මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම විදේශිකයකයන්ගේ ආකර්ෂණයට ලක්වූ දිවයිනකි. ග්‍රිසිය, මැද පෙරදිග, පෘතුගාලය, ඕලන්දය, එංගලන්තය ආදී රටවලින් අතීතයේ පටන්විදේශිකයන් ලංකාවට පැමිණි බවට සාක්ෂි ඇත. අපේ පුංචි ලක්දිව ස්වාභාව සෞන්දර්යෙන් අනූන වීම මතුනොව, ආර්ථික,සංස්කෘතික හා දේශපාලනමය වටිනාකමින් යුක්ත වීමද මෙසේ විදේශිකයන්ගේ පැමිණීමට හේතු වී තිබේ. විදේශිකයන්ගේ ලංකාගමනය නූතන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එහෙත් සංචාරකයා යන හැදින්වීම අර්ථ දක්වන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විදේශිකයෙක්ම සංචාරකයකු නොවන බවයි. දේශගුණික අපහසුතාව ආධ්‍යාත්මික සුවය හා සරල ඡීවිතය ස්වාභාව සෞන්දර්යෙන් ලබන වින්දනය,විවේකය,ඓතිහාසික, වටිනාකම ආදී කරුණු අගය කරමින් ලංකාවට පැමිණෙන විදේශිකයන් සංචාරකයන් වශයෙන් හැදින්විය හැකිය. ශ්‍රී ලංකාව මතු නොව නූතනයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් රාශියක් සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ස්වකීය රටවල් කරා අද්දවා ගනී.ඒ නිසා සංචාරක ව්‍යාපාරය රටක අනාගත චිරස්ත්තිය සදහා හේතු වේ.
ශ්‍රී ලංකාවේ සංචාරක කටයුත්ත කර්මාන්තයක් වශයෙන් වැඩී වර්ධනය වන්නට පටන් ගත්තේ 1960 දශකයේ සිටය. ඉන් පසු එළඹි දශක කීපය තුළ විටෙන අඩාළ වෙමින්ද විටෙක වර්ධනය වෙමින්ද පැවති එය නූතනයේ අපේ ආර්ථිකයට අඩුවැඩි තරමින් බලපෑම් කරන්නට සමත් වී ඇත.1963 දී රුපියල් දශ ලක්ෂ 6ක පමණ ආදායමක් ලබා ගත් අතර 1969 දී එය රුපියල් දශ ලක්ෂ 17 දක්වා වර්ධනය වී තිබිණි. 1977 න් පසුව ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදු වූ විවෘත භාවය සංචාරක ව්‍යාපාරයෙහි දියුණුවට බෙහෙවින් ඉවහල් විය. විවෘත ආර්ථිකය, විදේශීය ආයෝජකයන්ට ඉවහල් විය. විවෘත ආර්ථිකය, විදේශීය ආයෝජකයින්ට ඉඩ ප්‍රස්ථා සැලසීම, විනිමය සීමා කිරීම,වැනි නව ආර්ථික ප්‍රතිපත්ති සංචාරක ව්‍යාපාර විෂයෙහි මහත් බලපෑම් ඇති කිරීමට සමත් විය. 1980 දී ලංකාවට සංචාරකයින් 321,780ත් පැමිණි අතර එම වසරේ විදේශ විනිමය ඉපයුම රුපියල් දශ ලක්‍ෂ 1830කි. 1981 දී මෙය 39% කින් වැඩි වී තිබිණි. 1992 දී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඉපයුම දශ ලක්‍ෂ 18500 විය. ගත වූ දශකයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ වැඩි පිරිසක් බටහිර යුරෝපා රටවලට අයත්ය.
යන රටවලින් විශාල වශයෙන් සංචාරකයෝ ලංකාවට ඇදී ආහ. විනෝදය ව්‍යාපාරික කටයුතු, සාකච්ඡා සම්මේලන, නෑදෑ හිත මිතුරන් හමුවීම ආදී හේතූන් මත මෙම සංචාරකයෝ ලංකාවට පැමිණෙති. ශ්‍රී ලංකාවේ දර්ශනීය මුහුදු වෙරළ, මධ්‍යම කඳු කරය, ඓතිහාසික නටඹුන්, ආගමික හා සංස්කෘතික ස්ථාන, ප්‍රණීත ආහාරපාන මතු නොව ලාංකිකයන්ගේ ආචාරශීලී භාවයද සංචාරකයන්ගේ සිත් ඇඳ බැඳ තබා ගැනීමෙහි සමත් වී ඇති බව පෙනේ.
