ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය ඉතා උසස් වූ වාස්තු විද්‍යාත්මක හැඩ රේඛා හා ශෛලීන් විදහා පායි. 3 වන ශතවර්ෂයේදී[1] බුදු දහම ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් දා සිට එය ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි සැලකිය යුතු ලෙස බල පවත්වා ඇත. කෙසේ වුවත් ශ්‍රී ලංකානු ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රධාන භූමිකාවක් යුරෝපීය මෙන්ම ආසියානු තාක්ෂණය හා ශෛලීන්ද රඟ දක්වනු ලබයි.
ලෙන් විහාර පිළිබඳ මූළික සාක්ෂි හමුවී ඇත්තේ මිහින්තලේදීය. මෙම ලෙනෙහි දක්නට ඇති අනන්‍ය ලක්ෂණය වන්නේ ගල් සිවිලිමේ ඉහළ දාරයෙහි කැටයම් කර ඇති කටාරම් ගැටියයි. එය වර්ෂා ජලය ලෙන තුලට ගලා ඒම වැලැක්වීමට දායක වෙයි. කාලයත් සමගම මෙම ලෙන් විහාර වලට ද්වාර, ජනේල සහ ගල් හෝ ගඩොල් යොදා බඳින ලද ප්‍රාකාර එකතු විය.මෙම ප්‍රාකාර සහ පියැසි අලංකාර කිරීම සඳහා සුදු පැහැ බදාම ආලේප කර ඒ මත අලංකාර සිතුවමි ඇඳීම සිදු කරන ලදි. මෙය දඹුලු ලෙන් විහාරය නැරඹීමේදී මනාව ප්‍රත්‍යක්ෂ වේ.ලෙන් පතුල ඉදි කිරීම සඳහා මැටි පස යොදා ගෙන ඇති අතර එයට යටින් කුඩා ගල් පතුරු ඇසිරීම සිදු කර ඇත.
දඹුලු ලෙන් විහාරය සහ සිතුල්පව්ව ගුහා සංකීර්ණයන්ගේ එක සංකීර්ණයක ලෙන් 80 බැගින් අඩංගු වන අතර,කලුදිය පොකුණ සහ මිහින්තලේ ලෙන් විහාර ගොඩ නැඟීම සඳහා ගඩොල් වලින් බඳින ලද ප්‍රාකාර ,විවෘත වූ කලු ගල් වලින් සකසන ලද ජනේල සහ සිවිලිම් යොදා ගෙන ඇත. ගල් විහාරය පොළොන්නරුව සහ දඹුලු ලෙන් විහාරය ආරම්භක අවදියේදී ලෙන් විහාර ලෙස ගොඩ නඟා ඇති අතර පසු කාලීනව මෙම ලෙන් විහාර පිළිම ගෙවල් බවට පරිවර්තනය වී ඇත.
දාගැබ් නොහොත් ස්ථූප විවිධ හේතුන් නිසා විශේෂණීය වේ. ඒවා ප්‍රාග් නූතන යුගයේ හමුවූ ගඩොල් වලින් තනන ලද විශාල ඉදිකිරිම් ලෙස ප්‍රකාශිතය. මෙතෙක් නිම කළ නොමැති දෙමළ මහා සෑය අඩි 2,011 (මීටර 613) ක වට ප්‍රමාණයකින් යුක්ත වේ. ලෝකයේ නිර්මාණය කරන ලද විශාලතම ස්තූපය ලෙස සැළකෙන්නේ ජේතවනාරාමයයි. එහි විශ්කම්භය අඩි 367 (මීටර 112 ) ක් හා උස මීටර 120 කට වඩා වැඩි වන අතර එහි අත්තිවාරම මීටර 28ක් පමණ ගැඹුරු වේ. එය ඉදිකිරීම සඳහා රාත්තල් 368 ක බරක් දරා සිටිය හැකි ගඩොල් අවශ්‍ය විය. පුරාණ ලෝකයේ හමුවන ගොඩනැඟිලි අතුරින් ජේතවනාරාමයයි උස අතින් තෙවන ස්ථානයේ පසුවෙයි. අභයගිරිය (අඩි 370) සහ රුවන්වැලි දගැබ් (අඩි 300) පිලිවෙළින් පස් වන සහ හත් වන ස්ථානයන්ගේ පසුවේ.( පළමුවන, සිව්වන සහ සයවන ස්ථාන ඊජිප්තුවේ පිරමීඩ දරයි.)
