ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 1994

3වන ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය
ශ්‍රී ලංකා
← 1993 1994 නොවැම්බර් 9 1999 →
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය73.31%
 
අපේත්ෂකයා චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රීමා දිසානායක
පක්ෂය පොදු පෙරමුණ එක්සත් ජාතික පක්ෂය
ජනප්‍රිය ඡන්ද 4,709,205 2,715,283
ප්‍රතිශතය 62.28% 35.91%

මැතිවරණ කොට්ඨාස අනුව ජයග්‍රාහකයන්.
නිල් පාටින් චන්ද්‍රිකා කුමාරතුංගද
කොළ පාටින් ශ්‍රීමා දිසානායකද දැක්වේ.

ජනාධිපති මැතිවරණයට පෙර

ඩිංගිරි බණ්ඩා විජේතුංග
එක්සත් ජාතික පක්ෂය

ජනාධිපතිවරණයට පසු

චන්ද්‍රිකා කුමාරතුංග
පොදු පෙරමුණ

1994 ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ තුන්වන ජනාධිපතිවරණය වේ. 1994 ඔක්තෝබර් 7 වන දින නාමයෝජනා පිළිගත් අතර මැතිවරණය 1994 නොවැම්බර් 9 දින පැවැත්විණි. මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම 70.47% කි. පාලක පොදු පෙරමුණ අපේක්ෂක අග්‍රාමාත්‍ය චන්ද්‍රිකා කුමාරතුංග නව ජනාධිපති ලෙස තේරී පත් වූ අතර, මුළු ඡන්ද වලින් 62% ක් ඇය ලබා ගත්තාය.

පසුබිම

[සංස්කරණය]

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 1993 දී ත්‍රස්තවාදී කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද අතර ඔහුගෙන් පසුව අග්‍රාමාත්‍ය ඩිංගිරි බණ්ඩා විජේතුංග ඉතිරි කාලය සදහා ජනාධිපති විය. ජනාධිපති විජේතුංග 1994 මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළේය. එබැවින් එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක ගාමිනි දිසනායක මහතා තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රධාන අභියෝගකයා වූයේ 1994 දී පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත් මහජන සන්ධානයේ අගමැති චන්ද්‍රිකා කුමාරතුංග ය.

1994 ඔක්තෝබර් 24 වන දින ජනාධිපතිවරණ සමයේදී ගාමිනි දිසානායක දෙමළ කොටින් විසින් ඝාතනය කරන ලදී. ඡන්ද පත්‍රිකාවේ ඔහුගේ නම ඔහුගේ බිරිඳ ශ්‍රීමා දිසනායක විසින් ආදේශ කරන ලදී.

ප්‍රතිළුලය

[සංස්කරණය]

කුමාරතුංග මැතිවරණය ජයග්‍රහණය කළේ 62.28% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

සං • සා 1994 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයේ සාරාංශය[1]
අපේක්ෂකයා පක්ෂය ජනප්‍රිය ඡන්දය ප්‍රතිශතය
  චන්ද්‍රිකා කුමාරතුංග පොදු පෙරමුණ 4,709,205 62.28%
  ශ්‍රීමා දිසානායක එක්සත් ජාතික පක්ෂය 2,715,283 35.91%
  හඩ්සන් සමරසිංහ ස්වාධීන 58,886 0.78%
  හරිශ්චන්ද්‍ර විජයතුංග සිංහලයේ මහසම්මත භූමිපුත්‍ර පක්ෂය 32,651 0.43%
  ඒ. ජේ. රණසිංහ ස්වාධීන 22,752 0.30%
  නිහාල් ගලප්පත්ති ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ 22,749 0.30%
වලංගු ඡන්ද 7,561,526 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 151,706 1.97%
මුළු ඡන්ද 7,713,232 70.47%
ලියාපදිංචි ඡන්දදායකයින් 10,945,065

යොමුව

[සංස්කරණය]
  • "Result of Presidential Election 1994" (PDF) . මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 2009-03-04 දින මුල් පිටුවෙන් (PDF) සංරක්‍ෂණය කරන ලදි .
  • "1994 Sri Lanka Presidential Election Results" . LankaNewspapers.com.
  • "1994 - Presidential Election" . Manthree.com. 2010-01-30 දින මුල් පිටුවෙන් සංරක්‍ෂණය කරන ලදි .
  1. ^ "Result of Presidential Election 1994" (PDF). Department of Elections, Sri Lanka. 2009-03-04 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-09-03.