වර්ෂය | විදේශ විනිමය |
---|---|
1963 | රු.10,000006 |
1969 | රු.10,000017 |
1980 | රු.10,001830 |
1992 | රු.10,018500 |
==සංචාරක කර්මාන්තයෙන් වූ යහපත වන්නේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයත් සමඟ ඒ ආශ්‍රිත නොයෙකුත් කර්මාන්ත දියුණු වූ බව පනේ. සංචාරක ව්‍යාපාරය සෘඡුව මෙන්ම වක්‍රාකාරවද රුකියා වියුක්තිය අඩු කිරිමට යම් තරමකින් හෝ හේතු වූ බව කිව හැක.
සංචාරක ව්‍යාපාරයේම කොටසක් ලෙස නාගරික සංවර්ධන කටයුතුද පුළුල් වී ඇති බව පෙනේ. නගර පිරිසිඳුවටත් අලංකාර ලෙසත් තබා ගැනීම ඉතා වැදගත් වේ. නිර්මාණත්මක ලෙස නගර ඉදිකිරිම, මාර්ග හා ගුවන් තොටුපළ පුළුල් කිරිම,වෙරළ බඩ දර්ශනීය ස්ථාන ආරක්ෂා කිරීම සංචාරක ව්‍යාපාරයේම අතුරු ප්‍රතිඵල ලෙස හැඳින්විය හැක.සංචාරක ව්‍යාපාරයේ අතුරු ප්‍රතිඵල ලෙස අපේ සාම්ප්‍රදායික කලා මාධ්‍යන්ද දියුණුවට පත් වී ඇත.උඩරට,පහත රට බලිතොවිල්,වෙස් මුහුණු ආදී කලාවන්ගේ නවතාවයක් ඇති වූ බව පෙනේ.
==සංචාරක කර්මාන්තයේ අයහපත් ප්‍රතිඵල==
සංචාරක ව්‍යාපාරය වැඩි වැඩියෙන් විදේශ විනිමය උපයන කර්මාන්තයක් වශයෙන් මතු පිටින් පෙනුනද නොදැනුවත්වම වාගේ එය අපේ ඡන ඡීවිතයට කර ඇති හානිය අමතක නොකළ යුතුය. වසර දහස් ගණන් තිස්සේ ලෝකයා ඉදිරියේ බහු මානයට ප්‍රාත්‍ර වූ අපේ සංස්කෘතිය නවීකරණය වන්නට යම් තරමකින් හෝ සංචාරක ව්‍යාපාරයද හේතු විය.
මත් ද්‍රව්‍ය භාවිතය නූතනයේ අපේ තරුණ පරපුර බිලි ගන්නා පිළිලයක් වී ඇත. ගණිකා වෘත්තිය ද වර්ධනය වී ඇති බව පෙනේ. කොළඹ, මහනුවර, හික්කඩුව, බෙන්තොට, මීගමුව වැනි ප්‍රදේශ වල ඇතැම් කාන්තාවන් පමණක් නොව කුඩා ළමුන්ද ගණිකා වෘත්තියට යොමු වී ඇති බව සොයාගෙන ඇත. සීඝ්‍රයෙන් පැතිර යන සමාඡ රෝගයන්ට හේතුව මෙකී සංචාරකයන්ගේ ක්‍රියා කලාපයයි. කෙසේ නමුත් පසුගිය දශක කීපය තුළ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය සඳහා රාඡ්‍ය මට්ටමින් පියවර රාශියක් ගෙන ඇති බව පෙනේ. මෙහි මූලාරම්භය වූයේ 1966 ලංකා සංචාරක මණ්ඩල පනත හා ලංකා හෝටල් සංස්ථා පනතයි.
එච්.එස්. හෙට්ටි ආරච්චිගේ කෘත්‍රියක් ඇසුරෙනි.