ශ්‍රී ලංකා ශිඛාමණී (ඉංග්‍රීසි: Sri Lanka Sikhamani) යනු පුද්ගලයෙකු විසින් "ජාතියට සිදුකරන ලද මෙහෙවර" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.[1] සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් ශ්‍රී ලංකා ශිඛාමණී යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. ශ්‍රී ලංකා ශිඛාමණී අභිධානය, කලා කීර්ති අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.