වොරියර් බෙක් දොං-සූ | |
---|---|
මෙලෙසද හැඳින්වේ | The Warrior, Baek Dong-soo |
ප්‍රභේදය | කාලාන්තර නාට්‍ය ක්‍රියාදාම ප්‍රේම කථා නාට්‍ය |
මත පදනම්ව | ලී ජේ-හොන්ගේ ඔනරබල් බෙක් දොං-සූ ඇසුරෙනි |
රචනය කලේ | ක්වොන් සූන්-ක්යු |
අධ්‍යක්ෂණය කලේ | ලී හ්යුන්-ජික් කිම් හොං-සුන් |
රඟපෑම | ජි චං-වූක් යූ ස්‍යුං-හෝ යූන් සෝ-යි ෂින් හ්යුන්-බින් චෝයි මින්-සූ ජුන් ක්වං-ර්යුල් |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 30 |
නිෂ්පාදනය | |
ස්ථානය(න්) | කොරියාව |
ධාවන කාලය | සඳුදා සහ අඟහරුවාදා 21:55ට (KST) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝල් විකාශන පද්ධතිය |
මුල් ධාවනය | 4 ජූලි 2011 | – 10 ඔක්තෝබර් 2011
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | ලයි ටු මී |
අනුගමනය වනුයේ | අ තවුසන්ඩ් ඩේ’ස් ප්‍රොමිස් |
බාහිර සබැඳි | |
SBS නිල වෙබ්අඩවිය |
වොරියර් බෙක් දොං-සූ (කොරියානු: 무사 백동수; ප්‍රරෝ: මුසා බෙක් දොං-සු) යනු 2011 දකුණු කොරියානු ප්‍රබන්ධ ඓතිහාසික කතාමාලාවක් වන අතර, එහි ප්‍රධාන චරිත නිරූපණය ජි චං-වූක්, යූ ස්‍යුං-හෝ, යූන් සෝ-යි, ෂින් හ්යුන්-බින්, චෝයි මින්-සූ සහ ජුන් ක්වං-ර්යුල් විසින් සිදුකොට ඇත.[1] මෙය SBS නාළිකාව ඔස්සේ 2011 ජූලි 4 සිට ඔක්තෝබර් 10 වනදා දක්වා සඳුදා සහ අඟහරුවාදා දිනවල 21:55ට කථාංග 29කින් යුක්තව විකාශය කරන ලදී.[2][3] මෙය 2010දී ප්‍රකාශයට පත් වූ චිත්‍රකථාවක් වූ ලී ජේ-හොන්ගේ Honorable Baek Dong-soo ඇසුරෙන් නිමවා ඇත. මෙමගින් ජොසොන් රාජවංශයේ ඓතිහාසික චරිතයක් වූ බෙක් දොං-සූ අසිපත්කරුවකු සහ ජනතා වීරයකු බවට පත් වූ අයුරු නිරූපිත ය. එසේම බෙක් ජොංජෝ රජු විසින් පත්කරන ලද මුයෙදොබොතොංජි නම් වූ ප්‍රධාන යුධ කෘතියෙහි කතුවරයින් තිදෙනාගෙන් එක් අයෙකි. ජොසොන් රාජවංශයේ දේශපාලන පක්ෂ අතර, එනම් ජොංජෝ රජු, ක්විං තානාපති, ජපන් අසිපත්කරු කෙන්සෝ, සහ ඝාතක හ්‍යුක්සා චොරොං වැන්නවුන්ගේ බල අරගල මැදින් දිවෙන මේ කතාමාලාව සහෝදරත්වය, මිත්‍රත්වය, පාක්ෂිකභාවය සහ ගෞරවය පිළිබඳ කරුණු රැසක් අපට හෙළිකරයි.[4]
මෙය තායිලන්තය තුළ මෙය චැනල් 7 නාළිකාව ඔස්සේ nạk s̄ū̂ khū̀ bạllạngk̒ (นักสู้คู่บัลลังค์) යන තේමාව ඔස්සේ 2014 මැයි 15දින විකාශය අරඹන ලදී.[5]
{{cite web}}
: no-break space character in |title=
at position 17 (help)