ශ්‍රී ලංකාව සෑම විටම පාහේ AT Kearney, සහ කොළඹ විසින් හොඳම අවුට් සෝසිං ගමනාන්ත 50 අතර ශ්‍රේණිගත කර ඇති අතර Global Services Magazine විසින් "ඉහළම නැගී එන නගර 20" අතරට ශ්‍රේණිගත කර ඇත.[1] මෙම කර්මාන්තයේ අපනයන ආදායම 2007 දී ඩොලර් මිලියන 213 සිට 2021 දී ඩොලර් බිලියන 1.2 දක්වා වර්ධනය විය.[2][3][4][5]
මේ සඳහා ශ්‍රී ලංකාවේ අැති ප්‍රධාන අායතනයක් වන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ අායතනයයි (Sri Lanka ICTA - Sri Lanka Information Communication Technology Agency) නව තාක්ෂණයෙන් සමාජය සවිබල ගැන්වීමත් අන්තර් සම්බන්ධතා ලොව වර්ධනය වීමත් නිසා පසුගිය දශකය පුරා දැනුම හා තොරතුරු ලබා ගැනීම වැඩි වෙමින් පවතී. මේ වන විට දකුණු ආසියාතික කලාපයේ අනෙකුත් රටවල් හා සංසන්දනය කරන විට නවීන තාක්ෂණය තුළින් සන්නිවේදන සේවා සැපයීම සම්බන්ධයෙන් පෙරමුණේ සිටින රට ශ්‍රි ලංකාව බවට පත්ව ඇත.