විලාසිතා බ්ලොග් යනු ඇඟලුම්කරණයේ විලාසිතා හා විලාසිතා උපකරණ ආවරණය කරන බ්ලොග් වර්ගයකි.
විලාසිතා බ්ලොග් මුලිකවම කැප වී තිබෙන්නේ ඇඟලුම්කරණයේ විලාසිතා හා විලාසිතා උපකරණ ආවරණය කිරීමටයි. මේ සඳහා පහත ක්ෂේත්‍ර පිළිබඳව වූ බ්ලොග් ඇතුලත් වේ.
බ්ලොග් විසින් සියලු විලාසිතා මට්ටම් ආවරණය කරනු ලබයි. ඒ විශාල වෙළඳ නාම හා සුවිසල් නිර්මාණකරුවන්ගේ සිට මහමඟ හමුවන ඇඟලුම් දක්වාය.
බොහොමයක් විලාසිතා බ්ලොග් සාප්පු සවාරි බ්ලොග් ලෙස ද වෙන් කර දැක්විය හැකිය. මන්ද යත් ඒවායේ දී වැඩිපුර සාකච්ඡාවට බඳුන් වන්නේ සාප්පු සවාරි යාම පිළිබඳ උපදේශ, පාරිභෝජක නිර්දේශ වන බැවිනි. සමහරක් විලාසිතා වෙළෙඳුන් ඔවුන්ගේම ව්‍යාපාරය නඟා සිටුවීම සඳහා ඔවුන්ගේම බ්ලොග් ආරම්භ කර ඇත.
"තරුණයන්ගේ පුද්ගලික දින පොත්" වැනි ඉද හිට විලාසිතා ගැන සඳහන් කරන බ්ලොග් විලාසිතා බ්ලොග් ලෙස වර්ගීකරණය නොකරයි.
විලාසිතා යනු බහු බිලියන ඩොලර් කර්මාන්තයක් වන අතර එය සාමාන්‍ය මිනිසුන් අඳින පළිදින ආකාරයට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. විලාසිතාවක් ප්‍රවණතාවයක් බවට පත් වු විට හා එම ප්රවනතා අනුගමනය කිරීමට විලාසිතා බ්ලෝග් මගින් නව ක්‍රම හදුන්වා දෙයි.එවිට ඒවා කර්මාන්තය කෙරෙහි සැලකිය යුතු මට්ටමේ දීර්ඝ කාලීන බලපෑමක් ඇති කළ හැකිවේ.
විලාසිතා ජනමාධ්‍ය කරුවන් විසින් විලාසිතා බ්ලෝග් හා කර්මාන්තය මත ඒවා මගින් ඇති කරන බලපෑම ගැන සදහන් කරන වාක්‍ය කිහිපයක් පහත දැක්වේ.
විලාසිතා බ්ලොග් විදි කිහිපයකට වර්ගීකරණය කළ හැකිය .
විලාසිතා බ්ලොග් අභ්‍යන්තරයෙහි වූවන් හෝ බාහිරෙහි වූවන් හෝ අභ්‍යන්තරයෙහි වූ බලාපොරොත්තු සහගත අය විසින් ලියනු ලැබේ.
අභ්යන්තරෙහි වූ අය යනු විලාසිතා කර්මාන්තය තුළ කටයුතු කරන (හෝ කටයුතු කර ඇති) හෝ සාම්ප්‍රදායික විලාසිතා මාධ්‍ය සඳහා කටයුතු කරන පුද්ගලයන්ය. මීට අමතරව සමහරක් විලාසිතා හි අභ්‍යන්තරයේ වූ අය විශාල අඩවි තුළ දී අමුත්තන් ලෙස බ්ලොග් ලිවීම සිදු කරයි. උදාහරණයක් ලෙස විලාසිතා නිර්මාණකරුවෙකු වන නැනට් ලෙපෝරේ glam.com සඳහා දායක වී ඇත.
බාහිර පුද්ගලයන් යනු සාමාන්‍යයෙන් විලාසිතාවලට ඉතාමත් කැප වූ පාරිභෝජකයන් වීම තුළින් විලාසිතා පිළිබඳ හසල දැනුමක් (හෝ අඩුම තරමින් ශක්තිමත් ආකල්ප) ඇති පුද්ගලයන්ය.
අභ්‍යන්තරයෙහි වූ බලාපොරොත්තු සහගත පුද්ගලයන් විලාසිතා කර්මාන්තයේ හෝ මාධ්‍යයෙහි කටයුතු කරන අතර ඔවුන් බ්ලොග් විලාසිතා, ලිවීම මඟින් රැකියා අවස්ථාවක් විවර කර දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ය. ඔවුන්ගේ බ්ලොග්වල ශක්තිමත්භාවය නිසා විලාසිතා කර්මාන්තය තුළ සේවයෙහි යෙදී සිටින පුද්ගලයන්ගේ නිදසුන් අතරට පහත අය ඇතුළත් වේ.
විලාසිතා බ්ලොග් තනි පුද්ගලයන්ට හෝ සමාගමවලට අයත් විය හැකිය.
තනි පුද්ගලයන් මඟින් සිදු කරගෙන යන විලාසිතා බ්ලොග් ඉහත ලැයිස්තුගත කර ඇත.
දැනට විලාසිතා බ්ලොග් පවත්වාගෙන යන සමාගම් වර්ගවලට විශාල මාධ්‍ය සංවිධාන හා විලාසිතා විකිණුම්කරුවන් ඇතුළත් වේ. විලාසිතා බ්ලොග් අයිති මාධ්‍ය සංවිධාන අතරට ද ටයිම්ස් (UK) කොන්ඩේ නාස්ට් ප්‍රකාශකයන් (US), වරයිටි (US) හා සිඩ්නි මෝර්නිං හෙරල්ඩ් (ඕස්ට්‍රේලියා) ඇතුළත් වේ. ෆැෂන් බ්ලොග් අයත් විකුණුම්කරුවන් අතරට බටර්ෆලයි හා ස්ලෙන්ඩෝරා ඇතුළත් වේ.
බොහෝමයක් සාර්ථක විලාසිතා බ්ලොග් යම් නිශ්චිත තේමාවක් හෝ කෝණයක් අනුගමනය කරයි. සමහරක් ඔවුන්ගේ පථය එක් විලාසිතා වර්ගයකට සීමා කර ඇත. උදාහරණ පාවහන්, අත් බෑග් හෝ ඩෙනිම්. සමහරක් ඒවා යම් මිළ මට්ටමක් සඳහා විශේෂිත වේ. සාමාන්‍යයෙන් ඉතා ඉහළ මට්ටමේ හෝ ආර්ථික මට්ටමට ගැලපෙන මිළ මට්ටම් විශේෂිත වේ. සමහරක් ප්‍රසිද්ධ විලාසිතා පමණක් ආවරණය කරන අතර අනෙක්වා එදිනෙදා හමුවන විලාසිතා ආවරණය කරයි. සමහරක් මෙම මාතෘකාවලින් දෙකක හෝ කිහිපයක එකතුවක් ආවරණය කරයි.