දාගැබ් ඉදිකිරීම ඉතා වටිනා කුසලතාවයක් ලෙස අතීතයේදී සලකන ලදි.එය ඉදි කිරීමේ මූලික අරමුණ වන්නේ ධාතු නිදන් කිරීමයි. දාගැබ් ඉදි කිරීමේ ක්‍රියාවලිය ඉතා සියුම් අකාරයකට සිදු කර ඇත. දාගැබ් වලට ඇතුල් වන දොරටුව පිහිටා ඇත්තේ එහි මධ්‍යම රේඛාව ධාතු නිදන්කර ඇති මැදිරිය දෙසට මුහුණලා ඇති පරිදිය.ආරම්භයේදී පැවතියේ එක් ධාතු මැදිරියක් පමණක් වන අතර පසු කාලීනව ස්ථූප නැවත ප්‍රතිසංස්කරණයේදී අමතර ධාතු මැදිරි හඳුන්වා දෙන ලදි.
දාගැබ් එහි නිර්මාණාත්මක ව්‍යූහය හා ස්ථායිතාව හේතුවෙන් මහත් අගය කොට සලකනු ලබයි.1980 දී ජෙතවනාරාමය පරීක්ෂා කර බැලූ විද්‍යාඥයන් පවසන ලද්දේ එහි හැඩය උත්කෘෂ්ඨවත් ලෙස අමුද්‍රව්‍ය යොදා ගෙන සකසා ඇති බවය. ජේතවනාරාමය, අභයගිරිය,රුවන්වැලිසෑය සහ මිරිසවැටිය ස්ථූප ආරම්භයේදී ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වූ අතර පසු කාලීනව අනෙකුත් හැඩයන් සංවර්ධිත විය. නාඩිගම්විල දිගම්විල ස්ථූපය ලූනු ගෙඩියක හැඩයෙන් යුක්ත වන බවට අදහස් ඉදිරිපත් වී ඇත.
2 වන ශත වර්ෂයේදී පමණ අලංකාර වාහල්කඩයන් ස්ථූප වලට එකතු වන ලද අතර ප්‍රථම වාහල්කඩ චෛත්‍ය සමඟ නිර්මාණය විය. සතර වාහල්කඩයන් එක් කේන්ද්‍රයකට මුහුණ පායි. එය සත්ව, පුෂ්ප, හංස සහ වාමන රූප වලින් අලංකාරය වී ඇත. වාහල්කඩ දෙපස ඇති කුළුණු දාගැබේ සැලැස්ම මත පදන්ම්ව සිංහ, හස්ති, අශ්ව හෝ වෘෂභ සත්ව රූප දරාගෙන සිටී.
දාගැබ් ඉදිකිරීමේදී ගඩොල් එකිනෙක බැඳීම සඳහා මැටි වලින් සකසන ලද තුනී දියාරු මිශ්‍රණයක් උපයෝගී කරගෙන ඇත. එය වෙඬරු මැටි හෝ නවනිට මැට්ටික ලෙස හඳුන්වයි. මෙය සකසා ඇත්තේ සියුම්ව අඹරන ලද ඩොලම්යිට් හුණු ගල් සහ පෙරණ ලද වැලි සහ මැටි පස එකට මිශ්‍ර කිරීමෙනි.
