | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ[1] |
භූගෝලීය ඛණ්ඩාංක | 24°51′11″N 79°55′10″E / 24.85306°N 79.91944°Eඛණ්ඩාංක: 24°51′11″N 79°55′10″E / 24.85306°N 79.91944°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දිස්ත්‍රික්කය | ඡතර්පූර්, ඛජුරාහෝ[1] |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | චන්දේල පාලකයින් |
වාමන දේවාලය (දේවනගරි: वामन मंदिर) යනුවෙන් හැඳින්වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් වන වාමන හට පිදූ හින්දු දේවාලයකි.[1] මෙම දේවාලය ක්‍රි.ව. 1050-1075 අතර කාලයේ නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[1] මෙය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ඛජුරාහෝ ස්මාරක සමූහයට ඇතුළත් දෙවොලකි.
මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝවේ නැගෙනහිර සමූහය තුළ ය.[1] එය බ්‍රහ්ම දේවාලයේ සිට මීට 200ක් පමණ ඊසානදිගින් පිහිටා ඇත.[1]
මෙහි ගර්භගෘහයක්,[1] අනතරාලයක්,[1] මහා-මණ්ඩපයක්[1] සහිත පාර්ශ්වික හරස් අංශයක්[1] සහ ප්‍රවේශ ද්වාරමණ්ඩපයක් දැකගත හැක.[1]