ඉන්පසු ස්තූපය හුණු බදාමයකින් අවරණය කිරීම සිදු කරයි.මෙම බදාමය බොහෝදුරට අඟල් දහසයකින් පමණ ඝණකමකින් යුක්ත වේ. විවිධ අමුද්‍රව්‍ය සංයෝජනය කර තනන ලද හුණු බදාම වර්ග රාශියක් එකල මේ සඳහා භාවිතා කර ඇත. මිශ්‍රණය සඳහා යොදා ගෙන ඇති ද්‍රව්‍ය වන්නේ, හුණු, මැටි පස, වැලි, බොරළු, කුඩු කල සිප්පි කටු, සීනි සිරප්, බිත්තර සුදු මදය, පොල් වතුර, දුම්මල කොල, වෙලුම් තෙල්, ගම් සහ සුදු කූඹින්ගෙ ඛේටයයි. මෙම ද්‍රව්‍ය සමහරක් පිළිබඳ මහාවංශයේ සඳහන් වේ. කිරි විහාරය (2 වන ශතවර්ශය ) සඳහා කුඩා බොරළු වලින් සකසන ලද අගනා බදාමයක් යොදා ගෙන ඇත. 5 වන සිට 12 වන ශතවර්ෂ අතර ඉදි වූ ස්තූප වල බදාම සඳහා යොදා ගෙන ඇත්තේ කුඩු කල සිප්පි කටු, හුණු සහ වැලි යොදා සැකසූ මිශ්‍රණයකි. ජලයට ඔරොත්තු දීම වැනි විශේෂ අරමුණු සඳහා පමණක් මිල අධික අමුද්‍රව්‍ය යොදා ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ මෙන් නොව අනෙකුත් රට වල ස්ථූපයන් අකුණු පහර වලට නොයෙක් විට ලක් වී ඇත. මේ සඳහා ඔරොත්තු දෙන ආකාරය පිළිබඳ විස්තර මහවංශයේ සඳහන් වේ. එහි සැළකෙන ආකාරයට දාගැබ මුදුනේ ඇති කේතුකාකාර ලෝහ ආවරණය සහ එහි "වජිර" යෙහි භූගත කිරීමේ ගුණය පවතී. එසේම තඹ ඉරුවක් අත්තිවාරම මත අතුරා ඒමත ආසනික් ද්‍රවිත තල තෙල් ඇතිරීම මඟින් සුදු කූඹින් පළවා හැරීම සහ ස්තූපය තුල පැළෑටි වර්ධනය වීමද වළකන බව එහි තව දුරටත් සඳහන් වෙයි.
යටත් විජිතයන් ලංකාවට පැමිණීමෙන් පසුව ඔවුන් තමන්ටම ආවේණික වූ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයක් මෙරට තුල සංස්ථාපිත කරන ලදි. එම කාලයේ වූ ගෘහ නිර්මාණ සහ නවීන නිර්මාණ තුලින්ද මෙ සඳහා සාධක හමුවේ. පෘතුග්‍රීසීන් තැනූ ගොඩනැගිලි අතරින් ඉතා ස්වල්පයක් දැනට ඉතිරි වී ඇති අතර කෙසේ වුවත් ලන්දේසී යුගයේ වූ ගොඩනැගිලි බොහොමයක් වෙරළාශ්‍රිතව දැකගත හැකි වේ. උදාහරණයක් වශයෙන්, ලන්දේසින් විසින් 1663 දී ගොඩ නඟන ලද පැරණි ගාල්ල නගරය සහ එහි ආරක්ෂාව සැළසීම සඳහා තනන ලද ගොඩනැඟිලි යුනෙස්කෝ ලෝක උරුමයන් ලැයිස්තුවට එක් වීමට සමත් වී ඇත.
ඓතිහාසික වශයෙන් වදගත් වූ ගොඩනැඟිලි බොහොමයක් තනා ඇත්තේ මෙම යටත් විජිත පාලන සමය තුලදීය. ඒවා බොහෝ විට නිර්මාණය කර ඇත්තේ එකල මෝස්තරයක්ව පැවති යුරෝපීය ගෘහනිර්මාණ ශිල්ප වන ඇතීනියානු, පුනරුදය සහ නව සම්භාව්‍ය ශිල්ප එකක් හෝ කිහිපයක එකතුවකින් බව සැලකේ.